Pages

Friday, December 25, 2015

අව පැහැ වු ගෙල පැහැපත් කර ගත හැකි ප්‍රතිකාරයන් 8 ක්...


ඔබේ ගෙලත් අදුරු පැහැ වෙලා ද..? බොහෝ දෙනෙක් තම ගෙල අදුරු පැහැ වී ඇති නිසා දුක් උව ද ඒ සදහා ප්‍රතිකාර කරන්නෙ නැත.. නිසි ප්‍රතිකාර ලබා ගැනීමෙන් ගෙල නැවත පැහැපත් කර ගත හැක..


  ගෙල අදුරු පැහැ වීමට හේතු විමසා බලමු

අපිරිසිදු කම, දියවැඩියාව,  පරම්පරාවෙන්ම ගෙල කලු පැහැ වීම, අධික තරබාරුකම,  තරබාරු වී සිහින් වීම ආදී හේතු ගෙල කලු පැහැ වීමට බලපායි. ඒත් මේ සදහා ප්‍රධාන වශයෙන් බලපාන්නේ අපිරිසිදු කමයි. මුහුණ නිතර පිරිසිදු කල ද බොහෝ දෙනා ගෙල පිරිසිදු නොකරති. මේ නිසා කාලයක් ගෙලෙහි කුණු තැම්පත්ව තිබීමෙන් ගෙල කලු පැහැ වේ..

මේ සදහා සරල ප්‍රතිකාර කීපයක්

  • යෝගට් වලට දෙහි යුෂ බිංදු කීපයක් එකතු කර ගෙලේ ආලේප කර විනාඩි 20 ට පමණ පසු සෝදා හරින්න..
  • දෙහි පොතු වේලා හොදින් කුඩු කර මී කිරි සමග එකතු කර ගෙලෙහි ආලේප කොට විනාඩි 20 ට පමණ පසු සෝදා හරින්න.
  • විටමින් ඊ කරල් රාත්‍රියට ගෙලෙහි ආලේප කොට උදෑසන සෝදා හරින්න..
  • කඩල පිටි තේ හැදි තුනකට කහ තේ හැදි බාගයක් එකතු කර සති දෙකකට වරක් ගෙල හොදින් ස්ක්‍රබ් කරන්න.
  • කෙසෙල් හෝ අලිගැටපේර වලට දෙහි යුෂ එකතු කර ගෙලෙහි ආලේප කරන්න..
  • කෝමාරිකා මදය දිනපතා ගෙලෙහි ආලේප කීරීමෙන් වඩාත් හොද ප්‍රථිපල අත්කර ගත හැකිය..
  • අල පෙති පොඩි කර හෝ අල යුෂ සමග දෙහි යුෂ බිංදු කීපයක් එකතු කර ගෙලෙහි ආලේප කරන්න..
ගෙලට විශේෂ සත්කාරයක්

ගෙල හොදින් ක්ලෙන්සර් කරන්න. කඩල පිටි ආමන්ඩ් කුඩු උලු හාල් කුඩු කිරි සමග මිශ්‍ර කර ගෙලෙහි තවර විනාඩි 5-10 ත් තිබෙන්නට හැර හොදින් ස්ක්‍රබ් කරන්න. ඉන් පසු මොයිස්චර්රයිසර් හො මසාජ් ක්‍රීම් එකක් ආලේප කර විනාඩි 10-15 ක් උඩු අතට මසාජ් කරන්න. සුදු හදුන් දෙහි යුෂ කඩල පිටි කිරි හෝ යෝගට් සමග මිශ්‍ර කර පැක් එකක් සකසා ගෙලට දමන්න.  විනාඩි 20 කින් පසු සෝදා හරින්න..

No comments:

Post a Comment