පැණි කොමඩු සීනි කැකිරි මෙන් ඌෂ්ණ කලාපයේ වැවෙන හොද පලතුරකි. පලතුරක් මෙන්ම පිපාසය නිවා ගන්නත් ආහාරය සදහාත් ගත හැකි කොමඩු ගෙඩියක් තුල සියයට අනුවක්ම ඇත්තේ ජලයයි.
කෘතීම පාන වර්ග වලට වඩා මෙය ගුණදායකයි. පිපාසිත අවස්ථාවක කොමඩු කෑල්ලක් කෑමෙන් දහදිය දෑමීම නිසා සිරුරින් බැහැර වන ලවණ ද සිරුරට නැවත ලබා ගැණිමට හැකි වෙයි. පිටකරන මුත්‍රා ප්‍රමාණය වැඩි කරයි. එනම් වකුගඩු වල ක්‍රියා කාරිත්වය ක්‍රමවත් කරයි.
ඌෂ්ණ කලාපයේ භූගත ජලයෙහි බොහෝ ලවණ අඩංගු නිසා මුත්‍රා ගල් සෑදීමට ඇති අවස්ථාව වැඩිය. එහෙත් පැණි කොමඩු වැනි ස්භාවික පලතුරු යුෂ මුත්‍රාගල් ඇතිවිම වලක්වන අතර ගල් ඇත්නම් දියකර හැරීමට ද උපකාරී වේ.
මෙය සීත ගුණයෙන් යුක්ත නිසා පීනස් ගතිය ඇති අයට නිතර ගැනීම සුදුසු නොවේ. එහෙත් පීනස් රෝගීන්ට උවත් ඌෂ්ණ පළාත්වලදී කොමඩු ආහාරයට ගත්තාට අහිතකර වන්නේ නැත..
පැණි කොමඩු වල සිත සහ පිත් සමනය කරන ගුණය නිසා සිරුරෙන් රුධිරය පිටවන රෝග අවස්ථායලට ගුණ දායකයි. බාහිර පිළිස්සුම් තුවාල වලට චර්ම රෝග වලට සමේ දැවිල්ලට පැණි කොමඩු යුෂයෙන් නිතර සම තෙත් කරන්න. දැවිල්ල අඩුවේ. මෙය පහත රට ප්‍රද්‍ෙශ වල වැවෙන පලතුරකි.

No comments:
Post a Comment