රජ ගහ නුවර ග්‍රීස්ම සෘතුව උදා විය. දැඩි අව් රස්මියෙන් පොලොව ගිනියම් වුවේ ය. සැරියුත් මහ රහතන් වහන්සේ වැඩම කරමින් උන් සේක.. ඒ වැලි මාවතකය. ය ද පා දවන තරම් රත් වී තිබිනි. උන් වහන්සේ බොහෝ පීඩාවට පත්ව සිටියහ. ගමන් වෙහෙස ද වැඩිය.. ක්ලාන්ත වුවාක් මෙන් දැනිනි. රහතන් වහන්සේ වටපිට බැලු සේක. මනා සේ වැඩුනු අඹ උයනක් දුටු සේක. ඒ අසලට වැඩියහ. විඩා හරින්නට පටන්ගත් සේක..
එම අඹ උයනේ කුලියට වැඩ කරන මිනිසෙක් සිටියේ ය. ඔහු අන්ත අසරණයෙකි. මේ මිනිසා සැරියුත් මහ රහතන් වහන්සේ දුටු වේ ය.. දිව ආවේ ය. වැද වැටුනි. ඔහුට උන් වහන්සේ පසුවන තත්වය අවබෝධ විය. ආපසු ගියේ ය. අඹ සෙවනේ අසුනක් පිළියෙල කලේ ය. නැවත රහතන් වහන්සේ වෙත ආවේ ය.
ස්වාමීනි..! ඔබ වහන්සේ විඩාවෙන් පෙලෙති. අඹ උයනට වඩින්න. එහි සෙවනේ විඩා සන්සිදුවා ගන්න යැයි අයැද සිටියේ ය. සැරියුත් මහ රහතන් වහන්සේ ඒ අහිංසක මිනිසාගේ ආරාධනය පිළි ගත්තේ ය. අඹ උයනට වැඩි යහ.. ඔහු පැනවු අසුනේ අසුන් ගත්තේ ය.
ස්වාමීනි..!ර් පැන් නාන්න කැමති ද..? උන් වහන්සේ මද සිනාවක් පැහ.
ඔහු ලිදෙන් පැන් ගෙන ආවේය.. තෙරුන්වහන්සේ නැවුවේ ය. පසුව පැන් ගෙන පෙරුවේ ය. පානයට පිදුවේ ය. පැත්තකට විය. මද වේලාවක් ගෙවිනි.
තෙරුන්වහන්සේගේ වෙහෙස මහන්සිය දුරුවිය. නැවැත ගමනට සුදානම් වුහ. ඒ දිළිදු මිනිසා උන්වහන්සේගේ දෙපා නමස්කාර කළේ ය.
සැරියුත් මහ රහතන් වහන්සේ උදක දානානුමොදනාවක් දේශනා කළේ ය. ගමනට පිටත් වු සේක.
ඒ මිනිසා උන්වහන්සේ වඩින දෙස බලා සිටියේ ය. පැන් පුදා කුසලක් කර ගත්තේ යැයි ප්‍රීතියට පත්වුයේ ය. අඹ උයනේ වැඩ නිමවා ගෙදර ගියේ ය. එදින රාත්‍රියේ ඔහු රෝගාතුර විය. මිය ගියේ ය. දෙව්ලොව උපන්නේ ය.
ඔහුට නදුන් උයන සමිපයේ අලංකාර විමානයක් පහල විය. සියුල් දිවි ඉසුරු ද හිමි විය. නෘත්‍ය ගිතාදියේ යෙදෙමින් සතුටින් සිටියේ ය.
එකල මුගලන් මහ රහතන් වහන්සේ දේවචාරිකාවේ යෙදී සිටියහ. මේ අපුරු දිව්‍ය පුත්‍රයා දුටු සේක. ඒ දෙවියා ද උන් වහන්සේට නමස්කාර කලේ ය.
දෙව් පුත, ඔබට බොහො සම්පත් ලැබී ඇත. ප්‍රිතියෙන් කාලය ගෙවයි. මෙසේ සැප විදින්නට පෙරකල බොහෝ කුසල් කලු යුතු ය. කුමක් ද කල කුසල්.
ස්වාමීණී..! පෙර කල මම රජගහ නුවර දිළිදු මිනිසෙකි. කල එකම කුසලය පැන් පිදීම පමණකි.
එය විස්තර කරන්න..
එවිට දේවතාව අතීත කථාව කිවේ ය.
එය ඇසීමෙන් මුගලන් මහ රහතන් වහන්සේ පැහැ දී ධර්ම දේශනාවක් කල සේක. ඔහුගෙන් වෙන් වී යළි දේවචාරිකාවේ යෙදුනු සේක..
__ විමානවස්තු ඇසුරිනි__
No comments:
Post a Comment