Pages

Saturday, December 5, 2015

උදරයේ ස්වාභවය අනුව කෙනෙකුගේ ගති ලක්ෂන පවසන හැටි..


   
උදරයේ ප්‍රමාණය දෙස බලා එක් එක් පුද්ගලයා කන බොන හැටි පවසන්නට ඔබට පුලුවන් උනාට ඔවුන්ගේ ගතිගුණ පවසන්නට ඔබට බැරිව ඇති. එහෙත් අංග ලක්ෂණ විද්යාවට අනුව එසේ පවසන්නට පුලුවන.

ඔව්.. නමුත් මේ කාන්තාවන්ගේ උදරයේ ස්වාභාවය අනුව ඔවුන්ගේ ගති ලක්ෂණයි..

  ඇතැම් කාන්තාවන්ගේ උදරයේ රැලි පිහිටා තිබෙනවා ඔබ දැක ඇති. යම් කාන්තාවකගේ උදරයේ රැලි තුනක් පිහිටයි නම් ඇය වාසනාවන්තියකි. විවිධ ශිල්ප ශාස්ත්‍ර ඉගෙනිමේ හැකියාව ඇයට සහජයෙන්ම හිමිය. එසේම ඇය උසස් මට්ටමේ රැකියාවක ද උරුමක්කාරියකි. යහපත් ප්‍රේම සබදාතාවක් පවත්වා ගැනීමට හැකි වෙනවා සේම එය සාර්ථක කර ගනි. නියමිත වයස් සීමාවේ දී  වාසනාවන්ත විවාහ දිවියකට ඇතුලු වෙන මෙම කතුන් නීරෝගි යහපත් දරුවන් ලබති.


 යම් ස්ත්‍රියකගේ උදරය තරමක් හෝ එසේ නැතිනම් මහත්ව එල්ලා හැලෙන ස්වාභාවයෙන් යුක්ත නම් ඇයට ප්‍රශ්න වලින් අඩුවක් නම් නැත. මනෝ ලෝකයේ සිතුවිලි අතරේ සැරිසරමින් සිහින, අපේක්ෂා බොද වී යන විට දුක් වේදනා විදිමින් ජීවත් වෙයි. නීති විරෝධි කටයුතු වලට සම්බන්ධ වීමට කැමති මැය එවැනිම පුද්ගලයකු හා විවාහ වෙයි. මුලු ජීවිත කාලයේදීම සොරකමින් මුදල් උපයයි.


  කාන්තාවකගේ යටි බඩ පෙදෙස මදක් ඉදිරියට නෙරා එන ආකාරයෙන් පිහිටයි නම් ඇය කපටි උපක්‍රමශිලි තැනැත්තියකි. සරාගිකය. ප්‍රේම කරන්නේ තම තෘප්තිය පිනිස මිස විවාහ වීමට නොවේ. තම ආශාවන් ඉටු නොවුනහොත් සැමියා අතහැර යාමට උවද දෙපාරක් නොසිතයි.


  නහර ඉලිප්පි කෘශ වු උදරයක් ඇත්තී මුලු ජීවිත කාලයම ඇඩු කදුලින් ජීවත් වෙයි. මැයට උත්සාහයේ තරමට ප්‍රතිඵල ලබා ගත නොහැක.  මෙම කතුන්ගේ විවාහ දිවිය පවා සාර්ථක වෙන්නෙ කලාතුරකිනි.


 ඝන වු රෝමකූප ඇති උදරයක් හිමි කාන්තාව ඉක්මනින් කෝපයට පත් වෙයි. මේ නිසාම ඇය ප්‍රශ්න ගොඩක් මැද අතරමං වෙයි. නිකරුනේ කාලය කා දැමීමට මොවුන් රුසියන්ය. කිසිම කටයුත්තක බරපතල බවක් සිතට නොගන්නා මෙම කතුන් අධ්‍යාපනය වගේම රැකියාව ද අඩාල කර ගනී. විවාහය ද හරි හැටි තීරණයක් ගැනීමට නොහැකිව ප්‍රමාද කර ගනී. අන් අයගේ අවවාද අනුශාසනා වලට කන් නොදෙන නිසා ජීවතය අවුල් කරගනී.


 උදරය උස් වු ආකාරයෙන් පිහිටියේ ද, මනාව යෝනි  පෙදෙස දක්වා චක්‍රා කාරව නැමී ගිය උදරයක් ඇති කත රතිකාමිනියකි. මේ නිසාම ඔවුන් එක පුද්ගලයකු හා විවාහ වී වාසය කිරීමට කැමති නැත. බොහෝ පුරුෂයන් කෙරේ ඇලුම් කරති.  ශරීරය නිරාවරණය වන ආකාරයට ඇදුම් ඇද පුරුෂ පක්ෂය තමන් වෙත අද්දවා ගැනීමට මොවුන් රුසියෝ ය. තාවකාලික සැප සම්පත් සොයා ජීවිතය අවුල් කර ගනිති. ජීවිතයේ අග භාගයේදී සැප සම්පත් නොමැතිව රෝගීව වේදනා විදිමට සිදු වෙයි.


 උදරය වටකුරුව පිහිටා එහි සිනිදු රෝම වැල් පිහිටා අැත්නම් ඇය නිර්මාණශිලි කලාකාමි තැනත්තියකි. අැයට හිමි නිදහස් මතධාරි රුපය අන් අයගේ සිත් සොරා ගැනීමට සමත්වෙයි. මැය කා අතරත් ජනප්‍රිය වෙයි. මෙම කතට සතුටින් ජීවත් වීමට හැකි ධනයක් ද හිමි කරුණාවන්ත සැමියෙකු ද ලැබෙයි. නීරෝගි වාසනාවන්ත දරුවන් ද හිමියි.


 සාමාන්‍ය වශයෙන් ඉදිරියට නෙරා නොගොස් වටකුරුව පිහිට ඇති උදරයක දකුණු පෙදෙසේ රත් පැහැ උපන් ලපයක් පිහි්ටියේ නම් ඒ කත පුණ්‍ය වන්තියකි. සැම අතින්ම උසස් ගතිගුණ ඇයට හිමි වී ඇත.  සමාජ සේවයේ යෙදෙමින් රටට සේවය කරන මෙම කාන්තාවන්ගේ නාමය මුලු රට පුරාම පැතිරෙයි.


 මෙම උපන් ලපය යම් කාන්තාවකගේ උදරයේ වම් පස පිහිටියේ නම් ඇයට සැමියාගෙන් නොමද සැප සම්පත් ලැබෙයි. වාසනා වන්ත යුග දිවියක් ගත කරයි.  ජීවිතයේ අවසාන භාගය දක්වාම ඇය සතුටින් ජීවත් වෙයි. 


 යම් ස්ත්‍රියකගේ උදරයේ සිට එක කෙලින්ම පෙකෙනිය දක්වා නුල් වැලක මෙන් රෝම කුප පිහිටියේ නම් ඇය උසස් ගති ගුණ හා අදහස් හිමි තැනැත්තියකි.  ඕනැම කෙනෙකුගේ අදහස් වලට අනුව කටයුතු කිරීමේ හැකියාව ඇයට ඇත.  විවාහය ද සාරථක වෙයි.  විවාහයෙන් පසු සැප සම්පත්  ධනලාභ හිමි සැපවත් ජීවිතයක් ගත කරයි.

No comments:

Post a Comment