ඇස් යනු අදහස් ප්‍රකාශ කිරීමට ඇති ප්‍රබල මාධ්‍යයකි. දීප්තිමත් නෙත් සගලකින් යුවතියන්ගේ මුහුණට ලැබෙන්නේ උතුරා යන සුන්දරත්වයකි. නිරෝගිමත් නෙත් සගලක් සදහා ඇස් හොදින් ආරක්ෂා කර ගත යුතුය. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව අක්ෂි රෝග ඇතිවීමට හා ඇස් වල පවතින සුන්දරත්වය නැති වීමට බලපාන හේතු වන කරුණු රැසක් පවතී.
එනම්,
- අව්වේ සිට ආ විගස ජලය නෑම.
- ඉතා දුර තිබෙන සියුම් වස්තුවක් දෙස දීර්ඝ වේලාවක් බලා සීටීම.
- දහවල නිදා ගැනීම හා රෑ නිදි වැරීම.
- දුම් දුහුවිලි ඇති ස්ථාන වල නිතර සිටීම.
- අධික ලෙස මත් පැන් පානය.
- කදුලු එන විට කදුලු ඒම වැලැක්වීම.
- දියර ආහාර නිතර රාත්‍රියට ගැනීම.
- ලග සිට රුපවාහිණිය නැරබීම.
- නිතර කම්පියුටර් තිරය ඉදිරිපිට හිදගෙන සිටීම.
- ඉහත සදහන් හේතු වලින් වැලකී සිටීමෙන් ඔබටත් නීරෝගී දිප්තිමත් නෙත් සගලක් උරුම කර ගත හැක.
නීරෝගී නෙත් සගලකට ප්‍රතිකාර
- පිපිඤ්ඤා පෙති හෝ අල පෙති එළකිරි කෝප්පයකට පැයක් පමණ බහා තබා දැස මත තබා සිටීම.
- කෝමාරිකා මදය දැස මත තබා සිටීම.
- තේ කොළ මන්ඩි වලින් පොට්ටනි දෙකක් සාදා දැස මත තබා සිටීම.
- ඉහළ සිට පහලටත්, පහළ සිට ඉහලටත් වාර 10 බැගින් බැලීම.
- වම් පස සිට දකුණු පසටත්, දකුණු පස සිට වම් පසටත් වාර 10 බැගින් බැලීම.
- වම් පස සිට දකුණු පසටත්, දකුණු පස සිට වම්පසටත් වාර 10 බැගින් ඇස කරකවමින් බැලීම.
ඇස්වල සුන්දරත්වය වැඩි කළ හැකි ප්‍රතිකාරයක් ලෙස ඇස් වල අදුන් ගැල්වීම සදහන් කල හැකි ය. අතීතයේ සිට ලංකේය කාන්තාව ද තම දෑස්වල සුන්දරත්වය වර්ධනය කර ගැනීමට ඇස් වටා අංජන හෙවත් අදුන් ගල්වා ඇත.
අංජන සෑදීමට අංජන කැට අවශ්‍ය වේ. අංජන කැට වෙළද පොලෙන් මිලදී ගත හැකිය. අංජන කැට පැයක් පමණ එලකිරි වල දමා තබා පසුව කුඩු කර ගත යුතුය. අංජන කුඩු වලට කොකුම් පොතු කුඩු, කස්තුරි, කහකුඩු, එක් කොට ජලය සමග මිශ්‍ර කර ඇස් වටා ආලේප කර විනාඩි 30 පමණ පසුව පිරිසුදු වතුරෙන් සෝදා ඉවත් කල යුතුය. අංජන ඇස් වටා අලේප කිරීමෙන් ඇස් වටා ඇති මාංශ පේශී හා ස්නායු ශක්තිමත් වේ. එමගින් ඇස් වටා රැළි ඇතිවීම අවම වේ. තවද ඇස් වල දීප්තිමත් භාවය වර්ධනය වේ. ඇස් පෙණීම දියුණු වේ. ඇස් වටා පවතින අව පැහැය දුරු වේ. ඇස් වටා අංජන ආලේප කිරීම සතියකට දින දෙක තුනක් ක් වුවද ඔබට කල හැකිය.
ඉහත සදහන් කල සියලු ප්‍රතිකාර කිරීමෙන් ඔබට දීප්තිමත් නෙත් සගලක් උරුම කර ගත හැක.
උපදෙස් - ආචාර්්‍ය වෛද්‍ය
භුෂාන් මහේෂ් අතුරලිය
උපුටා ගැනීම නවලිය පුවත් පතෙනි
No comments:
Post a Comment