Pages

Friday, January 3, 2014

කේන්දරය බලමු




    අපි කවුරුත් අපේ අනාගතයේ සිදු වෙන දේ දැන ගන්න කැමතියි.. ඒ සදහා බොහො දෙනා කරන්නෙ තමන්ගේ කේන්දරය බැලීමයි.. මොකක්ද මේ කේන්දරය කියන්නෙ..? කේන්දරය ලෙස හැදින්වෙන්නෙ, දරුවකු උපදින වෙලාවට අහසේ තියෙන තරු අනුව ඒ දරුවාගේ කර්ම ශක්තිය  ජෝතීෂ්‍යට අනුව කරන විග්‍රහයයි..



අපි දැන් බලමු කොහොමද කේන්දරය බලන්නෙ කියලා.. දශාව අනුව ග්‍රහපල  මෙය ක්ලික් කරන්න... එවිට එන වින්ඩෝ එකේ ඔබේ තොරතුරු ඇතුලත් කල යුතු හැටි බලමු..



  









ඔබ ඉහත ඇති දශාව අනුව ග්‍රහ පල ලිංකුව ක්ලික් කලා නම් මේ ආකාරයේ වින්ඩෝ එකකට පිවිස ඇති..  

  • මෙහි ලග්න පලාපල කියන ලේබල් එක ක්ලික් කල විට ඔබට ඔබේ ලග්නයට අනුව දවසේ පලාපල බලා ගත හැකිය..

  • දශාව අනුව ග්‍රහ පලාපල ලේබල් එක ක්ලික් කලානම් ඔබට ඔබේ කේන්දරය සකසා ගැනීම මෙන්ම ඒ අනුව ඔබෙ අනාගතයද බලා ගත හැක..

  • හොදයි අපි අන්තිමට තියෙන පොරන්දම් ගැන බලමු.. ඒකට නම් සමහර අය කැමති ඇති... ඔයාට පුලුවන් ඔබේ සහකරු හෝ සහකාරියගේ කේන්දර අනුව පොරොන්දම් බැලීමට.. 
කොහොමද දැන් කේනදරය බලන්නෙ..? 

  1. මුලින්ම ඔබ ඔබේ උපන් ස්ථානය 'ශ්‍රී ලංකා' කියන තැන ඇති පහලට ගලා හැලෙන ලැයිස්තුවෙන් තෝරන්න.. එවිට ඔබ උපන් ස්ථානයේ පිහිටීම දැක්වෙන අක්ෂාංශ හා දේශාංශ ලැබේ..  'ප්‍රතිඵල වඩාත් නිවරසි වීම සදහා උපන් ස්ථානය ලෙස ශ්‍රී ලංකා ලෙස තියෙන්න ඇරලා අක්ෂාංශ හා දේශාංශ ඔ‍බ ලග ඇති කේන්දරයේ ඇති ලෙස සටහන් කලා නම් වඩා හොදයි...
  2. ඉන්පසු, "දිනය" කියන තැන ඔබගේ උපන්දිනය නිවරදිව සටහන් කරන්න...
  3. "වෙලාව" කියන තැන ඔබගේ උපන් වෙලාව නිවරදිව සටහන් කරන්න.. පැය 24 ඔර්ලොසුවට අනුව...
  4. දැන්, ජන්ම කේන්ද්‍රය ලෙස ගන්න කියන තැන ඇති පොඩි කොටුවට ක්ලික් එකක් දාන්න..   ඉන්පසු ගනින්න කියන බටන් එක ක්ලික් කරන්න..
සුලු මොහොතකින් ඔබේ කේන්ද්‍රයට අනුව ග්‍රහපල ඔබටම බලාගත හැකිය..

  හොදයි දැන් අපි පොරොන්දම් බලමු.. මුලින්ම පොරොන්දම් කියන ලේබල් එක ක්ලික් කරන්න..


  පොරොන්දම් ලේබල් එක ක්ලික් කලා නම් ඉහත රුපයේ විදිහේ වින්ඩෝ එකකට පිවිස ඇති...  පොරොන්දම් කියන්නෙ මොකක්ද..?

  • දෙන්නක් විවාහ වෙනවා නම් ඒ දෙදෙනාට එවිට ලැබෙන්නෙ බොහෝ විට ලැබෙන්නෙ එකම දේවල්. යාන වාහන, ගෙවල් දොරවල්, වතු පිටි, දරුවන්... ගැලපිමක් තියෙන්න ඕන සාර්ථක ජීවිතයකට.. ජෝතීෂ්‍යට අනුව. ගැලපෙනවා කියන එකෙන් අදහස් කරන්නෙ, හරියට ඇණයට ගැලපෙන නට් එක තෝරනවා වගේ.. හැම ඇණයටම හැම නට් එකම ගැල පෙන්නෙ නැ... නට් එකට හැම ඇණයම ගැල පෙන්නෙත් නැ.. පොරොන්දම් ගැලපීමත් මේ වගේ.. මම කියන්නෙ මට තේරුන විදිහට...
කලින් කේන්දරය බලපු විදිහ මතකනේ.. ඒ විදිහට මෙතනත් නිවරදිව අවශ්‍ය තොරතුරු දිලා 'ගණින්න' කියන බටන් එක ක්ලික් කරන්න.. සුලු මොහොතකින් ප්‍රතිඵල ලැබේ...

6 comments: