Pages

Thursday, December 31, 2015

ආදරය තුලින් ඔබට හිමි වන ඔබ නොදත් දේ.- True love & Health




       ආදරය, සිතින් මෙන්ම ගතින් ද ඔබේ තුරුණු බව රැක ගනීවි. සිනාවෙන් සතුටින් පිරුණු ජීවතයක් ඔබට ලගා කර දෙයි. නවතම වෛද්‍ය විද්‍යාත්මක පරීක්ෂණ අනුව පෙන්වා දි තිබෙන්නේ, ආදරය කරමින් ආදරය ලබමින් ජීවිතය දෙස ධනාත්මක ඇසින් බලන කෙනෙකු වයසට යතත්, එසේ නොමැති කෙනෙක්ට වඩා හොද යහපත් සෞඛ්‍යමත් ජීවිතයක් උරුම බවයි.

  කෙතරම් වේදනාවෙන් පෙලෙන කෙනෙක් උනත්, තමන්ට ආදරය කරන කෙනෙක් සමිපයේ සිටි නම්, ස්පර්ශය ලැබේ නම්, නැතිනම් පින්තූරයක් දෙස හෝ බලා සිටී නම්, කටහඩ ඇසෙන්නට සැලසේ නම්,  එම පුද්ගලයාගේ වේදනා සංවේදනය අඩු වෙලා යනවා කියලා විද්‍යාත්මකව ඔප්පු කරලා තිබෙන බවයි වෛද්‍යවරු පවසන්නේ.

  ආදරයත් එක්කම බැදුන දෙයක් තමා සුරක්ෂිතබව.  එදිනෙදා ජීවිතයේ දී අප බලාපොරොත්තු වන සුරක්ෂාව වගේම, ලෙඩ රෝග වලිනුත් අපට ආරක්ෂාවක් ලබා දෙන්න පුලුවන් කීවොත් ඔබට පුදුම හිතෙයි. නමුත්, ආදරයෙන් සෙනෙහසින් දවස ගෙවන පුද්ගලයින්ගේ, ශරීරයේ ප්‍රතිශක්තිකරණ හැකියාව අනෙක් අයට වඩා ඉහල යන බව සොයාගෙන තිබෙනවා.  නිතර නිතර ලෙඩ රෝග වලට භාජනය නොවී සිටින්නත්, රෝගී විටක ඉක්මන් සුවය ලබන්නත් මේ නිසා හැකියාව ලැබෙනවා.

  නුතන වෛද්‍ය විද්‍යාත්මක සොයා ගැනිම් වලට අනුව, ලෙඩ රෝග ඇතිවිම අවම කිරීමත්, ශරීරය තුලම නිපදන වෙන, ශරීරයට අහිතකර විවිධ සංඝටක ශරීරනේ බැහැර කරවීමේ වේගය ඉහල යාමත්, සතුටින් කල් ගෙවන අයගේ ලක්ෂණයක්. ඒ වගේම, ඒ විෂ ද්‍රව්‍ය නිසා ඇති විය හැකි අතුරු ආබාධත් අවම වෙනවා.

  තවද මත්පැන්, මත් ද්‍රව්‍ය, දුම්වැටි කියන්නේත් තරුණ පරපුර පහසුවෙන් ඇබ්බැහි වන පුරුදු කීපයක්. මානසිකව, ශාරීරිකව මෙන්ම සමාජීය වශයෙන් ද ඔබව දුර්වල කරන, මෙම අහිතකර පුරුදුවලට වැඩිමනක් ගොදුරු වන්නේ ජීවිතයේ සුන්දර බව විදින්නට නොලැබුනු හා ආදරය සෙනෙහස අහිමි පුද්ගලයන් බවයි වෛද්‍ය මතය.

  ඔබ ආදරය කරන කෙනා ඔබව වැලද ගන්නා මොහොතක ඔබේ සිතට දැනෙන සතුටම, ඔබේ ශරීරයටත් දැනෙන බව ඔබ දැන සිටියා ද..?  ශරීරය ඊට ප්‍රති ක්‍රියා කරන්නේ ඔක්සිටොසින් කියන හෝමෝනය ශ්‍රාවය කිරීමෙන්. මේ මගින් තරහව, තනිකම වැනි සෘණ ආකල්ප මැඩ පැවැත්වෙනවා. ඒ වගේම හිසකෙස් නියපොතු ශක්තිමත් කිරීම, දෑස් හා සමට දීප්තියක් ලබා දීමත් සිදු කෙරෙනවා. තමන්ට තමන් පිළිබදව විස්වාසයක් මෙන්ම ආත්ම තෘප්තියක් ඇති කරවීමට දිනකට වැලදගැනීම 4 ත් 8ත් අතර ප්‍රමාණයක් ප්‍රමාණවත් බව වෛද්‍යවරු ගනන් බල තිබෙනවා.

  ඒ වගේම අයහපක් මානසික සෞබ්‍ය යම් විටක කායික රෝගී බවකට වඩා දරුණු වෙන්න පුලුවන්. මානසික ආතතිය හෙවත් Stress මේ අතරින් සුලබ තත්වයක්. මේ නිසා කණගාටුදායක බවක් ඇතීවිමත්, මානසික සමතුලිනතාවය බිදවැටීමත් නිසා Depression කියන රෝගී බව ඇති වෙන්න පුලුවන්. වෛද්‍ය නිගමනයන්ට අනුව, මේ සදහා පමණක් නොව බොහෝ අසාමාන්‍ය මානසික රෝගී තත්වයන් සදහා වඩාත් සුදුසු බෙහෙත වන්නේ අාදරයලු. නිතර ආදරය ලබන කෙනෙක්ට, එය ලබා දෙන පුද්ගලයා හා නිරන්තරයෙන් ඇතිවන බැදිමත් සමග මානසික සුවය සහනය  කියන දේ නිසැකයෙන්ම ඇතිවන බවයි වෛද්‍ය මතය.

No comments:

Post a Comment