Pages

Thursday, January 23, 2014

නීරෝගී දරු උපතක් ලබන්නෙ කෙසේද...?


   නිරෝගී දරුවෙක් ලැබීම සැම විවාහක යුවලකගේම එකම පැතුමයි. අස්වාභාවික ගති ලක්ෂණවලින් යුත් දරුවන් බිහිවීම වැලැක්වීමට ස්වාභාවධර්මය අවශ්‍ය සියලු පියවර ගෙන තිබේ. නිරෝගී දරුවෙක් ලැබීමේ ඉඩකඩ 95% කින් පමණ වැඩි උවද, විවිධ උපත් විෂමතාවලින් යුත් දරුවන් ලැබීම පිළිබදව අවාසනාවන්ත සිද්ධි අපට අසන්නට ලැබේ.. මෙම අවස්ථා අවම කර ගන්නෙ කෙසේද..? 

පහත දැක්වෙන පියවර ගැනීමෙන් විෂමතාවලින් යුත් දරුවන් ලැබීම වලක්වා ගත හැක..

  • වයස අවුරුදු 20ත් 30ත් අතර කාලයේ දී විවාහ වන්න.
  • කිට්ටු ඥාතීන් අතර විවාහ වීමෙන් වළකින්න.
  • යොවුන් වියේ දී තැලිසිමියා වාහක තත්වය පිළිබද රුධිර පරීක්ෂණය කරගන්න.
  • තුරුණු වියේ දී රුබෙල්ලා එන්නත ලබා ගන්න.
  • දරු පිළිසිද ගැනීම සැලසුම් කර ගන්න.
  • දරුවෙක් පිළිසිද ගැනීමට පෙර අවධියේ සිට පෝලික් අම්ල විටමින් පෙති ගැනීමට පටන් ගන්න.
  • මත් ද්‍රව්‍ය, රසායන ද්‍රව්‍ය වලින් වැලකී සිටින්න.
  • තුරුණු වියේ දී ප්‍රමාණවත් තරම් ආහාර ගන්න.
  • ඔබේ දරුවාට උපත් දෝෂවලට මග සැලසිය හැකි බැවින් සුරතල් සතුන් ඇසුරින් ඇත් වන්න.


වයස අවුරුදු 20-30 අතරදි විවාහ විය යුත්තෙ ඇයි...?

විවාහ වීමට සුදුසු කාලසීමාව වයස අවුරුදු 20-30ත් අතර කාල සීමාව බව අධ්‍යයන මගින් පෙන්වා දී තිබේ. මෙම කාලසීමාව තුල උපදින දරුවන් නිරෝගී හා නොනැසී ජීවත්වීමේ තත්වයෙන් යුත් අය බව හෙපි වී තිබේ.අඩුවයස් කාණ්ඩ වලට අයත් මවුවරුන්ගේ දරුවන් ප්‍රමාණයෙන් කුඩා වන අතර, එම දරුවන්ට සංකුලතා ඇති වීමට ඇති ඉඩකඩ වැඩිය. යොවුන් වියේ පසුවන මවුවරු තවම වැඩෙන අවධියේ පසු වෙති. මේ කාලසීමාව තුල ඔවුන්ගේ සිරුරු වල පද්ධති ඒවායේ ක්‍රියාකාරිත්වය හා ශක්තිය වර්ධනය කිරීම කෙරෙහි යොමු කරයි. ළදරුවකුගේ වර්ධනය කිරීම කෙරෙහි යොමු කරයි. ළදරුවකුගේ වැඩීම සදහා වන අමතර ඉල්ලුම ඔවුන්ට අභියෝගයක්  වනු ඇත.

එලෙසින්ම වයස අවුරුදු 35 වැඩි මවුවරුන් සහජයෙන්ම ඇති වන විෂමතාවලින් යුත් බිලිදුන් බිහි කිරීමට වැඩි අවකාශයක් ඇත.. මෙයට හොදම උදාහරණය මොන්ගෝලිසම් නම් තත්වයේදී ඇති වන ඩවුන්සින්ඩ්‍රෝම් නම් තත්වයයි.. වයස 35 වැඩි මවුවරුන් ඩවුන්සින්ඩ්‍රෝම් තත්වයෙන් යුත් බිලිදුන් බිහිකිරීමේ අවස්ථා 1-2% වන අතර වයස අවුරුදු 25 අඩු මව්වරුන්ගේ එම අවස්ථාව 1% කි. මවගේ වයසට අනුව බිහිවන දරුවා ගොදුරු වන මීට සමාන රෝග ගණනාවක් ති‍බේ. වයස අවුරුදු 20ත් 30ත් අතර කාලයේදී විවාහ වීම සුදුසු යැයි කියන්නෙ එමගින් නිරෝගී දරුවකු බිහිකිරීමට ඉඩ වැඩි වන හෙයින් හා ගර්භණී භාවයේ සාර්ථක ප්‍රතිඵල අත්වෙන බැවිනි..

අනවශ්‍ය ලෙස විවාහය කල් නොදමන්න.. 
ඔබ නිර්දේශිත වකවානුවට ප්‍රථම විවාහ උවහොත් වයස අවුරුදු 20 පසු වන තෙක් දරුවන් ලැබීම පමා කරන්න.

කිට්ටු ඥාතීන්  සමග විවාහ වීමෙන් වැලකී සිටින්න..

අපේ සෛලවල ඇති ක්‍රොමසෝම් යුගල 23ට සම්බන්ධ ජාන, සිරුරේ සියලු ක්‍රියාකාරකම් කෙලින්ම හෝ චක්‍රව පාලනය කරයි.. ඉතා වැදගත් මෙම ක්‍රොමසොම් 1ක් මවගෙන් හා අනෙක පියාගෙන් ආදී වශයෙන්  යුගල ලෙස පැමිණේ. පිළිසිද ගන්නා අවස්ථාවේ සිදුවන මෙය පියාගේ ශුක්‍රාණුවක් මවගේ ඩිම්බයක් හා එක් වු විට සිදු වේ. මෙම වැදගත් සිද්ධිය සිදු වන්නෙ ඔවුන් ගැබ් ගෙන ඇති බව දැන ගන්නා දිනට සති දෙකකට පෙරය.. මවුපියන් දෙදෙනාගෙන් එක් අයකුගෙන් ලැබෙන නරක ජානයක් ළදරුවකුට උරුම විය හැකි උවත් අනෙක් තැනැත්තාගෙන් ලැබෙන යහපත් ජානයක් නිසා එයින් සිදු වන හානිය වලක්වා ගත හැක.

සහජයෙන් ලැබෙන රෝගාබාධ අවම කිරීම සදහා මව්පියන්ගෙන් එක් අයකුගෙන් ලැබෙන ජාන මගින් කෙරන හිලවු කිරීම මෙහිලා උපකාරී වේ.. එහෙත් මාපිය දෙපාර්ශ්වයෙන්ම දෝෂ සහිත ජාන ලැබීම මගින් මීට බාධා පැමිණේ. මව හා පියා ඥාතීන් වු විට මෙවන් තත්වයන් ඇති වීමට ඉඩ කඩ බෙහෙවින් වැඩිය. අහඹුවෙන් හමු වී විවාහ වන යුවලක් මෙන් නොව ඥාතීන් සමග විවාහ වීමෙන් ලැබෙන දරුවන් බොහො විට රෝගීන් වීමට බොහො දුරට ඉඩ තිබේ. තැලිසිමියා, අන්ධභාවය, බිහිරි බව,හා විවිධ හදවත් රෝග මෙවන් දරුවන් වැඩි වශයෙන් ගොදුරු වන රෝගාබාධයි..

තැලිසිමියා වලක්වා ගන්නෙ කෙසේද...?

අප රටේ දරුවන් 60 දෙනෙක් පමණ උපතින් තැලිසිමියා රෝගීහු වෙති. රුධිරයේ රතු රුධිර සෛල අකාලයේ විනාශ වීමට මෙම රෝගය මග පාදයි.. තැලිසිමියා රෝගයෙන් යුත් දරුවකුට ජීවිත කාලය පුරාම මාසිකව රුධිර පාරවිලනය කල යුතු වන අතර සිරුරේ එකතු වන අමතර යකඩ ඉවත් කිරීමට නිතිපතා නික්ෂේපනයක් කල යුතුව ඇත.. මේ සදහා රුපියල් මිලියන 10-20ක් දක්වා වන මුදලක් ජීවිත කාලයටම වැය කීරීමට සිදු වේ. එබැවින් රෝගය වැලදීමෙන් වැලකී සිටීම හොදම විකල්පය වේ. මෙය වලක්වා ගත හැකි රෝග තත්වයකි. තැලිසිමියාවෙන් යුත් දරුවකු බිහි කිරීමට මවුපිය දෙදෙනාම රෝග වාහකයින් විය යුතුය. අප රටේ තැලිසිමියා රෝගීන් සියලු දෙනාගේම මාපිය දෙදෙනා තැලිසිමියා රෝග වාහකයෝ ය. එක් අයෙක් රෝග වාහකයෙක් නොවුයේ නම් ඔවුනට දාව උපදින දරුවා තැලිසිමියා රෝගියෙක් නොවනු ඇත. ගැබිනි සාහන වලදී මවුවරුන් පිරික්සීමේදී  ඔවුන් සමහරෙක් තැලිසිමියා රෝග වාහකයින් බව පෙනී ගියද, සැමියා තැලිසිමියා රෝග වාහකයෙක් නොවේ නම් ඔවුන්ට දාව උපදින දරුවන් එම රෝගයට ගොදුරු නොවනු ඇත..

   

Monday, January 20, 2014

පිළිකාවෙන් මරණය කැදවන දුම්වැටිය..



  ම අත රැදි දුම් වැටිය දැවී අලු වී යන්නෙ යම් ‍සේද, ඒවා උරන්නාගේ ජීවිතයද  ඒ හේතුවෙන්ම එලෙසින්ම  දැවී අලු වී අකලට විනාශ වන බව අවබෝධ වු දිනෙක කිසිදු මිනිසෙකු දුම් වැටි උරන්නට උත්සුක වන්නෙ නැත. 

   ඒ මන්ද යත්, සෑම කෙනෙකුම තම ජීවිතයට යම් පමණකට හෝ ඇලුම් කරන බැවිනි.දුම් ඉරීමෙන් ලිංගික බෙලහීනතාව ඇති වී ලිංගික ජීවිතයේ තෘප්තිමත් බව බොද වී යන බව දන්නෙ නම්, නව යොවුන් වියේ කිසිදු තරුණයෙකු හො තරුණියක් දුම් වැටි උරනවා කබා උරන්නකු දිහා බලන්නෙවත් නැත. මන්ද තම සිහින ලොකයේ එක් සිහිනයක්   සදහටම සිහිනයක් පමණක් වනවාට ඔවුන්  අකැමැති නිසා ය...

 දුම්වැටිය හා පිළීකාව අතර සබැදියාව කතා කරන විට අපට මුලින්ම සිහියට එන්නෙ පෙනහළු පිළිකාවයි. පිරිමින්ගේ පෙනහළු පිළිකාවලින් වන මරණ වලින් 90% පමණද, ගැහැණුන්ගේ පෙනහළු පිළිකාවලින් වන මරණ වලින් 80% කටත් දුම්වැටි ඉරීම සෘජුවම දායක වෙයි. මිට අමතරව තවත් බොහෝ පිළිකා සදහා වන දායකත්වය ද දුම් වැටි ඉරීම මගින් ලබා දෙයි. මේ අතර, මුඛ කුහරයේ, උගුරේ ස්වර තන්තු වල, ගලනාලයේ, මූත්‍රාසයේ, අමාශයේ, ගැබ්ගෙලේ, වකුගඩුවල සහ අග්න්‍යාශයේ පිළිකා දැක් විය හැකිය. මීටත් අමතරව ඇතැම් ලේ පිළිකා සදහාද  දුම් ඉරීම යම් දායකත්වයක් සපයයි. 

 දුම්වැටි නිෂ්පාදනයේ දී සංඝටක 599ක් පමණ ඊට අන්තර්ගත කිරීමට එහි නිෂ්පාදකයන් වගබලා ගනී. දුම් වැටි දැල්වීමේදී පිට වන දුමෙහි රසායනික ද්‍රවය 7000 පමණ අඩංගු වෙයි.අඩුම තරමින් මෙයින් රසායනික ද්‍රව්‍ය 250ක් වත් මිනිස් සිරුරට විස සහිත වේ. මේ අතර හයිඩ්‍රජන් සයනයිඩ්, කාබන් මොනොක්සයිඩ්, ඇමෝනියා ප්‍රධාන වේ. ශරීරයට විස රසායනික 250න් අවම වශයෙන් 69ක් වත් පිළිකා කාරක බවට තහවුරු කරගෙන ඇත. මේ පිළීකාකාරක අතර ආසනික්, බෙන්සින්, බෙරලියම්(විස සහිත ලෝහයකි),(Beryllium 1,3) බියුටඩීන් හානිකර විස වායුවකි.(1,2 Butadiene) කැඩ්මියම් විස ලෝහයකි. ක්‍රෝමියම් විස ලෝහ සංඝටකයකි. එතිලින් ඔක්සයිඩ්, නිකල් විස ලෝහ සංඝටකයකි. පොලෝනියම් 210 විකිරණශිලි රවායනික සංඝටකයකි. ඩයනයිල් ක්‍‍ලෝරයිඩ් ප්‍රධාන තැනක් ගනී. මීට අමතරව පිළිකා ඇති කිරීමට දායක වේ යැයි සැක සිතිය හැකි වෙනත් විස රසායනිකද යම් ප්‍රමාණයකට සිගරට් දුමෙහි ඇත. මේ අතර ෆොමැල්ඩිහයිඩ්, බෙන්සො (ඇල්ෆා) පයිරීන් සහ ටොලුයින් දැක්විය හැක..  

 දුම්වැටි ඉරීම ශරීරයේ සියලුම පටක වලට හානිකරන අතර, එමගින් මිනිසාගේ ශරීර සෞඛ්‍යය අඩපණ කිරීමක් සිදු කෙරේ. මිලියන ගණනක් ඇමරිකානුවන්ගේ සෞඛ්‍යය ගැටලු වලට මුලිකව හේතු වී ඇත්තේ දුම්වැටි ඉරීමයි. ලංකාවේද දුම්වැටි උරන්නන්ගේ සෞඛ්‍යය ගැටලුවල තත්වය මීට දෙවෙනි නොවනු ඇත.පිළිකා ඇතිවීම පමණක් නොව හෟදයාබාධ, අංශබාග තත්වය ප්‍රධාන රුධිරනාළ ප්‍රසාරණය වීම පෙනහළු ආශ්‍රිතව කල්පවතින නොයෙක් ‍රෝග, ඇදුම, ඉනෙහි සන්ධි බිදීම්, ඇසෙහි සුද ඇතිවීම සහ නියුමෝනියාව වැනි ආසාදිත තත්වය ඉහල දැමීම දුම්වැටියෙන් ඇතිවන අනෙකුත් හානිදායක රෝග තත්වයන් කිපයකි.

 ඇමරිකාවේ පමණක් දුම්වැටි ඉරීමෙන් සිදු වන රෝග නිසා මරණ 4 40 000ක වටිනා ජීවිත සංඛ්‍යාවක් වසරකට අකාලයේ අහිමි වන අතර මින් 40%ක්ම දුම් වැටි ඉරීමේ ප්‍රතිඵලයක් ලෙස ඇති වු පිළිකා නිසා වන අතර, තවත් 35% ක් දුම් වැටි ඉරීමේ ප්‍රතිඵලයක් ලෙස හෟද වස්තුව ආශ්‍රීතව ඇති වු ‍රෝගාබාධ නිසා ද, අනෙකුත් 25% දුම් වැටි ඉරීමෙන් ඇතිවන පිළිකා නොවන පෙනහළු ආශ්‍රිත රෝග නිසා ද, බවයි.. මින් පැහැදිලිවම දුම්වැටි ඉරීම නොකෙරුණා නම් ඉහත සදහන් වටිනා මිනිස් ජීවිත 4 40 000ම අකාලයේ අහිමි නොවන්නට ඉඩ තිබිනි. 

 සිගරට් දුම් නොබොන්නන්ට සිගරට් දුම නිරායාසයෙන් ශරීර ගත වීමේ ක්‍රම දෙකක් ඇත. පළමු ක්‍රමය වන්නෙ තවකෙකු දල්වාගෙන සිටින දුම්වැටි‍යෙන් නිකුත් වන දුම ඒ අසලම සිට ආස්වාස කිරීම නිසා ශරීර ගත වීමයි. දෙවැන්න වන්නෙ දුම්වැටි උරන්නා විසින් පළමුව ආස්වාස කොට පසුව ප්‍රාස්වාස වාතය සමග පිට කිරීමේදී එම දුම් ඒ අසල සිටින දුම්වැටි නොවුරන පුද්ගලයන්ට ආස්වාස වීමයි. බොහො විට දුම්වැටි උරන පුද්ගලයන් ලග සිටින දුම්වැටි නොබොන පුද්ගලයන්ට මේ ක්‍රම දෙකටම 
දුම්කොළ දුම ශරීර ගතවිමට වීමට ඉඩ තිබේ. 

 ඇමරිකාවේ පිළිගත් විද්‍යාත්මක සංවිධාන ගණනාවක්ම ඉහත ක්‍රම දෙකෙන් නිරායාසයෙන් වන සිගරට් දුම ශරීර ගතවීමක් ලෙස තහවුරු කර ප්‍රකාශයට පත්කර ඇත. ඇමරිකාවේ පමණක් සැම වසරකම 3000 ක් පමණ දුම්වැටි  දුම්වැටි නොවුරන මිනිසුන් මේ ආකාරයට අන් අය උරන දුම්වැටි නිසා ඇතිවන පිළිකාවකින් මියයෑම ඉතා ඛේදජනක පුවතක් ලෙස මෙහි සටහන් කිරීම වටි.අප රටේ තත්වයද මෙයට වෙනස් නොවන බැවිනි..

 දුම්වැටිය ඇබ්බැහි වීමක් සිදු කරන්නේ ද..? 

 මෙය කාගෙත් කුතුහලයට ලක් වු කරුනකි. මිට කෙ‍ටි පිළිතුර  "ඔව්" යන්නයි. දුම්කොළයෙහි ස්වාභාවිකවම පිහිටන නිකොටින් නම් රසායනික ද්‍රව්‍ය මෙම ඇබ්බැහි වීමට හේතු කාරක වෙයි.

 දුම්වැටි ඉරීමේ දී නිකොටින් පෙනහළු තුලට යන අතර, එහිදි එය රුධිරයට ඉතා ඉක්මනින් උරා ගනු ලබයි. රුධිරය මගින් මෙය ඉතා ඉක්මනනින් මොළය කරා ගෙන යන අතර එහිදී සිදුවන රසායනික ප්‍රතික්‍රියා ඇබ්බැහි වීම‍ට හේතු වෙයි. මේ සදහා ගතවන්නෙ තත්පර කිහිපයක් වැනි සුලු කාලයකි. මෙසේ නිකොටින් මගින් දුම්වැටි සහ අනෙකුත් දුම් කොළ නිෂ්පාදන සදහා කරණු ලබන ඇබ්බැහි වීම හෙරොයින් සහ කොකෙන් භාවිතයේදී වන ඇබ්බැහි වීමට සමානය.එහෙත් හෙරොයින් සහ කොකේන් නිදහසේ වෙළදාම් කල නොහැකි අතර එය විකිණිම හො පාවිච්චි කිරීම හා ලග තබා ගැනීම දරුණු අපරාධයකි. 

 එහෙත් පුදුමයට කරුණක් වන්නෙ මිලියන ගණන් මිනිසුන් ලෙඩ කර මරා දමන දුම්වැටියට මෙම තහංචිය නොමැති වීමයි. නිති මගින් තහංචි දමන කල් බලා නොසිට  තම තමන් පෞද්ගලිකව තමන් තුල දුම්වැටියට තහංචි දමා ගතහොත් එය තමන්ගේ ශරීර සෞඛ්‍යයට මෙන්ම සාක්කුවටද හිත කර බව අමුතුවෙන් කිව යුතු නැත. දුම් වැටියට ඇති ඇබ්බැහි කිරී‍මේ හැකියාව හොදින් දන්නා දුමවැටි නිෂ්පාදකයන්ගේ මුලික ඉලක්කය වි ඇත්තෙ පාසල් දරු දැරියන් හා තරුණ තරුණියන් ය.අනුකරණයට හා අත්හදා බැලීමට වැඩි කැමැත්තක් දක්වන මොවුන් ලේසියෙන්ම මේ මාරක දුම්වැටියට බිලි විය හැක..

Friday, January 3, 2014

කේන්දරය බලමු




    අපි කවුරුත් අපේ අනාගතයේ සිදු වෙන දේ දැන ගන්න කැමතියි.. ඒ සදහා බොහො දෙනා කරන්නෙ තමන්ගේ කේන්දරය බැලීමයි.. මොකක්ද මේ කේන්දරය කියන්නෙ..? කේන්දරය ලෙස හැදින්වෙන්නෙ, දරුවකු උපදින වෙලාවට අහසේ තියෙන තරු අනුව ඒ දරුවාගේ කර්ම ශක්තිය  ජෝතීෂ්‍යට අනුව කරන විග්‍රහයයි..