Pages

Saturday, January 2, 2016

ඔබගේ රුධිර වර්ගය ඔබ ගැන පවසන විශ්මිත රහස්


බටහිර රටවල මිනිස්සු කසාද බදින්න පෙර තමන්ගේ රුධිරය පරීක්ෂා කර ගන්නවනේ. ඒ උනාට අපි ඉන්න පෙරදිග රටවල එහෙම කරනවා හෝ කලා කියලා අහලා නැනේ.. දැන්නම් රුධිර පරීක්ෂණ කරනවා කසාද බදින්න කලින් සමහර ආසියානු රටවල. නමුත් අතීතයේ ආසියානු රටවල් වන ජපානය, චීනය, කොරියාව වැනි රටවල මිනිසාගේ පෞරෂත්වය මැන බැලීම සදහා රුධිර පරික්ෂාවක් කරලා තියෙනවා. ජපන් ජෝතිෂ්‍යයට අනුව ඔබේ රුධිර වර්ගය ඔබ ගැන පවසන රහස් මොනවා ද බලමු.

ඔබගේ රුධිර වර්ගය A නම්

  මෙම රුධිර වර්ගය ඔබට ඇත්නම් ඔබ නිහඩ ලැජ්ජාශීලි පුද්ගලයෙකි. සබකෝලය ඉතාමත් තදින් තියෙනවා. තමන්ගේ හැගීම් පිටට පෙන්වීමට ලැජ්ජාවක් දක්වන මොවුන් කරන්නා වු වැඩ මනා සැලකිල්ලෙන් කරන අතර, ඉතාමත් අවංක පුද්ගලයන් වේ. මොවුන් තරමක් කපටි වන අතර නරක දේ වලට වැඩි කැමැත්තක් දැක්වීම මොවුන්ගේ දුර්වලතාවයන් වේ.

ඔබගේ රුධිර වර්ගය B නම්

  මොවුන් සමාජයේ නිර්මාණශීලි පුද්ගලයන් වන අතර ධනාත්මක සංකල්ප මොවුන් තුල යහමින් තිබෙනවා. මොවුන් ස්වාධින පුද්ගලයන් වන අතර පවරන වැඩ තමා විසින්ම කිරීමට උත්සුක වන අතර අන් අයට පැවරීමට නම් කැමති නැත.මොවුන්ගේ දුර්වලතාවයන් වන්නේ ආත්මාර්තකාමි බවින් යුක්ත වීම හා යම් යම් දේ ගැන වඩාත් ඉක්මනින් අමතක වීම ගතියයි.

ඔබගේ රුධිර වර්ගය AB නම්

  ඉතාමත් තීක්ෂණ බුද්ධියකින් හෙබි මොවුන්ගේ තාර්කිය හැකියාව විශ්මය දනවන සුලුය. එසේම මොවුන් ඉතාමත් පරිත්‍යාගශීලි ගුණයෙන් යුතු පුද්ගලයන් වන අතර මොවුන්ගේ පවතින දුර්වලතාවයන් වන්නේ ඉතා ඉක්මනින් තීරණ ගැනීමට නොහැකියාව හා අන් අය සමග හොද සබදතාවයක් ගොඩ නගා ගැනීමට නොහැකි ළුීමත්,  හොද මිතුරකු වීමට ඇති නොහැකියාවත් ය.  මොවුන්ගේ විවේචනාත්මක ගතිය නිසා මොවුන්ට මිතුරන් ඇති කර ගැනිමට නොහැකිය. 

ඔබගේ රුධිර වර්ගය O නම්

  කරන වැඩ කටයුතු වැඩි විස්වාසයකින් යුතුව කරන අතර මොවුන්  වෙනත් මිනිසුන්ට වඩා වෙනස් චරිත ලක්ෂණ වලින් හෙබි පුද්ගලයින් වේ. මිතුරන් ඇති කර ගැනිමෙහිලා දක්ෂයන් වන මොවුන් ගේ දැඩි ආත්ම විස්වාසය දියුණුවට හේතු වේ. අවදානම් කටයුතු වලට බියක් නොදක්වන නිර්භීත පුද්ගලයන් වන මොවුන්ගේ දුර්වලතාවයන් වන්නේ අහංකාර ගති වලින් යුක්ත වීම හා සංවේදි නොවන තද සිත් ඇත්තන් වීමයි.

No comments:

Post a Comment