Pages

Saturday, November 28, 2015

අපිට ඕන විදිහට Facebook Timeline and Tagging setting වෙනස් කරමු.

  පේස්බුක් එන්නෙ නැති කෙනෙක් නැ දැන්... ඉතිං මේ එන සමහර අයට තියෙන ප්‍රශ්න දෙකක් තමා සමහර යාලුවෝ වෝල් එකේ ලියන දේවල් තව ටැග් කරන පොටෝ.. මම දැන් ඒක ඔයාලට ඕන විදිහට පාලනය කරන්නෙ කොහොමද කියලා කියලා දෙන්න යන්නෙ. සමහර අය මේ ගැන දන්නවා උනාට තවත් අය දන්නෙ නැනේ.. අන්න ඒ අය වෙනුවෙන් මේක. දන්න අයට මතක් කර ගන්නත් එක්කම තමා හොදද.

මම මේක ගැන කියලා දෙන්න යොදා ගන්නෙ මොබයිල් පේස්බුක් ඇප්ස් එකෙන් ගත්ත ස්ක්‍රීන් ෂොට් යොදා ගෙන.. ඒ වගේම කියන්න ඕන මේකෙ තියෙන දේවල්ම තමා කොම්පියුටර් එකෙන් කරද්දිත් තියෙන්නෙ.

හරි මුලින්ම කරන්න ඕන Setting හොයා ගන්න එක.. පස්සේ ඒක ක්ලික් කරන්න..

එතකොට මේ වගේ එයි.. ඒකේ තියෙනවා නේද Timeline and Tagging අන්න ඒක ක්ලික් කරන්න.




හරි දැන් මේ ස්ක්‍රීන් ෂොට් එක බලන්න. මේකේ Who can add things to my timeline ? මෙහෙම තියෙනවා නේද..? ඒ යටතේ තමා අපිට දැන් අවශ්‍ය දේ තියෙන්නෙ.

  • Who can post on your timeline ? මේක තියෙන්නෙ සාමාන්‍යයෙන් Friends විදිහට.. එතකොට ඔයාලගේ යාලුවන්ට පුලුවන් ඔයාගේ Timeline එකේ මොනාහරි ලියන්න. පොටො එකක් දාන්න එහෙම. ඔය උපන්දින වලට සුබ පතලා එහෙම. ඉතිං වෙන අයට මොකුත් දානවට ලියනවට අකමැති නම්, මේ ස්ක්‍රීන් ෂොට් එකේ වගේ Only Me කියලා වෙනස් කරන්න. එතකොට ඒක හරි.

  • Review posts friends tag you in before they appear on your timeline ? මේක සාමාන්‍යෙයන් තියෙන්නෙ off කියලා. වෙන අය ඔයාට ටැග් කරන පොටෝ ඔයා කැමති නම් විතරක් වොල් එකට වැටෙන්න සලස්වන්න ඕන නම් ස්ක්‍රීන් ෂොට් එකේ වගේ On කියලා වෙනස් කරන්න. එතකොට හරි..  බලන්න මේ ස්ක්‍රීන් ෂොට් එක.


 දැන් කවුරු හරි පොටො එකක්  ඔයාට ටැග් කලාම මේ වගේ එයි. බලන්න මේ ස්ක්‍රීන් ෂොට් එක.


Timeline එකේ පොටො එක පේනවට කැමති නම් Add to Timeline ක්ලික් කරන්න. අකමැති නම් Hide ක්ලික් කරන්න..

එච්චර තමා කරන්න තියෙන්න.  තවත් පෝස්ටුවකින් හමු වෙමු.






No comments:

Post a Comment