Pages

Sunday, January 3, 2016

How to get rid of migraine




ඉරුවාරදය යනු රුධිරවාහිනී හා සම්බන්ධ ක‍්‍රියාකාරකම්වලින් හටගන්නා හිසේ ඇතිවන වේදනා තත්ත්වයකි. සිරුර පුරා රුධිරය ගෙන යන රුධිර නාල ප‍්‍රසාරණය වීමෙන් මොළයට රුධිරය ගෙන යන විශාල ශිරා වටා ඇති තන්තු තුළින් රසායනික ද‍්‍රව්‍ය පිට කිරීමට පටන් ගනී. එමගින් රුධිර නාල තවදුරටත් ප‍්‍රසාරණය වන අතර එය හේතු කොටගෙන අධික රුධිර ප‍්‍රමාණයක්‌ හිසට ගමන් කරයි. එමගින් ආසාදනය හා වේදනාව හටගනී. දිගින් දිගටම මෙසේ ශිරා ප‍්‍රසාරණය වීමෙන් වේදනාව තවදුරටත් තීව‍්‍ර කරයි.

රෝග ලක්‍ෂණ

බොහෝ අවස්‌ථාවල හිසේ අඩක වේදනාව හටගන්නා අතර එය හිස පුරාම පැතිරී යයි. පැය 3 ක්‌ 4 ක්‌ කාලයක සිට පැය 72 ක්‌ එනම් දින 3 ක්‌ පමණ දිගටම පැවතිය හැකිය. කුඩා දරුවන්ට පැය 1 සිට පැය 48 ක්‌ එනම් දින 2 ක්‌ දක්‌වා පැවතිය හැකිය.

ඇස්‌වල ඇතිවන දැවිල්ල, නින්ද නොයැම, හිසේ කරකැවිල්ල සමග ඇතිවන වමනය, අධික මහන්සිය, තෙහෙට්‌ටු ගතිය, මානසික ආතතිය, දිගින් දිගටම ඈනුම් යැම, අධික පැණි රස හා ලූණු සහිත ආහාරවලට ඇතිවන රුචිකත්වය ආදිය රෝග ලක්‍ෂණ කිහිපයකි. මෙම රෝග ලක්‍ෂණ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්‌ විය හැකිය.

රෝගය ඇති වීමට හේතු 

මත්පැන් හා දුම්වැටි පානය කිරීම, පමණට වඩා අධික ලෙස ආහාර ගැනීම, අවශ්‍ය ප‍්‍රමාණයටවත් ආහාර නොගෙන සිටීම, අධික වේලාවක්‌ අව්වේ සිටීම, එකවිටම අධික හිරු එළියට ඇස්‌ නිරාවරණය කිරීම, නිදි වැරීම, අධික ගඳ සුවඳට නිරාවරණය වීම, අනුමැතියකින් තොරව අධික ලෙස ව්‍යායාමවල නිරත වීම, අඩු ආලෝකයෙන් පොත්පත් කියවීම, රූපවාහිනිය ආසන්නයේ සිට වැඩි වේලාවක්‌ නැරඹීම, පරිගණකය වැඩි වේලාවක්‌ එක දිගට හැසිරවීම, වාහනවල ගමන් කරන අතර තුර පොත්පත් කියවීම සහ විවිධ ආහාර පාන වර්ග හා ඖෂධ වර්ග විෂවීම මගින්ද ඉරුවාරදය රෝගය හටගත හැකිය.

එම නිසා ඉරුවාරදය රෝගය පවතින රෝගීන් මෙවැනි ක‍්‍රියාකාරකම්වලින් වැළකී සිටිය යුතුය. එමගින් බොහෝ දුරට රෝගය පාලනය කරගත හැකිවේ.

මෙම රෝගයට ඉතාමත් පැරැුණි ඉතිහාසයක්‌ පවතින ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමය තුළින් ඉතාමත් පහසුවෙන් කාර්ය බහුලත්වයට ගැලපෙන පරිදි නිෂ්පාදනය කරන රෝගයටම විශේෂිත වූ විවිධ ඖෂධ වර්ග මගින් ඉක්‌මන් සුවය ලැබීමට හැකිවේ.


ඉරුවාරදයෙන් මිදෙන්න අත් දුටු විශ්මිත ප්‍රතිකාරයක්

ඉරුවාරදය ක්‍රමානුකුලව අඩු කර ගත හැකි පහසු ක්‍රමයක් තමා දින පතා වතුර විදුරු 5කට වඩා බොන එක.. මෙය මුලදි අපහසු වෙයි. මොකද නිතර මුත්‍රා කරන්න සිදු වෙන නිසා. නමුත් එය දින කිපයකින් මග ඇරෙයි.. බොන වතුර විදුරු ප්‍රමාණයද වැඩි කරන විට ප්‍රතිපලදායකය. සාමාන්‍යෙයන් සතියට දින 4 වත් හිසරදය හැදෙන මට මේ විදිහට වතුර පානය කිරිමෙන් සති 3 පමණ පසු හැදුනේ සතියකට වරක් පමණි. මසක් පමණ ගියාට පසු එය මසකට සැරයක් දක්වා අඩු විය.. එයත් හැදුනේ ඕනවට වඩා කොම්පියුටර් එක ඉදිරියේ සිටි නිසාය.  මෙලෙස ජලය පානය කිරීමෙන් ලැබෙන අමතර වාසි තමා ශරීරයේ බර අඩු වන එක. මේ තමා මගේ අත්දැකීම.. මෙය අත්හදා බලා ඔබම වටහා ගන්න. ජලය පානය කිරිමෙන් ඔබට කිසිම හානයක් වන්නේ ද නැත. මා ලැබු සුවය ඔබ සැමටත් අත්වේවා..!



No comments:

Post a Comment