Pages

Monday, January 25, 2016

What do your cheeks say


  කෙනෙකුගේ මුහුණේ සුන්දරත්වය සදහා කම්මුල් වලින් ලැබෙන්නෙ නොමද දායකත්වයකි. දේහ ලක්ෂණ විද්‍යාවට අනුව කම්මුලේ ස්වාභාවය දෙස බලා එම පුද්ගලයා කුමන ආකාරයේ කෙනෙක්දැයි පැවසිය හැක.
   
   කම්මුල් මසින් පිරී ඇත්නම් ඔහු හෝ ඇය උතුම් මනුෂ්‍ය ගුණ ධර්ම වලින් හෙබිය.  ධන ධාන්‍යාදී සැප සම්පත් භුක්ති විදීමේ භාග්‍ය හිමිවේ. නිතර සතුටින් සිටී. අන්‍යයන්ගේ අවධානය දිනා ගැනීමට ඇත්තේ පුදුම හැකියාවකි. කිසිවකු හෙලා දකින්නේද නොවේ. රණ්ඩු දබර වලට කැමති නැති ඉවසීමේ කෙලවරක් ද නැති කෙනෙකි. 

   මසින් පිරුනු කම්මුල් එල්ලා වැටේ නම් එය අයහපත් ය. අන්සතු දෙයට ලෝභ කම් කරයි. අවවාද උපදෙස් පිළිපදින්නේ අඩුවෙනි. තමන් ගැනම මිසක් අන්‍යයන් ගැන හිතන්නේම නැති තරම් ය. තම වාසිය තකා කපටිකම් කරයි. බොරු කියයි. එසේම මොවුන් කෙසේ හෝ එදිනෙදා ජීවිතය ගෙන යාමට අවශ්‍ය දෑ රැස් කර ගැනීමට සමත් ය.  සමාජ සේවා කටයුතු වලදි පෙරමුණ ගනී.

   මසින් හීන කෙට්ටු කම්මුල් ඇති අය ආශ්‍රය කිරීමට එතරම් සුදුසු අය නොවේ. ආත්මාර්ථකාමී මොවුන්ගේ සිත පාපී අදහස් වලින් පිරී පවතී. ලැජ්ජාව බය හීනය. යම් දෙයක් කිරීමේ දී, කීමේ දී දුර දිග සිතා බලන්නෙ නැත. තම මතයට ගරු කරන හුදකලාව ප්‍රිය කරන අයවලුන් ය. හොද මිතුරන් ඉන්නේ ටික දෙනෙක් පමණි. දිවි ගමනේ විටින් විට දුක් පීඩා සහිත ය. අපේක්ෂා භංගත්වවට ද පත් වේ. 

   ඉහත ආකාරයෙන් තොරව මධ්‍යස්ථ ආකාරයෙන් කම්මුල් පිහිටයි නම්, ඔවුන්ගේ වැඩ කටුයුතු ක්‍රමාණුකූලය. බුද්ධිමත් ය. හොද මතක  ශක්තියකුත් ස්මරණ ශක්තියකුත් පවතී. අන්‍යයන්ට යමක් වටහා දීමට ඇත්තේ පුදුමාකාර හැකියාවකි.  හොද කථිකත්වයක් ඇති බැවින් වචනයේ බලයෙන් ප්‍රයොජන ගත හැක. සෞම්‍ය ගති පැවතුම් ඇත්තන් වේ. ස්වකීයන් අතරේ ප්‍රධන කෙනෙක් වේ. යහපත් මානසික තත්වයක් ඇති වැඩට කම්මැලි නැති උත්සාහ වන්ත කෙනෙකි. ගරු නම්බු ලැබීමට සුදුස්සකු වෙයි. 

   සිනාසෙන විට කම්මුල් වල ගැසෙයි නම් ඔහු හෝ ඇය වාසනාවන්ත ය. දැකීමට ප්‍රිය උපදවයි. නැටුම් ගැයුම් වැයුම් ආදී කලා අංශයන් ප්‍රිය කරයි. රසකාමී හැගීම් බහුල ය. අන්‍යයන්ගේ දුකේ දී වහා උණු වන හදවතකි. විනෝදයට වඩාත් කැමති ය.  හවුල් ව්‍යාපාර වලින් දියුණව ලැබේ. සමහර අවස්ථාවල දී අනුන් රවටයි. ආදරය අපිරිසිදු නැත. පොදු වැඩ කටුයුතු වලට පැමිණේ. යහපත් ලස්සන ළමයින් ලබයි. විශේෂයෙන් මිතුරන් අධික වෙයි. 

   යම් ස්ත්‍රියකගේ මසින් නොපිරී වල ගැසුනු ආකාරයෙන් ඇත්නම් ඇය අවාසනාවන්ත තැනැත්තියක් හැටියට සැලකේ. ඥාතීන් අසල්වැසියන් සමග අඩ දබර ඇති කර ගනී. වැඩිහිටි අවවාද උපදෙස් නොපිලිගනී. අධ්‍යාපන කටයුතු කෙරේ බාධා ඇති වේ. ලෙඩ රෝග වලට ඔරොත්තු දීමේ ශක්තිය දුබලය. පවුල් පරිසරය ද එතරම් යහපත් මට්ටමක නොපවතී.  සැමියා යටත් කර ගනී. අශුය කරන අයගේ විරෝධයට පාත්‍ර වෙයි. 

   රලු රෝම සහිත කම්මුල් ඇති තැනැත්තිය වචනය වරදවා හැසිරේ. ආත්මාර්ථකාමී ගති පැවතුම් ඉස්මතු කරයි. අයහපත් ආශ්‍රයට ද වැටේ. අනවශ්‍ය වියදම් සහිත ය. නොමනා වැඩ වලට පුරුදු වෙයි. නම කැත කර ගනී.  මිතුරන් පවා සතුරු වෙයි. විශේෂයෙන්ම අනර්ථකාරී වනුයේ විවාහය කෙරෙහි ය. සිත අපේක්ෂිත වැඩ කටුයුතු ඉටු කර ගැනීමට තරමක් අපහසු වෙයි. 

   රෝම රහිත නම් අශුභ නොවෙයි. වට වු කම්මුල් මසින් පීරී ඇත්නම් එය ද යහපත් ලක්ෂණයකි. මද තැඹිලි පාටින් යුතු කම්මුල් ඇති තැනැත්තිය යහපත් බිරිදක් වෙයි..  

1 comment: