ඔබේ දෙතොලින් ඔබේ පෞරුෂය හෙලිවන බව දැන සිටියා ද..?
පිරිපුන් තොල් සගලක්
ඇතැම් කාන්තාවන්ගේ දෙතොල් පිරිපුන් චක්රාකාරව පිහිටා තිබෙන්නේ සරාගී බවක් ඊට එකතු කරමින්. හොලිවුඩ් නිලි ඇන්ජලීනා ජොලිට තිබෙන්නෙ එවැනි දෙතොලක් බව සදහන් වෙනවා. පිරිපුන් තොල් සගලකින් යුතු කාන්තාවන් දැඩි ආත්ම විස්වාසයකින් යුක්ත ධෛර්්‍ය සම්පන්න අය ලෙසයි හැදින් වෙන්නේ. මෙවැනි සම්පුර්ණ සමමිතික තොල් සගලක් පිහිටා තිබීම කාන්තා රු සපුවට මන බදනා පෙනුමක් එකතු කරනවා.
පුලුල් තොල් සගලක්
පුලුල් දෙතොලක් හිමි අය විවිධ රුචිකත්වයන්ගෙන් සමන්විත මිතුරු මිතුරියන් රාශියක් ඇසුරු කරන අය බව පැවසෙනවා. එමෙන්ම තමන්ගේ දෛවයට දැඩි අධිෂ්ඨානයකින් මුහුණ දී දෛවය තමා විසින්ම සකසා ගන්නා පරිපුර්ණ අය බව ද විවිධ කුසලාතාවලින් පිරි ජයග්රාහි අය බවද කියවෙනවා.. මෙවැනි දෙතොලකට හිමි කාරියක් ලෙස හොලිවුඩ් නිළි ජුලියා රොබට්ස් හදුන්වන්න පුලුවන්.
වටකුරු තොල් සගලක්
බොත්තමක හැඩයෙන් යුතු වටකුරු තොල් සගලක හිමිකාරියක් ලෙස හොලිවුඩ් නිළි රේචල් බිල්සන් හදුන් වන්න පුලුවන්. මෙවැනි තොල් සගලක් පිහිටි අය ගවේෂණාත්මක කටයුතු වලට කැමැත්තක් දක්වන කැරළිකාර අදහස් ඇති අය ලෙස හැදින්වෙනවා. ඒ විතරක් නෙමේ ඔවුන් ඉගිබිගි පාමින් ආල බස් දෙඩීමට හැකි අය ලෙස පැවසෙනවා. මෙවැනි අය කෙරෙහි දැඩි ආකර්ෂණයක් ඇති වන්නේ ඔවුන් තුල පවතින ප්‍රබෝධමත් බව හා සිත් අලවන විලාසිතා තෝරා ගන්නා අය නිසයි. මෙම ගුණාංග පිහිටන්නේ වටකුරු තොල් සගලක් හිමි අයටයි.
සිහින් තොල් සගලක්
සිහින් තොල් සගලක් උපතින්ම උරුම වු අයට හිමිව තිබෙන්නේ වෙනස් ආකාරයේ ගතිගුණයි. මෙවෙනි තොල් හිමි අයට සහජ ඥාණයෙන් යුක්ත සංවේදී අය බව කිය වෙනවා. සුන්දර ස්වාභාවයෙන් යුක්ත මොවුන් ලැජ්ජාශීලි අය ලෙස හැදින්වෙනවා. සිහින් තොල් සගළක් හිමි අය ඉක්මනින් රැවටෙන අය ලෙසද හැදින්වෙනවා. මෙවැනි තොල් සගලක හිමිකාරියක් ලෙස රංගන ශිල්පිනි කේට් හඩ්සන් හදුන් වන්න පුලුවන්.
දුන්නක් හැඩැති තොල් සගලක්
මෙවැනි තොල් සගලක හිමි කාරියක් ලෙස රංගන ශිල්පිණි රිස් විදර්ස්පුන් හදුන් වන්න පුලුවන්. මෙවැනි තොල් සගලක් හිමි අය ස්වාධින බවින් යුක්තයි. අර්ථාන්විත යහමගට පොලබවන සුලු අය බව පැවසෙනනවා. එමෙන්ම මනබදනා රු සපුවකින් යුක්ත මේ අය සිතට එකගව කතා කිරීමට බිය වෙන්නේ නැ. ඒ වගේම ජීවිතය ග්‍රහණය කරගෙන විනෝදයෙන් කාලය ගත කීරීමට පසුබට වෙන්නේ නෑ. මෙවැනි අය තමන්ගේ දෛවය නිර්මාණය කර ගන්නා අය ලෙසයි පැවසෙන්නේ.
පහලට නැමුණු තොල් සගලක්
මෙවැනි තොල් සගලක් පිහිටි කාන්තාවන් ගුප්ත චරිතයක් ඇති පෞද්ගලිකත්වයට නැඹුරු අය ලෙස කියන්න පුලුවන්. මොවුන් අසාමාන්‍ය ලෙස අවස්ථාවට ගැලපෙන අයුරින් ජීවත් වන අය ලෙස තව දුරටත් කිව හැකියි. මොවුන්ගේ බුද්ධි ස්වාභාවය ඇත්තෙන්ම සිත් ඇද ගන්නා සුලුයි. මොවුන් තෝරා බේරා ගෙන කටයුතු කරන අය නිසා සතුටු කිරීම ඉතා අසීරුයි.
No comments:
Post a Comment