Pages

Monday, January 25, 2016

Beauty treatments with Lemon


දෙහි Citrusmedica යන විද්‍යාත්මක නාමයෙන් හදුන්වන පැගිරි කුලයේ පළතුරක් වන අතර සම පැහැපත් කර ගැනීමට යොදා ගත හැකි මහගු ඹෞෂධයකි.

මුහුණේ තෙල් ගතිය ඉවත් කිරීමට

දෙහි යුෂ කපු පුලුන් කඩකින් පොගවා මුහුණේ ආලේප කරන්න.

ලප කැළැල් ඉවත් කිරීමට

දෙහි පලුවක් මතට මි පැණි බිංදු 3-4 ක් දමා මුහුණේ ආලේප කරන්න. විනාඩි 5-10 පසුව හොදින් සෝදා හරින්න. සමේ වියළි බව නැති කිරීමට ද උපකාරී වේ.

ඇස් යට කලු පැහැය නැති කිරීම සදහා

හොදින් අඹරා ගත් මිංචි කොළ තලපයකට දෙහි යුෂ මේස හැදි 2-3 ක් දමා කලු පැහැ ගැන්වුනු ස්ථානවල ආලේප කර  විනාඩි 15-20 පමණ පසු සිසිල් ජලයෙන් හොදින් සෝදා හරින්න.

අඹරාගත් තක්කාලි තලපයෙන් මිරිකා ගත් තක්කාලි මේස හැදි 5කට දෙහි යුෂ තේ හැදි බාගයන් ද කඩල පිටි තේ හැදි 2ක් ද වියළි කහ කුඩු ස්වල්පයක් සමග හොදින් මිශ්‍ර කර කලු පැහැ ගැන්වුනු තැන් වල ආලේප කර විනාඩි 5 කට පමණ පසුව හොදින් සෝදා හරින්න.


තට්ටය පෑදෙනවාට


දෙහි ඇට 7 - 8ක්
කලු ගම්මිරිස් ඇට 8 - 10 ක් 
මේ සියල්ල හොදින් අඹරා හිසකෙස් අඩු ස්ථානවල හොදින් ආලේප කරන්න. දිනකට දෙවතාව බැගින් සති 2 - 3 ක් කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකිය.


අකලට හිස කෙස් වැටීම පාලනයට

දෙහි යුෂ තේ හැදි 1 කට කොට්ටම්බා ගෙඩියක් තලා ලබා ගන්නා කොට්ටම්බා යුෂ හෝ නැතිනම් අබ තෙල්  තේ හැදි 1 ක් ගෙන හොදින් මිශ්‍ර කර හිස් කබලේ ගා හොදින් සම්බාහනය කර විනාඩි 15 - 20 පමණ තිබෙන්නට හැර හොදින් සෝදා හරින්න.


හිස් හොරි සදහා

බිත්තර සුදු මද දෙකකට දෙහි යුෂ මේස හැදි 4 ක් හොදින් මිශ්‍ර කර හිසෙහි ගා හොදින් හිස සම්බාහනය කරන්න. පැය බාගයකට පමණ පසුව හිස සෝදා හරින්න.


හිස කෙස් අඩු අයට

 නෙල්ලි යුෂ කෝප්ප එකකට ( නෙල්ලි අඹරා වතුර අඩුවෙන් එක් කර හොදින් මිරිකා ගනිමින් නෙල්ලි යුෂ සකස් කර ගත හැකිය. ) දෙහි යුෂ කොප්ප එකක් හොදින් මිශ්‍ර කර හිස් කබලේ ආලේප කරන්න. විනාඩි 30 කට පමණ පසුව හොදින් සෝදා හරින්න.


හිස කෙස් සදහා සුදුසු ෂැම්පු වර්ගයක්...

හොදින් සුරා ගත් පිපිඤ්ඤා කෝප්ප බාගයකට දෙහි යුෂ බැවක් මිශ්‍ර කර ගන්න. මේ සියල්ල හිසෙහි ආලේප කර විනාඩි 5 පසුව සෝදා හරින්න.


හිස කෙස් සදහා කන්ඩිෂනර් වර්ගයක්..

  යෝගට් මේස හැදි 2ක්, බිත්තර කහ මද 1ක්, දෙහි පොතු ස්වල්පයක් ගෙන මේවා හොදින් මිශ්‍ර කර හිස කෙස් මත ආලේප කර විනාඩි 5 කට පසුව සෝදා හරින්න.


සමේ කැසීම සදහා

  පොල්තෙල් මේස හැදි 6ක්, දෙහි යුෂ මේස හැදි 4 ක් හොදින් මිශ්‍ර කර විදුරු බදුනකට දමා උණු වතුර බදුනක් මත තබන්න. නිවුනාට පසු කැසීම ඇති ස්ථාන වල ආලේප කරන්න.


සුදු කබර රෝගයට


  ඉගුරු යුෂ කොප්ප 1 ක්, දෙහි යුෂ තේ හැදි 1 ක්, ගෙන හොදින් මිශ්‍ර කර හිස් බඩ පානය කරන්න.


සමේ ඇති වන දුඹුරු පැහැ ලප සදහා


  දෙහි යුෂ මේස හැදි  2ක්, මී පැණි මේස හැදි 1 ක්, ලුණු ස්වල්පයක්,  මේවා හොදින් මිශ්‍ර කර ලප ඇති තැන්වල ආලේප කරන්න. පසුව විනාඩි 10 පමණ පසු සෝදා හරින්න.


කලු ලප සදහා

  දෙහි යුෂ තේ හැදි 1 ක්, කුරුදු කුඩු තේ හැදි 1 ක්, මේවා හොදින් මිශ්‍ර කර කලු ලප ඇති තැන් වල ආලේප කරන්න. විනාඩි 15-20 කට පමණ පසු සෝදා හරින්න. දිනකට දෙවතාවක් පමණ කල හැකි නම් සාර්ථක ප්‍රතිපල ලබා ගත හැක.

දෙහි යුෂ තේ හැදි 1 ක්, රට කජු තෙල් තේ හැදි 1 ක්,  හොදින් මිශ්‍ර කර කලු ලප ඇති තැන් වල ආලේප කරන්න. විනාඩි 20 කට පමණ පසු සෝදා හරින්න.


සුදු පැහැ ලප සදහා

  වියළි කහ කුඩු තේ හැදි 4 ක්, දෙහි යුෂ තේ හැදි 1 ක්, මේ සියල්ල හොදින් මිශ්‍ර කර ආසාධිත ප්‍රෙදේශ වල ආලේප කරන්න. විනාඩි 5කට පමණ පසුව සෝදා හරින්න.


අව්වට පිළිස්සුණු සම පැහැපත් කිරීම සදහා


  පිපිඤ්ඤා යුෂ මේස හැදි 1 ක්, දෙහි යුෂ මේස හැදි 2ක්,  මේ සියල්ල හොදින් මිශ්‍ර කර පිළිස්සුණු තැන් වල ආලේප කරන්න. විනාඩි 15 කට පමණ පසුව සෝදා හරින්න.


දත්වල දීප්තිය හා තොල් වල වර්ණය ලබා ගැනීමට

  දෙහි යුෂ මේස හැදි 4 ක්,  මී පැණි මේස හැදි 2 ක්,  මේ සියල්ල හොදින් මිශ්‍ර කරන්න. දත් වල සහ තොල් වල ආලේප කර විනාඩි 10 තට පසුව සෝදා හරන්න.


කුරුලෑ නිසා ඇති වන ලප කැළැල් ඉවත් කිරීමට

  මි පැණි මේස හැදි 2 ක්, දෙහි යුෂ මේස හැදි 1 ක්, කොට්ටම්බා තෙල් මේස හැදි 1 ක්, කිරි මේස හැදි 2 ක්, මේ සියල්ල හොදින් මිශ්‍ර කර ලප කැළැල් මත ආලේප කර විනාඩි 30 කට පමණ පසු හොදින් සෝදා හරින්න.


ආසාත්මිකතා සදහා

මද උණුසුම් ජලය කොප්ප 1 ක්, දෙහි යුෂ මේස හැදි 2 ක්, මී පැණි තේ හැදි 1 ක්, මිශ්‍ර කර උදැසන ආහාරයට පෙර පානය කරන්න.


No comments:

Post a Comment