Thursday, December 31, 2015
Saturday, December 26, 2015
Friday, December 25, 2015
අව පැහැ වු ගෙල පැහැපත් කර ගත හැකි ප්‍රතිකාරයන් 8 ක්...
ඔබේ ගෙලත් අදුරු පැහැ වෙලා ද..? බොහෝ දෙනෙක් තම ගෙල අදුරු පැහැ වී ඇති නිසා දුක් උව ද ඒ සදහා ප්‍රතිකාර කරන්නෙ නැත.. නිසි ප්‍රතිකාර ලබා ගැනීමෙන් ගෙල නැවත පැහැපත් කර ගත හැක..
Saturday, December 12, 2015
Saturday, December 5, 2015
උදරයේ ස්වාභවය අනුව කෙනෙකුගේ ගති ලක්ෂන පවසන හැටි..
උදරයේ ප්‍රමාණය දෙස බලා එක් එක් පුද්ගලයා කන බොන හැටි පවසන්නට ඔබට පුලුවන් උනාට ඔවුන්ගේ ගතිගුණ පවසන්නට ඔබට බැරිව ඇති. එහෙත් අංග ලක්ෂණ විද්යාවට අනුව එසේ පවසන්නට පුලුවන.
Friday, December 4, 2015
Facebook එකේ තියෙන Video Download කරමු.
Facebook එකේ තියෙන වීඩියෝ අපිට Download කර ගන්න ඕන උනාම ඒක නිකන්ම Click කරලා Download කර ගන්න බැ. ඒත් ඒක ලේසියෙන්ම කර ගන්න විදිහක් තියෙනවා.
Saturday, November 28, 2015
අපිට ඕන විදිහට Facebook Timeline and Tagging setting වෙනස් කරමු.
පේස්බුක් එන්නෙ නැති කෙනෙක් නැ දැන්... ඉතිං මේ එන සමහර අයට තියෙන ප්‍රශ්න දෙකක් තමා සමහර යාලුවෝ වෝල් එකේ ලියන දේවල් තව ටැග් කරන පොටෝ.. මම දැන් ඒක ඔයාලට ඕන විදිහට පාලනය කරන්නෙ කොහොමද කියලා කියලා දෙන්න යන්නෙ. සමහර අය මේ ගැන දන්නවා උනාට තවත් අය දන්නෙ නැනේ.. අන්න ඒ අය වෙනුවෙන් මේක. දන්න අයට මතක් කර ගන්නත් එක්කම තමා හොදද.
Thursday, November 26, 2015
මුත්‍රා ගල් දිය කර හරින මහගු පලතුර....
පැණි කොමඩු සීනි කැකිරි මෙන් ඌෂ්ණ කලාපයේ වැවෙන හොද පලතුරකි. පලතුරක් මෙන්ම පිපාසය නිවා ගන්නත් ආහාරය සදහාත් ගත හැකි කොමඩු ගෙඩියක් තුල සියයට අනුවක්ම ඇත්තේ ජලයයි.
Monday, November 23, 2015
පොරොන්දම් බැලීම
විවාහයකදී එම විවාහයේ සාර්ථකත්වය දැන ගැනීමට අප සමාජයේ බොහෝ දෙනා තවමත් පොරොන්දම් බැලීම කරයි. එය දැන් අන්තර්ජාලය තුලින් ඔබට නොමිලේම බලා ගත හැක. මේ එය නිවරදිව බලා ගැනීමට කරන මග පෙන්වීමකි..
Tuesday, October 27, 2015
G mail in box එකේ ඇති E mail සියල්ල එකවර මකමු
අපි ගොඩක් අයට තියෙන්නේ G mail.. මොකද ඒක හදන්න ලේසි නිසා. ඒ නිසාම තමා ඒක Facebook එකෙ E mail එකටත් ගන්නෙ.. ඉතිං එහෙම ගත්තම ඒකට එන message, notification වලින් ඉක්මනට පිරෙනවා.. ඒ පිරෙන ඒවා සාමාන්‍යයෙන් මකන්න පුලුවන් 50 ගානේ වගේ.. මම දැන් කියලා දෙන්නෙ කොහොමද එකපාරම Inbox එකේ තියෙන Email Delete කරන්නෙ කියලා.
Friday, March 6, 2015
අසිරිමත් දේවතාවකු වු අඹ උයනේ සේවකයා
රජ ගහ නුවර ග්‍රීස්ම සෘතුව උදා විය. දැඩි අව් රස්මියෙන් පොලොව ගිනියම් වුවේ ය. සැරියුත් මහ රහතන් වහන්සේ වැඩම කරමින් උන් සේක.. ඒ වැලි මාවතකය. ය ද පා දවන තරම් රත් වී තිබිනි. උන් වහන්සේ බොහෝ පීඩාවට පත්ව සිටියහ. ගමන් වෙහෙස ද වැඩිය.. ක්ලාන්ත වුවාක් මෙන් දැනිනි. රහතන් වහන්සේ වටපිට බැලු සේක. මනා සේ වැඩුනු අඹ උයනක් දුටු සේක. ඒ අසලට වැඩියහ. විඩා හරින්නට පටන්ගත් සේක..
එම අඹ උයනේ කුලියට වැඩ කරන මිනිසෙක් සිටියේ ය. ඔහු අන්ත අසරණයෙකි. මේ මිනිසා සැරියුත් මහ රහතන් වහන්සේ දුටු වේ ය.. දිව ආවේ ය. වැද වැටුනි. ඔහුට උන් වහන්සේ පසුවන තත්වය අවබෝධ විය. ආපසු ගියේ ය. අඹ සෙවනේ අසුනක් පිළියෙල කලේ ය. නැවත රහතන් වහන්සේ වෙත ආවේ ය.
ස්වාමීනි..! ඔබ වහන්සේ විඩාවෙන් පෙලෙති. අඹ උයනට වඩින්න. එහි සෙවනේ විඩා සන්සිදුවා ගන්න යැයි අයැද සිටියේ ය. සැරියුත් මහ රහතන් වහන්සේ ඒ අහිංසක මිනිසාගේ ආරාධනය පිළි ගත්තේ ය. අඹ උයනට වැඩි යහ.. ඔහු පැනවු අසුනේ අසුන් ගත්තේ ය.
ස්වාමීනි..!ර් පැන් නාන්න කැමති ද..? උන් වහන්සේ මද සිනාවක් පැහ.
ඔහු ලිදෙන් පැන් ගෙන ආවේය.. තෙරුන්වහන්සේ නැවුවේ ය. පසුව පැන් ගෙන පෙරුවේ ය. පානයට පිදුවේ ය. පැත්තකට විය. මද වේලාවක් ගෙවිනි.
තෙරුන්වහන්සේගේ වෙහෙස මහන්සිය දුරුවිය. නැවැත ගමනට සුදානම් වුහ. ඒ දිළිදු මිනිසා උන්වහන්සේගේ දෙපා නමස්කාර කළේ ය.
සැරියුත් මහ රහතන් වහන්සේ උදක දානානුමොදනාවක් දේශනා කළේ ය. ගමනට පිටත් වු සේක.
ඒ මිනිසා උන්වහන්සේ වඩින දෙස බලා සිටියේ ය. පැන් පුදා කුසලක් කර ගත්තේ යැයි ප්‍රීතියට පත්වුයේ ය. අඹ උයනේ වැඩ නිමවා ගෙදර ගියේ ය. එදින රාත්‍රියේ ඔහු රෝගාතුර විය. මිය ගියේ ය. දෙව්ලොව උපන්නේ ය.
ඔහුට නදුන් උයන සමිපයේ අලංකාර විමානයක් පහල විය. සියුල් දිවි ඉසුරු ද හිමි විය. නෘත්‍ය ගිතාදියේ යෙදෙමින් සතුටින් සිටියේ ය.
එකල මුගලන් මහ රහතන් වහන්සේ දේවචාරිකාවේ යෙදී සිටියහ. මේ අපුරු දිව්‍ය පුත්‍රයා දුටු සේක. ඒ දෙවියා ද උන් වහන්සේට නමස්කාර කලේ ය.
දෙව් පුත, ඔබට බොහො සම්පත් ලැබී ඇත. ප්‍රිතියෙන් කාලය ගෙවයි. මෙසේ සැප විදින්නට පෙරකල බොහෝ කුසල් කලු යුතු ය. කුමක් ද කල කුසල්.
ස්වාමීණී..! පෙර කල මම රජගහ නුවර දිළිදු මිනිසෙකි. කල එකම කුසලය පැන් පිදීම පමණකි.
එය විස්තර කරන්න..
එවිට දේවතාව අතීත කථාව කිවේ ය.
එය ඇසීමෙන් මුගලන් මහ රහතන් වහන්සේ පැහැ දී ධර්ම දේශනාවක් කල සේක. ඔහුගෙන් වෙන් වී යළි දේවචාරිකාවේ යෙදුනු සේක..
__ විමානවස්තු ඇසුරිනි__
Subscribe to:
Comments (Atom)









