පරිඝනකය තුලින් WhatApp චැට් කරන්න කැමති ද..? ඔව් අකමැති වෙන්න බැ..
දැන් වෙබ් බ්රවුසර් එකෙන් FB යනවා වගේ WhatsApp යන්නත් පුලුවන්. මම දැන් ඒක කරන හැටි කියලා දෙන්න යන්නේ. හොදයි මෙන්න WhatsApp Web අඩවිය..
(ලිපිය සම්පුර්ණයෙන් කියවලා ලිංක් එක ක්ලික් කරලා වට්ඇප්ස් වෙබ් අඩවියට යනවා නම් තමා හොද..)
හරි. ලිංක් එක ක්ලික් කලාම එන වෙබ් පිටුව මෙන්න මේ වගේ..
දැන් ඔයාගේ පොන් එකේ whatsApp එකට යන්න. ගිහින් Menu එකේ තියෙන WhatApp web හොයාගෙන ක්ලික් කරන්න. ඒක මේ Screenshot එකේ වගේ. හොයලා ක්ලික් කරන්න.
ඒක ක්ලික් කලාම එනවා මේ screenshot එකේ වගේ එයි. බලන්න.
පේනවනේ. මේකේ තියෙන OK, GOT IT කියන එක ක්ලික් කරන්න. එතකොට QR Code එක Scan කරන්න එයි. WhatsApp web පිටුවට ගියාම ඒකේ තියෙන QR Code එක.. ඒක මේ වගේ
පොන් එකෙන් Computer එක තුල පේන QR Code එක Scan කරන්න ඕන.. පොඩි වේලාවක් ඒක Scan වෙනකම් පොන් එක අල්ලන් ඉන්න. Scan උන ගමන් මේ වගේ එයි..
එච්චරයි කරන්න තියෙන්නෙ.. දැන් ඔයාට පුලුවන් කම්පියුටර් එකේ ඉදන් වට් ඇප්ස් ඉන්න යාලුවෝ එක්ක චැට් කරන්න.. ඒ වගේම මේකෙ චැට් කරන්න නම් ඔයාගේ පොන් එකේ ඩෙටා ඔන් කරලා වට් ඇප්ස් කනෙක්ට් කරලා තියෙන්නත් ඕන. නැතිව බැ. ඒක එච්චර අවුලක් නෙමේනේ. සුලු දෙයක්. හොදයි ඇති වෙන තුරු මල් කඩන්න ලැබේවා..!
Free Download |
No comments:
Post a Comment