ඇස්ප්‍රින් කියන්නේ ලෝකයේ වැඩියෙන්ම භාවිතා වන වේදනා නාශක ඖෂධයක්. දත් කැක්කුම්, හිසේ කැක්කුම් හා ශරීරයේ වෙනත් ස්ථාන වල ඇති ඕනෑම වේදනාවක් යටපත් කිරීමට ඇස්ප්‍රීන් වලට පුලුවන්. හැබැයි වේදනා කැක්කුම් නසන බෙහෙතක් වගේම ඇස්ප්‍රීන් වලින් ගත හැකි තවත් ප්‍රයෝජන රාශියක් තිබෙනවා. වෛද්‍යමය නොවන මෙම ප්‍රයෝජන බොහෝ දෙනෙක් න්නෙ නෑ. දැන් අපි ඔබට කියන්න යන්නේ ඇස්ප්‍රින් වලින් ගත හැකි බෙහෙතකට එහා ගිය ප්‍රතිලාභ ගැනයි.
ඉස්හොරි නාශකයක්
ඇස්ප්‍රින් වල අඩංගු වන Salicylic අම්ලය නිසා එයට බලසම්පන්න ඉස්හොරි නාශක හැකියාවක් ලැබිලා තියෙනවා. ඇමරිකානු වෛද්‍යවරයෙක් වන වෛද්‍ය Joshua zeichner පවසන පරිදි ඔබගේ සාමාන්‍ය ෂැම්පු සමග ඇස්ප්‍රීන් මිශ්‍ර කර හිස මත ආලේප කිරීම මගින් ඉස්හොරි නිසා හිස් කබල මත ඇති වී තිබෙන ආසාධනයන් සාර්ථක ලෙස පාලනය කරන්න පුලුවන්. හොදින් කුඩු කර ගත් ඇස්ප්‍රීන් පෙති දෙක තුනක් ඔබගේ සාමාන්‍ය ෂැම්පු බෝතලයට එකතු කර වෙනදා මෙන් විනාඩි 5 ක් පමණ හිස සම්බාහණය කිරීම පමණයි ඔබ කල යුත්තේ.
සම දීප්තිමත් කිරීම
ඔබ දැනටමත් දන්නවා ඇස්ප්‍රීන් වල ඇති Salicylic අම්ලය ගැන. මෙයට හැකියාව තිබෙනවා අපේ සමේ මැරුණ සෛල ඉතා හොදින් ඉවත් කරන්න. ඒ වගේම සම මත තැම්පත් වෙන අමතර තෙල් ගතිය ඉවත් කරන්න. මුහුණේ සමේ පවතින කුඩා විවර වල කුණු දුවිලි හා තෙල් නිසා ඇහිරුණු ගතිය නැති කරලා කුරුළෑ වැනි ආසාධන තත්වයන් හා සිරෝසිස් වැනි චර්ම රෝග වලට සුවය දෙන්නත් ඇස්ප්‍රීන් වලට පුලුවන්.
වතුර කෝප්ප කාලකට හොදින් කුඩු කර ගත් ඇස්ප්‍රීන් පෙති 5ක් පමණ එකතු කර මුහුණේ ආලේප කරන්න. විනාඩි 10 ක් පමණ තිබෙන්නට හැර සෝදා හරින්න.
ඇදුම් වල දාඩිය පැල්ලම් යවන්න
දාඩිය දැමීම නිසා ඇදුම් වල ඇති වන පැල්ලම් යැවීම ගෘහණියන්ට ඉතාම අපහසු කාර්්‍යයක්. නමුත් වාසනාවට ඔබට දැන් ඇස්ප්‍රීන් මගින් මෙවැනි පැල්ලම් ලේසියෙන් යවා ගන්න පුලුවන්. ඔබ කල යුතු වන්නේ තලා පොඩි කර ගත් ඇස්ප්‍රීන් පෙති කිහිපයක් වතුර ටිකක් දමා මිශ්‍රණයක් සකස් කරගෙන දාඩිය පැල්ලම් මතට එය වත් කර යම් වෙලාවක් එය පෙගෙන්නට තැබීමයි. ඉන් පසු ඉතා පහසුවෙන් දාඩිය පැල්ලම් ඔබේ ඇදුම් මතින් සෝදා ඉවත් කර ගත හැකිය.
කාර් එක ස්ටාර්ට් වෙන්නෙ නැති වෙලාවට
හිතන්න ඔබේ කාර් එකේ බැටරිය බැහැලා කාර් එක ස්ටාර්ට් වෙන්නෙ නෑ කියලා. ඔබ ඉන්නෙ ඉතාම හදිසි තත්වයක. මෙවැනි අවස්ථාවක කාර් එක පහසුවෙන් ස්ටාර්ට් කර ගන්න විදිහක් තිබෙනවා. ඇස්ප්‍රීන් පෙති කිහිපයක් කුඩු කරලා බැටරියට දාලා බලන්නකෝ අපුරුවට වැඩ කරන හැටි. මෙහිදී සිදුවන්නේ ඇස්ප්‍රීන් වල තිබෙන Salicylic අම්ලය බැටරිය තුල තිබෙන සල්පරික් අම්ලය හා ප්‍රතික්‍රියා කරලා බලය නිපද වන එක.
නැවුම් මල් වල ජීව කාලය වැඩි කර ගැනීමට
ලස්සන මල් කළඹක් හෝ කිනිත්තක් දිගු කාලයක් මැලවීමකින් තොරව තබා ගැනීමට ඔබට අවශ්‍ය නම් ඔබ කල යුතු වන්නේ බොහොම සරල දෙයක්. ස්ප්‍රේ බෝතලයක් ගෙන එයට වතුර දමා එයට කුඩු කර ගත් ඇස්ප්‍රීන් පෙති කිහිපයක් ද දමන්න. මිශ්‍රය හොදින් සොලවා නැවුම් මල් මතට වරින් වර ඉසින්න. ඒ වගේම මල් පොකුරක් කිනිත්තක් වගේ නම් ඇස්ප්‍රීන් දිය කරන ලද වතුර භාජනයක දැමීමෙන් දිගු කාලයක් මැලවීමකින් තොරව තබා ගන්න පුලුවන්.
Source - Health life vision

No comments:
Post a Comment