අපි මුහුණ පිරිසුදු කරන්න පුරුදු වෙලා ඉන්නේ සබන් වලින්. නමුත් සබන් වලින් සම තුලට කා වැදුනු කුණු ඉවත් කරන්න බෑ. ඒ සදහා අපි ත්ලෙන්සර් එකක් භාවිතා කරන්න ඕන. අද වෙළද පොලේ විවිධ ක්ලෙන්සර් වර්ග තියෙනවා.. විවිධ මිල ගණන් යටතේ.. නමුත් අපට අවශ්‍ය නම් නිවසෙදීම ක්ලෙන්සර් එකක් සකසා ගන්න පුලුවන්..
බොහෝමයක් නිවෙස් වල කෝමාරිකා පදුරක් වවා තිබෙනවා. අපට ස්භාවික ක්ලෙන්සර් එකක් සකසා ගන්න අවශ්‍ය වන්නේ කෝමාරිකා කෑල්ලක්.
කෝමාරිකා කෑල්ලක් කපා ගෙන ඒකෙ දෙපැත්තේ තියෙන කටු සහිත දාර දෙක කපලා දාන්න. පස්සේ ඒ කැල්ල මැදින් පලලා ඒකේ තියෙන බුව ගතිය යන්න ටැප් එකට අල්ලා හොදන්න. කොල පාට සෙවල ගතිය හොදින් ඉවත් උනාට පස්සේ කෝමාරිකා මදය සුරලා අරගෙන ඒකට දෙහි බිංදු දෙක තුනක් දාලා පස්සේ ඒක මුණේ ගාන්න.. හොදට වේලුනාට පස්සේ මුණ හොදින් සෝදන්න.. දිනපතා භාවිතයෙන් ඔබටත් දිදුලන පැහැපත් සමක් හිමි කර ගත හැකියි.
No comments:
Post a Comment