Pages

Tuesday, January 19, 2016

The secrets says from your beard



    රැවුල වෙසෙසින්ම පිරිමි පාර්ශවයේ පමණක් පිහිටන බව ඔබ දනී. නමුත් සමහර අවස්ථාවල කාන්තාවන්ටද රැවුල පිහිටන අවස්ථා තියෙනවා. රැවුල පිරිමියෙකුට සුබ පල ගෙනාවත් කාන්තාවකට නම් එහෙම නෑ.
  රැවුල කොටස් දෙකකට බෙදෙනවා.. ඒ උඩු රැවුල හා යටි රැවුල වශයෙනි. 

 රැවුල ඉතා මෘදු නම්, යටහත් පහත් ගති බලපවත්තවනවා. අන්‍යයන් යටතේ වැඩ කරන්නට සිදු වෙනවා. කතාවට එතරම් දක්ෂ නැත. ලැජ්ජාශීලීය. වැඩ කටයුතු කල් දමයි. මොවුන්ගේ විශේෂ ලක්ෂණය වන්නේ විරුද්ධ ලිංගිකයන් වසග කර ගැනීමේ හැකියාවයි.  

  රැවුල ඝන නම්, කලාවට ලැදි සිතක් ඇත්තෙකි. නීති විරෝධි නොවේ. අන් අයගේ උපදෙස් පිළිපදින කෙනෙකි. රැවටිලි වංචා නොකරයි. සොබාදහමට ලැදියි.

  යම් පුරුෂයෙකුගේ රැවුල මනා ලෙස කලු පැහැයට වැඩී ඇත්නම්, ඔහුට නිර්මල හදවතක් පිහිටයි.  උතුම් මනුෂ්‍ය ගුණාංග හැම එකක්ම වගේ ඇත. ඕනෑම අභියෝගයක් බාර ගැනීමේ හැකියාව ඇත. විශේෂයෙන්ම විවාහ දිවිය සාර්ථකයි. යහපත් දු දරු කලත්‍ර සම්පත් ලබයි.  ආදරය අවංකයි. ඝනව වැඩී ඇති උඩු රැවුල කරකවා ඇත්නම් ඔහු නිර්භීත තැනැත්තෙක් බව කියාපායි. පිරිසක් පාලනය කිරීමෙහි දක්ෂ මෙන්ම එවැනි රැකියාවලට උරුමකම් කියයි.

  උඩු රැවුල පමණක් පිහිටි පුරුෂයා සිය ප්‍රසිද්ධිය පතා වැඩ කරයි.  එහෙත් ලබන ප්‍රසිද්ධියක් නැත. ජනතාවගේ අප්‍රසාදයට ලක් වේ. එසේම අන්‍යයන්ගේ දුක වේදනාව හදුනන්නේ ද නැත.  මෙවැනි අය සමාජයෙන් කොන් වී යයි.

  යටි රැවුලක් පමණක් පිහිටීම ද අසුභ ප්‍රතිඵල ගෙන දෙයි. කරන හැම දේම තම වාසිය පිණිසම කරයි. සිතුවිලි පිරිසිදු නැත. ප්‍රේම සබදතා බිදෙන සුලුය. 

No comments:

Post a Comment