Pages

Monday, September 8, 2014

ඔබ උපන් දවස අනුව ඔබ ගැන....


     ඔබ උපන් දවස අනුව ඔබ ගැන  දැන ගැනිමට කැමතිද..?  නැතිනම් ඔබේ පෙම්වතියගේ හො පෙම්වතාගේ නැතිනම් මිතුරාගේ  උපන් දවස අනුව ඔහු කුමන ආකාරයේ කෙනෙකුදැයි දැන ගැනීම‍ට ඔබ කැමති වනවා නිසැකැයි.... එසේ නම්...

මාසයේ පළමුවන දා නම්,
ඔබ නායකත්වයට හා පාලනයට ඉතා දක්ෂ අයකු ලෙස සැලකේ.ඔබට ඉතා විශාල ආත්ම ශක්තියක් හිමිය. ඔබ තෝරාගන්නා මාර්ග හා ක‍්‍රියා පිළිවෙත් බොහෝ විට නිවැරදි වේ. සංවේදී අයකු වූවත් බාහිර පරිසරයට හා අවස්ථාවන්ට ගැළපෙන පරිදි හැගීම් ය
ටපත් කර තබා ගැනීමට ඔබට හැකියාව ඇත.

2 වන දින උපන් ඔබ,
හැගීම්බර, සංවේදී, ඉක්මනින් උණුවන හිතක් හිමිය. ඔබේ ආදරවන්තයා හෝ ආදරවන්තිය ඔබගේ හැගීම් තේරුම් ගත හැකි අයකු වනවා දැකීමට ඔබ නිරන්තරයෙන් බලාපොරොත්තු වේ. සමාජශීලී ඔබට ඉතා ඉක්මනින් හා පහසුවෙන් මිතුරන් ඇතිකර ගැනීමට හැකියාවක් පවතී. නමුත් සමහර අවස්ථාවලදී ඉතා ඉක්මන් කේන්තිකාරයකු විය හැකිය. එවැනි අවස්ථාවලදී ඔබේ ධෛර්ය්‍ය අඩු විය හැකිය. ඔබ ඉතා හැගීම්බර අයකු බැවින් සුළු දේවලින් පවා කළබලවී මානසික අසහනයට හා හිතේ සාංකාවට පත් වීමේ නැඹුරුවක් පවතී.

3 වන දින උපන් ඔබ,
පහසුවෙන් ශාරීරික හා මානසික බිද වැටීම් වලට ලක්වන අයෙකි. එමෙන්ම අවිවේකීය. පහසුවෙන් රැුවටිය හැකි අයකුද ලෙසද සැලකේ. යහපත් සංකල්පනා වලින් යුක්ත ඔබ ලිවීම, කියවීම, ගායනය වැනි අංශ වලට දක්ෂතා දක්වයි. සමාජශිලී අයෙකි. ඉතා තියුණු පරිකල්පන ශක්තියක් ඔබ සතු වේ. ඔබ ආදරණීය අයෙකි. නමුත් ඉතා සංවේදීය. ජීවිතය පුරා කිහිප විටක් බිදවැටීම් සිදු විය හැකිය

4 වන දා උපන් ඔබ,
හොද කලමනාකරන හැකියාවක් ඇති එමෙන්ම හොද සංවිධායකයෙකි. තම හැගීම් පාලනය කරගැනීමට ඔබ සමත්ය. ඍජු, අවංක අයෙකි. සන්සුන්ව අසීරු වැඩ කටයුතු පවා තනිව කිරීමට ඔබ සමත්ය. හැගීම් පාලනය කරගැනීමට ඔබ සමත්ය. නමුත් ආදරය සම්බන්ධයෙන් වේගවත් තීරණ ගැනීමට පෙළඹේ. ඔබ දැඩි, මුරණ්ඩු අයකු ලෙස සැලකිය හැකිය.

 5 වන දින උපන් ඔබ,
පිරිසක් සමග එකතුවී සහයෝගයෙන් වැඩ කර ඔවුන් සතුටු කිරීමට ඔබ සමත් වේ. ඔබ බොහෝ දේවල් කිරීමේ දක්ෂකමක් ඔබ සතුය. අළුත් අළුත් අදහස් ඉදිරිපත් කරයි. ඒකාකාරීව ජීවත් වීමට ඔබ අකමැතිය. වෙනස්වීමට හා සංචාරය කිරීමට ඔබ වැඩි නැඹුරුවක් දක්වයි. ක‍්‍රම ක‍්‍රමයෙන් දියුණුවන, ඕනෑම දෙයකට පහසුවෙන් හැඩගැසෙන ඔබ ඉක්මන් තීරණ ගැනීමට පෙළඹෙයි. ඔබ අවංක අයෙක් වන අතර විශ්ලේෂනය කිරීමට විශේෂ හැකියාවක් ඇත. අවිවේකී පරිසරයක ජීවත් වන ඔබ ටිකක් කළබල අයෙකි. තම වගකීම් හරි හැටි ඉටුකිරීමට ඔබට අපහසුය.

6 වන දින උපන් ඔබ,
වගකීම් සහගතව කටයුතු කරන, ස්වභාවික අදහස් උදහස් වටහාගන්නා යහපත් අර්ථචරියාවෙන් යුක්ත ය. හැමදෙනාටම අවංක වීම ඔබ සතු ගුණාංගයකි. තම පවුල පිළිබදව මෙන්ම මිතුරන් පිළිබදවද විශේෂ සැලකිල්ලක් දක්වයි. වගකීම් සහගතව හා අරපරෙස්සමින් යුතුව කටයුතු කිරීම ඔබ තුල දැකිය හැකි විශේෂ ලක්ෂණ වේ.

7 වන දින උපන් ඔබ,
ඔබ සර්වශුභවාදී පුද්ගලයකු ලෙස හැදින්විය හැකිය. විවිධ හේතූන් නිසා ඔබ තනිපුද්ගලවාදියකු ලෙසද කටයුතු කරයි. තියුණු විශ්ලේෂණ හැකියාවක් ඔබ සතුය. ඒ මගින් තර්කානුකූලව සිතීමට ඔබ පෙළඹේ. ඔබ ආධ්‍යාත්මිකව බොහෝ ශක්තිමත් අයෙකි. බොහෝ සංවේදීය. ඔබ බොහෝ විට කල් ගෙවන්නේ නම් දෙයක් පිළිබද කලකිරීමෙනි. නිසි පිළිවෙලකට වැඩ කිරීමට ඔබ තැත් නොකරයි. තනිවී වැඩ කිරීමට ඔබ කැමතිය. නැතිනම් සියල්ලම තමා යටතේ පාලනය කිරීමට කැමතිය. මධ්‍යස්ථව සිතයි. ටිකක් මුරණ්ඩු වේ.

8 වන දින උපන් ඔබ,
ඔබ ව්‍යාපාරවලට ඉතාමත්ම දක්ෂ අයෙකි. පාලනයට විශේෂ දක්ෂතාවක් දක්වයි. ඔබ ඕනෑම දෙයක අගය තක්සේරු කිරීමට පෙළඹෙන ස්වභාවයක් ඇත. තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ නම් සාර්ථකත්වයට පත්විය හැකිය. කුඩා කල සිටම ඔබ තුල පාලනය කෙරෙහි විශේෂ කැමැත්තක් පවතී. මුදල් පරිහරනයේදී ඔබ ඉතා සකසුරුවම් අයෙකි. සාමාන්‍යයෙන් ඔබ කාර්යබහුල අයකු නොවේ. නිකරුනේ ගත කරන කාලය ප‍්‍රයෝජනවත් දෙයක් සදහා වැය කිරීමට ඔබ පෙළඹේ. ද්‍රව්‍යමය අතින් ඉතා ඉහල දියුණු තත්වයකට පත්වීමට ඔබට හැකිය.

9 වන දින උපන් ඔබ,
පරමදර්ශනවාදියෙකි. එමෙන්ම මානව හිතවාදියෙකි. ඔබ පුළුල් හදවතක් ඇති, සාධාරණ, නිර්ලෝභී අයෙකු නිසා පහසුවෙන් අනෙකුන් හා කටයුතු කල හැකිය. අන්‍යයන්ගේ අවශ්‍යතා හා අදහස් වලට සංවේදී අයකු වන ඔබ ඉතා කරුණාවන්තය.

10 වන දින උපන් ඔබ,
ස්වාධීනව හිතන අයෙකි. ඔබ නායකත්ව ගති ලක්ෂණ පෙන්නුම් කරයි. ඔබේ සැලසුම් සාර්ථක කර ගත හැකිය. ඔබ සංවේදී අයෙකි. නමුත් ඔබ ඔබගේ හැගීම් යටපත් කරගනී. කිහිප අවස්ථාවකදීම ඔබට නායකත්වයට පත්වීමේ අවස්ථාව ඇත.

11 වන දින උපන් ඔබ,
පරමදර්ශනවාදියෙකි. බල කිරීමට වඩා ඒත්තු ගැන්වීම මගින් යමක් කල හැකි යයි ඔබ සිතන නිසා ඔබ අන්‍යයන් සමග ඉතා හොදින් වැඩ කටයුතු කිරීමට සමත් වේ. ඔබටම ආවේණික වූ ආධ්‍යාත්මික සිතුවිලි ඔබ සතුය. ඔබ පරීක්ෂාකාරී, සංවේදී, මනෝධීන අයකු ලෙසද හැදින්විය හැක. හොද මතකයක් ඔබ ඔබ සතු වන අතර ව්‍යාපාර වැඩකටයුතු සිදුකිරීමේදී විවිධ ගැටළු වලට මැදි විය හැක. ඔබ අනිවාර්යයෙන්ම නිර්මාණශීලී අයෙක් වන අතර මේ ආභාෂය ඔබේ දියුණුව සදහා යොදා ගත හැකිය.

12 වන දින උපන් ඔබ,
මානසිකව හා භෞතිකව විටින් විට බිදවැටීම් වලට ලක්වීමට සිදුවේ. ඔබ අවිවේකී, පහසුවෙන් මුලාවීමේ ප‍්‍රවනතාවක් ඇති අයකු ලෙසද පැවසිය හැකිය.ඔබ ඉතාමක් හොද සිතුවිලි වලින් යුක්තය. ලිවීම, කියවීම, හා ගායනය ආදී ක්ෂේත‍්‍රවලට විශිෂ්ඨත්වයක් දක්වන ඔබ හැමවිටම අන්‍යයන් සමග ඇසුරු කිරීමට දක්ෂ, කාර්යක්ෂම අයකු වේ. ඉතා තියුණු පරිකල්පන ශක්තියක් ඔබ සතුය. නමුත් ඔබ ඔබේ උනන්දුව අඩුකරගෙන විවිධ බාහිර ප‍්‍රශ්න පිළිබදව ආකූලතා ඇති කර ගැනීමට පෙළඹේ. ප‍්‍රායෝගික, තර්කාන්විත සිතුවිලි වලින් යුක්ත ඔබ පේ‍්‍රමණීය, හිතෛෂි අයෙකි. නමුත් ඉතා සංවේදීය. ජීවිතය පුරාවට විටින් විට බිද වැටීම්වලට මුහුණදීමට ඔබට සිදු වේ.

13 වන දින උපන් ඔබ,
විශිෂ්ඨ කලමණාකරුවෙක් හෝ සංවිධායකයෙකි. එම නිසා ඔබ අනෙක් අය අතර කැපී පෙනීමට ලක්වේ. වගකීම් සහගතව කටයුතු කරන ඔබ විනීත අයෙකි. අවංකය. බොහෝ විට සන්සුන්ව තනිවී වැඩ කිරීමට යොමුවේ. ඔබ නිවැරදි යයි සිතා සිදු කරන සමහර දේ නිසා සමහරුන් පීඩාවට පත්විය හැකිය. එය ඔබගේ දුර්වලතාවයකි.

14 වන දින උපන් ඔබ,
පිරිසක් සමග එකතුවී සහයෝගයෙන් වැඩ කර ඔවුන් සතුටු කිරීමට ඔබ සමත් වේ. ඔබ බොහෝ දේවල් කිරීමේ දක්ෂකමක් ඔබ සතුය. අදහස් ඉදිරිපත් කිරීමේදී ඔබ ඉතා දක්ෂය. එමෙන්ම ක‍්‍රමානුකූල හොද සංවිධායකයෙකි. ඒකාකාරීව ජීවත් වීමට ඔබ අකමැතිය. වෙනස්වීමට හා සංචාරය කිරීමට ඔබ වැඩි නැඹුරුවක් දක්වයි. ක‍්‍රම ක‍්‍රමයෙන් දියුණුවන, ඕනෑම දෙයකට පහසුවෙන් හැඩගැසෙන ඔබ ඉක්මන් තීරණ ගැනීමට පෙළඹෙයි. ඔබ අවංක අයෙක් වන අතර විශ්ලේෂනය කිරීමට විශේෂ හැකියාවක් ඇත. අවිවේකී පරිසරයක ජීවත් වන ඔබ ටිකක් කළබල අයෙකි. නැවන නැවතත් එකම දෙයකට කලබල වන අයෙකි. තම වගකීම් හරි හැටි ඉටුකිරීමට ඔබට අපහසු වේ.

15 වන දින උපන් ඔබ,
නිරන්තරයෙන්ම තම පවුලේ සාමාජිකයන් සමග ඉතා ශක්තිමක් බැදීමක් පවතී. ඉතා යහපත් දෙමව්පියෙක් හෝ ගුරුවරයෙක් වීමට ඔබට හැකියාව ඇත. ඔබ බොහෝ වගකීම් දැරිය හැකි දක්ෂ අයෙකි. අන්‍යයන් අතර එකමුතුකම පවත්වාගැනීමට ඔබ නිරන්තරයෙන් උත්සාහ ගනී. නිරීක්ෂනය, අධ්‍යයනය හා ගවේශනය කිරීම තුලින් යමක් ඉගෙන ගැනීමට ඔබ යොමු වේ. කලා අංශයේ ඔබට බොහෝ දුර ගමන් කල හැකිය. ඔබ නිර්ලෝභී අයකු ලෙස සැලකේ. නමුත් සමහර අවස්ථා වලදී ටිකක් මුරණ්ඩු චරිතයකි

16 වන දින උපන් ඔබ,
හුදකලාවට කැමති පුද්ගලයෙකි. සාමාන්‍යයෙන් තනිවී වැඩකටයුතු කිරීමට කැමති ඔබ සතුව දැඩි, ස්ථීර, පහසුවෙන් නො‍නැමෙන ආකාරයේ හිතක් ඇත. ඔබ ස්වාධීනව කටයුතු කිරීමට උත්සාහ කරයි. ඔබේ විවේකයෙන් බොහෝ කාලයක් ඔබ වෙන්කරන්නේ කල්පනා කිරීම සදහාය. සමහර අවස්ථාවල තරමක් මුරණ්ඩු ගති ලක්ෂණ පෙන්වන ඔබ දැඩි මතධාරියකු ලෙස සැලකිය හැකිය. මේ හේතුවෙන් ස්ථාවර සම්බන්ධතා පවත්වාගෙන යාම ඔබට අපහසුය. නමුත් බාහිර පුද්ගලයන් හට පෙනෙන්නේ ඔබ නිවසේදී හා සමාජයේ හොද සම්බන්ධතාවක් පවත්වාගෙන යන්නෙකු ලෙසය. තාක්ෂණික අංශය, විද්‍යාත්මක විෂයයන්, ආගමික ගවේෂනය ආදිය ඔබ වඩාත් ප‍්‍රියකරන අංශයන් වේ. ඔබ ඉතා හැගීම්බර අයෙකි. නමුත් ඒ බව බාහිර පරිසරයට පෙන්වීමට ඔබ කටයුතු කරන්නේ නැත. මේ නිසා ආදරය ප‍්‍රකාශ කිරීමේදී හෝ ආදරය ලැබීමේදී යම් යම් දුෂ්කරතාවලට පත්වීමට ඔබට සිදුවේ.

17 වන දින උපන් ඔබ,
මූල්‍යමය අතින් උපතින්ම වාසනාවන්ත අයෙකි. 17 යනු ව්‍යාපාරවලට ලැදි අයට ඉතාමත් සුභ දිනයකි. ඔබ සාමාන්‍යයෙන් අවංක, ගුණගරුක අයෙකි. වාණිජමය ව්‍යාපාරවලදී සාර්ථකව වාසි ලැබීමට ‍මෙම දිනයේ උපන් අයට හැකියාව ඇත. අතිදක්ෂ සංවිධායකයෙක් මෙන්ම කලමනාකරුවෙකි. විශාල ව්‍යාපෘති පවා පාලනය කල හැකිය. බලාපොරොත්තු සාර්ථක වේ. ආරම්භ කල සියළුම වැඩ අවසාන කරයි. සංවේදීය. නමුත් අපරික්ෂාකාරී වීම නිසා ආදර කටයුතු සම්බන්ධයෙන්දුෂ්කරතා ඇති විය හැකිය

18 වන දින උපන් ඔබ,
කණ්ඩායමක් ලෙස වැඩ කිරීමට කැමතිය. නමුත් සමහරුන්ගේ අවශ්‍යතාවයන් මත තනිව වැඩ කිරීමට පවා ඉදිරිපත් වේ. මානවවාදී, පරාර්ථකාමී අයෙකි. පාලනය හා සංවිධානය සම්බන්ධයෙන් දක්ෂතාවක් ඇත. පුළුල් දැක්මක් ඇති ඔබ සාධාරණ, ත්‍යාගශීලී, කාරුණික සිතුවිලි වලින් යුක්තය. ඔබ ඔබගේ හැගීම් ප‍්‍රදර්ශනය කරන අයකු වූවත් සමහර විට ඒවා සගවා තබා ගැනීමට පෙළඹේ.

19 වන දින උපන් ඔබ,
ඔබ මධ්‍යස්ථව සිතන අයෙකි. නමුත් ඔබේ සැලසුම් ඔබට රිසි ආකාරයට සිදු කිරීමට බාධා ඇතිවේ. පුළුල් දැක්මක් ඇත. සංවේදීය. නමුත් හැගීම් සගවා තබාගැනීමට ඔබ පෙළඹේ. ඔබ ඔබේ සමහර ගති ගුණ නිසා සමාජයේ කැපී පෙනෙන අයෙකි. අවවාද පිළිගැනීමට තරමක මැලිකමක් දක්වයි. අත්දැකීම් තුලින් ඉගෙනගැනීමට ඔබ ප‍්‍රිය කරයි. අසීරු අවස්ථා වලටද මුහුණදීමට සිදුවිය හැකිය. විවාහයෙන් පසුවද ඔබ ඔබේ හැගීම් වෙනස් කර නොගනී. ඉක්මනින් කලබලයට පත්වන ඔබ ලේසියෙන් කෝපයට පත්වේ.

20 වන දින උපන් ඔබ,
හැගීම්බර, සංවේදී අයෙකි. සමාජශීලී බවින් පොහොසත් ඔබ ඉක්මනින් මිතුරන් ඇති කර ගැනීමට සමත්වේ. පහසුවෙන් උණුවන හිතක් සහිත ඔබ වහා කලබල වන ස්වරූපයක් පෙන්වයි. ආදරය කිරීම සදහා බලාපොරොත්තු වන්නේ තමන්ගේ හැගීම් අවබෝධ කරගැනීමට හැකි පෙම්වතෙක් හෝ පෙම්වතියකි. සමහර විටෙක අධෛර්ය්‍යට පත් වීම හා නොසන්සුන් වීම ඔබගේ දුර්වලතාවයකි. එවැනි අවස්ථාවල මානසිකව බිදවැටීම් වලට ලක් විය හැක. ජීවිතයේ කිහිප විටකම මෙවැනි බිදවැටීම් දක්නට ලැබේ.

21 වන දින උපන් ඔබ,
ඔබ පහසුවෙන් ශාරීරික හා මානසික බිද වැටීම් වලට ලක්වන අයෙකි. එමෙන්ම අවිවේකීය. පහසුවෙන් රැුවටිය හැකි අයකුද වේ. යහපත් සංකල්පනා වලින් යුක්ත ඔබ ලිවීම, කියවීම, ගායනය වැනි අංශ වලට දක්ෂය. සමාජශිලී අයෙකි. ඉතා තියුණු පරිකල්පන ශක්තියක් ඔබ සතු වේ. ඔබගේ සිතුවිලි තර්කාන්විතය. එමෙන්ම ප‍්‍රායෝගිකය. නමුත් බාහිර ප‍්‍රශ්න නිසා ඔබේ උනන්දුව අඩු විය හැකිය. ඔබ ඔබේ පවුල හා හිතමිතුරන් අතර ආදරණීය අයෙකි. නමුත් ඉතා සංවේදීය. ජීවිතය පුරා කිහිප විටක් සිදුවන බිදවැටීම් වලින් ජයගැනීමට ඔබ උත්සාහ කල යුතුය.

22 වන දින උපන් ඔබ,
ඔබ සතු වගකීම් ඒ ආකාරයෙන්ම ඉටුකරයි. භාරගත් විශාල වැඩකටයුතු පවා ඒ ආකාරයෙන්ම ඉටු කිරීමට ඔබ සමත්ය. කිරීමට අපහසු දීර්ඝකාලීන වැඩ පවා නිමකරයි. කුඩා කාලයේදී ඔබ මුරණ්ඩු අයෙකු ලෙස සැලකේ. ඔබ ඉතා හොද සංවිධායකයෙකි. චිත ඇදීම සදහාද රුචිකත්වයක් දක්වයි. ආරක්ෂාකාරී, බුද්ධිමත් අයකු වූවත් ඔබ ඉක්මනින් කලබලයට පත් වීමට ඉඩ ඇත.

23 වන දින උපන් ඔබ,
පිරිසක් සමග එකතුවී සහයෝගයෙන් වැඩ කර ඔවුන් සතුටු කිරීමට ඔබ සමත් වේ. ඔබ බොහෝ දේවල් කිරීමේ දක්ෂකමක් ඔබ සතුය. අදහස් ඉදිරිපත් කිරීමේදී ඔබ ඉතා දක්ෂය. එමෙන්ම ක‍්‍රමානුකූල හොද සංවිධායකයෙකි. ඒකාකාරීව ජීවත් වීමට ඔබ අකමැතිය. වෙනස්වීමට හා සංචාරය කිරීමට ඔබ වැඩි නැඹුරුවක් දක්වයි. ක‍්‍රම ක‍්‍රමයෙන් දියුණුවන, ඕනෑම දෙයකට පහසුවෙන් හැඩගැසෙන ඔබ ඉක්මන් තීරණ ගැනීමට පෙළඹෙයි. ඔබ අවංක අයෙක් වන අතර විශ්ලේෂනය කිරීමට විශේෂ හැකියාවක් ඇත. අවිවේකී පරිසරයක ජීවත් වන ඔබ ටිකක් කළබල අයෙකි. නැවන නැවතත් එකම දෙයකට කලබල වන අයෙකි. තම වගකීම් හරි හැටි ඉටුකිරීමේදීනම් ඔබට අපහසුතා ඇති වේවි. ඔබ බොහෝ සමාජශීලීය. ඉක්මනින් මිතුරන් ඇති කර ගැනීමට හැකිය. එමෙන්ම ඔබ හොද ගමන් සගයෙකි.

24 වන දින උපන් ඔබ,
වගකීම් දැරීමට දක්ෂය. අන්‍යයන්ට උදව් කිරීම ඔබේ ජීවිතයේ දක්නට ලැබෙන යහපත් ගතිගුණයකි. ඔබ යම් ගැටළුකාරී අවස්ථාවලදී මැදිහත්කරැුවකු වී සාමය සලසන අයකු ද වේ. තම පවුල හා මිතුරන් වෙනුවෙන් උපරිමයෙන් කැපවේ. ඔබ පරිපාලනයට හා ආරක්ෂා කරගැනීමට විශේෂ නැඹුරුවක් දක්වයි. සමහර වියටෙ ඔබ හැගීම්බර, සංවේදී අයෙකි. ආදරය කිරීමේදී හෝ ලැබීමේදී ආදරය ඔබට බොහෝ වටිනා දෙයක් ලෙස සලකයි.

25 වන දින උපන් ඔබ,
තාක්ෂණය, විද්‍යාව හෝ සංකීර්ණ විෂයයන් සම්බන්ධයෙන් රුචිකත්වයක් දක්වන අයෙකි. ඔබ සර්වසුභවාදී, සම්ප‍්‍රදානුකූලව වැඩ කරන අයකු ලෙස දැක්විය හැක. තාර්තික ලෙස, බුද්ධිමත්ව, වගකීම් සහගතව සිතීම ඔබ සතු විශේෂ ලක්ෂණයකි. ඔබේ වින්දනයන්/හැගීම් ඉතා ගැඹුරු නමුත් ඒ බව පෙන්වීමට ඔබ කැමති නැත. ඔබ ඉතා රහසිගත චරිතයකි. සමහර විට දැඩි මතධාරියකු වේ. ඔබ මිතුරන් අතර සැලකෙන්නේ පරික්ෂාකාරී, වැඩි කතා නොමැති නිහඩ චරිතයක් ලෙසය. නිෂ්පාදන කටයුතු වල දක්ෂ ඔබ පිළිබදව අසාධාරණ විසදුම් ගන්නා කෙනෙකු ලෙස පෙනිය හැක.

26 වන දින උපන් ඔබ,
ව්‍යාපාර ලෝකයේ විශාල දියුණුවක් ඇති අයෙකි. ඔබ ජීවත් වන පරිසරය තුලින් ඔබගේ හැකියාවන් වැඩිදියුණු කර ගැනීමට ඔබ සමත්ය. සංවිධානයථ කලමනාකරනය, පාලනය අතින් ඔබ ඉදිරියෙන් සිටියි. ඔබ මුදල් භාවිතයේදී කාර්යක්ෂම අයෙකි. ඔබගේ අධිෂ්ඨානයන් ඉතා ශක්තිමත්ය. ඔබ සාමාන්‍යයෙන් ඕනෑම දෙයකට පහසුවෙන් හැඩ ගැසෙන සහයෝගයෙන් කටයුතු කල හැකි කෙනෙකි. පුළුල් දැක්මක් ඇත. ඔබගේ සිතුවිලි ප‍්‍රායෝගික මෙන්ම තාත්වික ඒවාය. ද්‍රව්‍යමය අතින් තෘප්තියක් ලැබීමට ඔබ සමත්ය.

27 වන දින උපන් ඔබ,
මානවවාදී, පරාර්ථකාමී අයෙකි. මිනිසුන් සමග සුහදව වැඩ කටයුතු කිරීමේ හැකියාව ඔබට උපතින්ම පිහිටා ඇත. නමුත් ඔබේ විවේකයෙන් බොහෝ කාලයක් කල්පනා කිරීම සදහා වෙන්කරයි. පුළුල් දැක්මක් ඇති ඔබ සාධාරණ, ත්‍යාගශීලී, සහයෝගයෙන් වැඩ කිරීමට කැමති අයෙකි. එම නිසා බොහෝ මිතුරන් ඇති කර ගැනීමට ඔබට හැකිය.

28 වන දින උපන් ඔබ,
ස්වාධීනව හිතන අයෙකි. ඔබ කුඩා කල සිටම නායකත්ව ගති ලක්ෂණ පෙන්වයි. බොහෝ විට ඔබ ගන්නා තීරණ නිවැරදිය. පටන්ගත් සියළු දේ අවසාන කිරීමට ඔබ අසමත්ය. නමුත් ඔබේ සැලසුම් සාර්ථක වේ. සංවේදී අයකු වුවත් ඔබ ඔබගේ හැගීම් යටපත් කරගනී. විවිධ අවස්ථාවලදී නායකත්වයට පත්වීමේ ප‍්‍රවනතාවක් ඇත.

29 වන දින උපන් ඔබ,
ඔබ පරමදර්ශනවාදියකු ලෙස සැලකේ. නිර්මාණශීලීය. නමුත් ව්‍යාපාර කටයුතු වලට අදක්ෂය. පරීක්ෂාකාරී සංවේදී අයකු වේ. නමුත් විශ්ලේෂී හැකියාව අතින් දුර්වලය. වහා කළබල වන අයෙකි. සමහර විටෙක අකාර්‍යක්ෂම අයෙකු ද වේ.

30 වන දින උපන් ඔබ,
ඔබ ඔබේ සතුට වෙනුවෙන් තම අදහස් පාලනය කර ගැනීමට යොමුවේ. නිර්මාණශීලී අයකු වන ඔබ ලේඛණය සදහා විශේෂ දක්ෂතාවක් දක්වයි. නිරවුල් පිරිසිදු අදහස් ඇත. ඔබ සහජ විකටයකු හෝ රංගන ශිල්පියකු වීමට ඉඩ ඇත. ඔබට සාර්ථක ලේඛකයකු හෝ පිටපත් රචකයකු වීමට භාග්‍යය ඇත. ශක්තිමත් අදහස් වලින් යුක්ත ඔබ නිතරම සාධාරණ පැත්ත ගැනීමට යොමුවේ.

31 වන දින උපන් ඔබ,
හොද කලමනාකරන හා සංවිධානාත්මක හැකියාවක් ඔබ සතුවේ. ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් ඉහල දියුණුවක් ලැබිය හැකිය. දැඩි කැපවීමකින් වැඩ කරන ඔබ ඉවසීමට සමත් අයෙක් නිසා ඒ මගින් දියුණු වීමට අවස්ථාව ඇත. ප‍්‍රකෘතිමත් අයෙක් ලෙස සැලකුනද සමහර විටෙක දැඩි තීරණ ගන්නා, මුරණ්ඩු අයෙක් ලෙසද සැලකිය හැකිය. සමහර විටෙක සංවේදීය. නමුත් තම හැගීම් පාලනය කිරීමට ඔබ පෙළඹේ. බොහෝ විට ඔබ ගන්නා තීරණ නිවැරදි වන නමුත් සමහර දේ නිසා ඔබේ උනන්දුව හීන කරගැනීමට යොමුවේ. ප‍්‍රායෝගිකව සිතා යමක් සිදු කරන අයෙකි. සංචාරයට කැමති ඔබ තනිවී ජීවත්වීමට අකමැතිය. ඉක්මනින් විවාහයට යොමුවේ. වගකීම් දැරීමට හැකි අයෙක් වන නිසා දියුණුවට පත් විය හැකිය.

Tuesday, September 2, 2014

දෛව අංකය අනුව ඔබේ ජීවිතය


තාරකා ශාස්ත්‍රය හරහා නිර්මාණය වී ඇති විශ්වීය ශිල්පයක් ලෙස ජ්‍යොතිෂයෙන් සිදුවන අපරිමිත සේවය අනන්තය. අප්‍රමාණය. එසේම මිනිසාගේ ජීවිතය කැඩපතක් සේ දකින තාරකා ශාස්ත්‍රයට අයත් අංක විද්‍යාව ද ඉතිහාසයට එක්වන්නේ පුරාණ බැබිලෝනියානු ශිෂ්ටාචාරයේ සිටය. ග්‍රීක ගණිතඥ පෛතගරස් විසින් නූතනයේ අංක විද්‍යාවට නව මුහුණුවරක් දෙමින් ලෝකය පුරා පැතිර යාමට සලස්වන ලද අංක විද්‍යාව කොටස් කිහිපයකට බෙදමින් දෛව අංකය, ජන්ම අංකය, පෞරුෂ අංකය, හෘද අංකය, යන ආකාරයෙන් මිනිසාගේ ත්‍රෛකාලය හඳුනා ගැනීමට උපයෝගී කරගෙන ඇත.

   දෛව අංකය සොයා ගැනීමේදී ඉතා පහසුවෙන් තම උපන්දිනය භාවිත කරනු ඇත. ඕනෑම කෙනෙකුගේ උපත ලැබු වර්ෂය, මාසය, දිනය එක් එක් ඉලක්කම බැගින් එකට එකතු කිරීමෙන් දෛව අංකය සොයා ගත හැකිය. උදාහරණයක් වශයෙන් 1950. 10. 12 දින උපත ලැබු අයෙකුගේ දෛව අංකය ලබාගන්නේ මෙසේ ය.


1 + 9 + 5 + 0 + 1 + 0 + 1 + 2 = 19 - 1 + 9 = 10 - 1 + 0 =1

මෙහි දෛව අංකය වන්නෙ  අංක 1 ය... අපි බලමු දෛව අංක අනුව ඔබේ ජීවිතය කෙසේ විස්තර වේද කියා..

දෛව අංකය 1
බාහිර සමාජයේ ගැටලු නැහැ
අංක 1 අයත් වන්නේ රවි ග්‍රහයාගේ බලයට අනුවය. නායකත්වය එඩිතරකම නිතරම අපේක්ෂා කරන්නෙකි. කිසිවෙකුට හෝ වරදක් නොකරන ඔබ, ඔබට වරදක් ‍කරන්නෙකුට දඬුවම් දීමට පසුබට වන්නේ ද නැත. තමාට ඉටුකිරීමට අපහසු කටයුතු පවා නොපැකිලවම භාර ගන්නා ඔබට එය කෙසේ හෝ නිවැරදිව ඉටුකිරීමට හැකි වේ. සමාජයේ, පරපුරේ කැපී පෙනෙන චරිතයක් ලෙස ඔබ නොදන්නා දේ පවා දන්නා පරිදි කියා දීමට හැකියාව ලබා ඇත. ජීවිතය ජය ගැනීමට ඔබ ඕනෑම උපක්‍රමයක් හෝ අනුව කටයුතු කරන්නෙකි. නමුත් කපටි කෛරාටික ගතිගුණවලින් හෙබි අයකු නොවේ. ඔබ ඇසුරු කරන්නේ තෝරාගත් අය පමණකි. ඒ නිසා බාහිර සමාජයෙන් අනවශ්‍ය ගැටලු ඔබට නැත.

දෛව අංකය 2
සකසුරුවම ඇතිකර ගත යුතුය
ඔබේ උපන් දින එකතුවට අනුව 2 ලබා ඇති දෛවය අයත් වන්නේ සඳුටය. සිතේ කරුණාව මෛත්‍රිය ඇති, නිතරම චංචල සිතින් යුතු, බිය සැක අවිශ්වාසය නිසා සිතේ කනගාටුව ඇති, තේරුම් ගැනීමට අපහසු අයෙකි. ඔබ උපතින් සංවේදී අයෙකු වේ. කලාවට බොහෝ ලැදි වේ. සිතේ ඇති අදහස් දුරදිග නොබලා පැවසීම හානියකි. අනුන්ගේ විපතේ දී කම්පා වන ඔබ අනුකම්පාව නිසා බොහෝ කරදර පටලවා ගනී. නොසැලකිලිමත්කම ඔබේ දුර්වලතාවයකි. ගේ දොර අලංකාරවත්ව පිරිසිදුව තබා ගැනීම ඔබේ යහපත් ගුණයකි. සමාජ සුබසාධන සහ ආගමික කටයුතුවලට ඔබේ නැඹුරුව වැඩි වේ. සෙම් අමාරු, පීනස, වැනි ලෙඩ රෝගවලින් ප්‍රවේශම් විය යුතුය. ඔබේ මුදල් කටයුතු වරින් වර වෙනස් වේ. සකසුරුවම්කම ඇතිකර ගත යුතුයි. අනුන්ගේ අඩුපාඩු ඔබට හොඳින් පෙනේ. නමුත් එය පැවසීමෙන් ඔබටම හානිදායක විය හැකිය.

දෛව අංකය 3
වගකීම වගකීමක් ලෙස සලකයි
ඔබේ දෛව අංකයට බලපාන ග්‍රහයා ගුරු හෙවත් බ්‍රහස්පතිය. ඔබ බොහෝ ගුණවත්, සාධාරණ, කාරුණික අයෙකි. ලෝබකම සහ ආත්මාර්ථකාමිත්වය පැවතිය හැකිය. නමුත් පසු වයසේදී එය ත්‍යාගශීලී බවටත් අනුකම්පාවටත් හැරෙනු ඇත. ඔබේ තරුණවිය බොහෝ සුන්දරත්වයෙන් පිරී ඇත. පසු වයසේදී ආගමට දහමට නැඹුරු වී බොහෝ කුසල් කටයුතුවල නියැළෙනු ඇත. සෙමෙන් වැඩිවන දියුණුව නිසා ආර්ථිකයේ ස්ථාවර බවක් ඇතිකර ගත හැකිය. මුදල් පරිහරණයේදී සංවිධානාත්මක නොවීම ඔබේ අඩුපාඩුවකි. ඔබ ඕනෑම දෙයක අන්තයටම නොයයි. කිසිවෙකුට යටත් නොවන්නා සේම අන් අය ද යටත් කර නොගනී. වගකීමෙන් ඕනෑම දෙයක් පැවරිය හැකි අයෙකි. තුනටිය අමාරු, වාත අමාරු විය හැකිය. නිර්මාණශීලිත්වය, සැබෑ දක්ෂතාවය ඔබට ඇත.

දෛව අංක 4
නීතිගරුක පුද්ගලයෙකි
රාහු සහ යුරේනස් ග්‍රහයින්ගේ බලය පවතින දෛව අංකයයි. පීඩිත ජනතාවගේ පන්තිය නියෝජනය කිරීම ඔබේ අධිෂ්ඨානය වේ. අදහස් නිවැරදි වුවද නොවුවද එය ක්‍රියාත්මක කිරීම නිසා අපහසුතාවයට පත්වීමට ද ඉඩ ඇත. ගැටලු නිරාකරණය කිරීමේදී, ක්‍රමයෙන් ලිහාගෙන යාම ඔබේ ක්‍රමවේදයයි. ප්‍රධානීන් සමඟ ගැටුම් ඇතිවිය හැකිය. මැලේරියා, වසූරිය, සහ වෙනත් වසංගත රෝග ඇතිවිය හැකිය. ඔබ වැඩිහිටියන්ට ගරු කරන අයෙකි. නමුත් විවාහය පිළිබඳව වඩාත් සැලකිලිමත් වී‍ම ඔබේ යහපතට හේතු වේ. විවාහයේ ගැටලු ඇතිවිය හැකිය. නපුරු ස්ත්‍රීන් හෝ පිරිමින් නිසා ගැටලු ඇතිවිය හැකිය. බොහෝ දුක් මහන්සියෙන් මුදල් ඉපයීමට ඔබට සිදුවේ. ඔබ නීතිගරුකය. නමුත් ඔබට වරදින විටදී සහායට කිසිවකු හෝ නැතිවිය හැකිය. පරෙස්සම් වන්න.

දෛව අංකය 5
පිරිසුදු සිතක්
බුදට අයත් 5 වැනි දෛව අංකය ඔබට බොහෝ වාසනාව ගෙන දෙනු ඇත. එකම කටයුත්තක එක දිගටම රැඳි සිටීමට ඔබට නොහැකිය. බොහෝ බුද්ධිය වඩවන කටයුතු වරින්වර වෙනස් කරයි. ඔබ එයින් ආත්ම තෘප්තියක් ලබයි. ලේඛනය චිත්‍ර ශිල්පීය හෝ වෙනත් කලා මාධ්‍යයක් ඔබේ ජීවිතය හා සමාන විය හැකිය. බොහෝ දේ ඉගෙන එය ඉගැන්වීමට පවා ඔබට හැකියාව ඇත. ඔබ ආරම්භ කරන කටයුතු අතරමඟ නතර කර දැමීම දුර්වලතාවයකි. විවිධත්වයට කැමැති අයෙකි. ඔබේ සියලු කටයුතු පිළිවෙළය. නමුත් හදිසි අවස්ථාවන්හිදී නොසන්සුන්කම නිසා වැඩ කටයුතු අවුල් කර ගනී. ස්නායු රෝග, නහර දුර්වල වීම විය හැකිය. රැවටීම්වලට හසුවිය හැකි බැවින් ප්‍රවේශම් විය යුතුය. බොහෝ අය ඔබව ඇසුරු කිරීමට කැමැත්තක් දක්වනු ඇත. ඔබේ සිත පිරිසිදුය.

දෛව අංකය 6
සමබර ජීවිතයක් ගතකරයි
හයවැනි දෛව අංකය සිකුරු හෙවත් ශුක්‍ර ග්‍රහයාගේ බලයට යටත් වේ. යහපත් ගතිපැවැතුම්වලින් යුක්ත වේ. ඔබ තනිවම තීරණ ගන්නේ නැත. අන් අයගේ අදහස් ගරු කරයි. ඕනෑම දෙයක් එක එල්ලේම පිළිනොගෙන හොඳින් සොයා බලා තීරණ ගන්නා අයෙකු වේ. ඕනෑම කෙනෙකු සමඟ සමගියෙන් කටයුතු කිරීමේ කලාව හොඳින් දනී. සමබර ජිවිතයක් ගතකරන ඔබ පෙම් සබඳතාවලදී අපහසුතාවයට පත් විය හැකිය. ඕනෑම කෙනෙකු සමඟ ඒ ඒ අයට ගැළපෙන ආකාරයට ඇසුරු කරන අයෙකි. කලාවට ලැදි ඔබට යහපත් විවාහයක් හිමිය. නමුත් දෙදෙනා අවබෝධයෙන් යුතු නොවේනම් ඔබ බොහෝ කලකිරීමට පත්වේ. සමාජයේ ගෞරවය ලැබිය හැකිය.

දෛව අංකය 7
අධ්‍යාපනයෙන් ඉහළට
කේතු සහ නෙප්චූන් ග්‍රහයින්ගේ බලය පෙන්වන 7 වැනි දෛව අංකය ඔබේ නම්, ඔබේ කටයුතු කිසිවකු හෝ දැනගන්නවාට ඔබ කැමති නැත. කෙතරම් බාධක පැමිණියත් ඔබේ අරමුණ දක්වාම නිර්භීතව ගමන් කරන අයෙකි ඔබ. අධ්‍යාපන කටයුතු සාර්ථක වී එයින් ආදායම් ලැබිය හැකිය. දුරදිග බලා කටයුතු කරයි. නමුත් සිතේ චංචල ගතිය, බය සැක, අවිශ්වාසය, නිසා ඔබේ කටයුතු ගුප්ත බවක් ගනී. සෙම් අමාරු, ආමාශගත රෝග, බෝවන රෝග, සමේ රෝග ඇතිවිය හැකිය. තරුණ විය ඉක්මවූ පසු දියුණුව බොහෝ ඇති වේ. ඔබ ඕනෑම දෙයක් කෙරෙහි විශ්ලේෂණාත්මකව සහ ගවේෂණාත්මකව සොයා බලයි. අන් අයට උපකාර කිරීමෙන් අමාරුවේ වැටේ.

දෛව අංකය 8
ලෞකික දියුණුව
ශනි හෙවත් සෙනසුරු ග්‍රහයාගේ බලය පවතින 8 වෙනි දෛව අංකය ඔබට බොහෝ ලෞකික දියුණුවක් ලබා දෙනු ඇත. මුදල් පරිපාලනය කෙරෙහි යොමු කරවන, නායකත්වය ලැබෙන කටයුතුවල නිරත කරවන පිහිටීමකි. ඔබට නිතරම වැඩෙහි යෙදීමට අවශ්‍ය වේ. නිතර ගමන් යෙදේ. තමා වැඩ කිරීම සේම අන් අයගෙන් වැඩ ගැනීමට ද දක්ෂ වේ. කෙතරම් අගහිඟකම් තිබුණ ද කිසිවෙකුට හෝ අත නොපායි. ආත්ම ගෞරවය ආරක්ෂා කරගන්නා අයෙකු වේ. ඔබට පළපුරුද්දෙන් බොහෝ දේ කළ හැකිය. වෙළෙඳ ව්‍යාපාර, විදේශ කටයුතු ඔබට උරුමය. ඕනෑම දුකක් කරදරයක් විඳ දරා ගැනීමට ශක්තියෙන් යුක්ත වේ. ඔබට විවේකයක් අවශ්‍ය නැති තරම්ය. දණහිස් සහ උදරයේ වේදනා දෙන පීඩාවන් විය හැකිය. .

දෛව අංකය 9
අවදානමට බිය නොවෙයි
කුජ හෙවත් අඟහරු ග්‍රහ බලයට යටත් වන දෛව අංක 9, ඔබේ විවාහය කෙරෙහි තදින් බල පවත්වනු ඇත. සහකරු හෝ සහකාරිය නොගැළපේ නම් කුජ බලය නිසා බොහෝ ගැටුම් ඇතිවිය හැකිය. ඕනෑම දෙයක් පිළිබඳව තර්කයෙන් ජය ගැනීම ඔබේ සිරිත වේ. ඔබගේ කතාව විදානාත්මකය. එය බොහෝ විට අන් අයට ගෝචර නොවන නිසා අමනාපකම් විය හැකිය. ඔබ පරාජය වීමට කැමති නැත. නමුත් ඔබ යුක්තියට ගරු කරන, අවශ්‍ය අයට අනුකම්පා කරන, එඩිතර, ආඩම්බර, විනෝදයට කැමති, සටන්කාමී අයෙකි. මුදල් යෙදවීමෙන් දියුණුව ලැබිය හැකිය. අධික වියදම් පාලනය කරගත යුතු වේ. ශරීරයේ උෂ්ණාධික වීම, ඇස්වල දෝෂ, හිසට අමාරු, සමේ රෝග පහසුවෙන් ඇතිවේ.

Friday, May 23, 2014

හොදම යාලුවන්ට පමණක් ඔන්ලයින් පේන්න ඉමු


 සමහර අයට පේස්බුක් එකේ ඔන්ලයින් ඉන්න එක කරදරයි... මොකද මැසේජ් සු ගාලා එන නිසා..  හැමෝටම නෙමේ නංගිලාට අක්කලාට තමා වි‍ශේෂයෙන්ම. ඉතිං එයාලා කරන්නෙ පේස්බුක් ආ ගමන් ඕප් ලයින් දාන එක.

 ඒත් ඒ විදිහට ඔප්ලයින් දාන එකෙන් අපට අපේ ලගම යාලුවෝ එක්ක චැට් කරන්න තියෙන අවස්ථාව නැති වෙනවා. කරන්න තියෙන්නෙ ඔයාලට අවශ්‍යම අයට විතරක් ඔන්ලයින් පෙන්න ඉන්න එක.. එතකොට එයාලා එක්ක ඔන්ලයින් චැට් කරන්න පුලුවන්. මමත් එහෙමයි.

කරන්න ඔන දේ මම එකින් එක කියන්නම්. ඉතා පහසු දෙයක් මේක. නමුත් දුරකථන සදහා නම් මේක කරන්නෙ කොහොමද කියලා කියන්න මම දන්නෙ නැ..


ඔයාලගේ ඔන්ලයින් ලිස්ට් එක් ක්ලික් කලාම මේ විදිහට ලිස්ට් එනවා නේද..? මෙහි තියෙනවා පොඩි දැති රෝදයක් වගේ එකක්. ඒකට මවුස් පොයින්ටර් ගෙන ගියාම Options කියලා පේනවා.  අන්න ඒක ක්ලික් කරන්න.




Options ක්ලික් කලාම මේ දෙවෙනි පොටෝ එකෙ වගේ එකක් එයි. ඔයාලට පේනවා නේද මෙහි තියෙන Advanced Settings...  මෙන්න මේක ක්ලික් කරන්න දැන්..








Advanced Settings ක්ලික් කලාම එනවා මේ ආකාරයේ පොටො එකක්.. මේක මගේ එක. මම මගේ යාලුවෝ ටික ඇඩ් කරලා තියෙන්නෙ.  මෙහි ඔබට පෙනෙනවා ඇති Turn on chat for only some friends.. මේකට ඉදිරියෙන්  ඇති රවුමේ පොඩි ටික් එකක් දාන්න.. එක් ක්ලික් එකක්. එතකොට එහි කොල පාට තිතක් වැටෙවි.

දැන් තියෙන්නෙ ඔයාගේ යාලුවෝ ටික ඇඩ් කරන එක. Required Enter names or lists මෙන්න මෙහෙම තියෙන තැන් ක්ලික් කරලා ඔයාලගේ යාලුවෝ එක එක ඇඩ් කරගන්න. අවශ්‍ය අය ඇඩ් කලාට පස්සේ Save බටන් එක ක්ලික් කරන්න.

Thursday, January 23, 2014

නීරෝගී දරු උපතක් ලබන්නෙ කෙසේද...?


   නිරෝගී දරුවෙක් ලැබීම සැම විවාහක යුවලකගේම එකම පැතුමයි. අස්වාභාවික ගති ලක්ෂණවලින් යුත් දරුවන් බිහිවීම වැලැක්වීමට ස්වාභාවධර්මය අවශ්‍ය සියලු පියවර ගෙන තිබේ. නිරෝගී දරුවෙක් ලැබීමේ ඉඩකඩ 95% කින් පමණ වැඩි උවද, විවිධ උපත් විෂමතාවලින් යුත් දරුවන් ලැබීම පිළිබදව අවාසනාවන්ත සිද්ධි අපට අසන්නට ලැබේ.. මෙම අවස්ථා අවම කර ගන්නෙ කෙසේද..? 

පහත දැක්වෙන පියවර ගැනීමෙන් විෂමතාවලින් යුත් දරුවන් ලැබීම වලක්වා ගත හැක..

  • වයස අවුරුදු 20ත් 30ත් අතර කාලයේ දී විවාහ වන්න.
  • කිට්ටු ඥාතීන් අතර විවාහ වීමෙන් වළකින්න.
  • යොවුන් වියේ දී තැලිසිමියා වාහක තත්වය පිළිබද රුධිර පරීක්ෂණය කරගන්න.
  • තුරුණු වියේ දී රුබෙල්ලා එන්නත ලබා ගන්න.
  • දරු පිළිසිද ගැනීම සැලසුම් කර ගන්න.
  • දරුවෙක් පිළිසිද ගැනීමට පෙර අවධියේ සිට පෝලික් අම්ල විටමින් පෙති ගැනීමට පටන් ගන්න.
  • මත් ද්‍රව්‍ය, රසායන ද්‍රව්‍ය වලින් වැලකී සිටින්න.
  • තුරුණු වියේ දී ප්‍රමාණවත් තරම් ආහාර ගන්න.
  • ඔබේ දරුවාට උපත් දෝෂවලට මග සැලසිය හැකි බැවින් සුරතල් සතුන් ඇසුරින් ඇත් වන්න.


වයස අවුරුදු 20-30 අතරදි විවාහ විය යුත්තෙ ඇයි...?

විවාහ වීමට සුදුසු කාලසීමාව වයස අවුරුදු 20-30ත් අතර කාල සීමාව බව අධ්‍යයන මගින් පෙන්වා දී තිබේ. මෙම කාලසීමාව තුල උපදින දරුවන් නිරෝගී හා නොනැසී ජීවත්වීමේ තත්වයෙන් යුත් අය බව හෙපි වී තිබේ.අඩුවයස් කාණ්ඩ වලට අයත් මවුවරුන්ගේ දරුවන් ප්‍රමාණයෙන් කුඩා වන අතර, එම දරුවන්ට සංකුලතා ඇති වීමට ඇති ඉඩකඩ වැඩිය. යොවුන් වියේ පසුවන මවුවරු තවම වැඩෙන අවධියේ පසු වෙති. මේ කාලසීමාව තුල ඔවුන්ගේ සිරුරු වල පද්ධති ඒවායේ ක්‍රියාකාරිත්වය හා ශක්තිය වර්ධනය කිරීම කෙරෙහි යොමු කරයි. ළදරුවකුගේ වර්ධනය කිරීම කෙරෙහි යොමු කරයි. ළදරුවකුගේ වැඩීම සදහා වන අමතර ඉල්ලුම ඔවුන්ට අභියෝගයක්  වනු ඇත.

එලෙසින්ම වයස අවුරුදු 35 වැඩි මවුවරුන් සහජයෙන්ම ඇති වන විෂමතාවලින් යුත් බිලිදුන් බිහි කිරීමට වැඩි අවකාශයක් ඇත.. මෙයට හොදම උදාහරණය මොන්ගෝලිසම් නම් තත්වයේදී ඇති වන ඩවුන්සින්ඩ්‍රෝම් නම් තත්වයයි.. වයස 35 වැඩි මවුවරුන් ඩවුන්සින්ඩ්‍රෝම් තත්වයෙන් යුත් බිලිදුන් බිහිකිරීමේ අවස්ථා 1-2% වන අතර වයස අවුරුදු 25 අඩු මව්වරුන්ගේ එම අවස්ථාව 1% කි. මවගේ වයසට අනුව බිහිවන දරුවා ගොදුරු වන මීට සමාන රෝග ගණනාවක් ති‍බේ. වයස අවුරුදු 20ත් 30ත් අතර කාලයේදී විවාහ වීම සුදුසු යැයි කියන්නෙ එමගින් නිරෝගී දරුවකු බිහිකිරීමට ඉඩ වැඩි වන හෙයින් හා ගර්භණී භාවයේ සාර්ථක ප්‍රතිඵල අත්වෙන බැවිනි..

අනවශ්‍ය ලෙස විවාහය කල් නොදමන්න.. 
ඔබ නිර්දේශිත වකවානුවට ප්‍රථම විවාහ උවහොත් වයස අවුරුදු 20 පසු වන තෙක් දරුවන් ලැබීම පමා කරන්න.

කිට්ටු ඥාතීන්  සමග විවාහ වීමෙන් වැලකී සිටින්න..

අපේ සෛලවල ඇති ක්‍රොමසෝම් යුගල 23ට සම්බන්ධ ජාන, සිරුරේ සියලු ක්‍රියාකාරකම් කෙලින්ම හෝ චක්‍රව පාලනය කරයි.. ඉතා වැදගත් මෙම ක්‍රොමසොම් 1ක් මවගෙන් හා අනෙක පියාගෙන් ආදී වශයෙන්  යුගල ලෙස පැමිණේ. පිළිසිද ගන්නා අවස්ථාවේ සිදුවන මෙය පියාගේ ශුක්‍රාණුවක් මවගේ ඩිම්බයක් හා එක් වු විට සිදු වේ. මෙම වැදගත් සිද්ධිය සිදු වන්නෙ ඔවුන් ගැබ් ගෙන ඇති බව දැන ගන්නා දිනට සති දෙකකට පෙරය.. මවුපියන් දෙදෙනාගෙන් එක් අයකුගෙන් ලැබෙන නරක ජානයක් ළදරුවකුට උරුම විය හැකි උවත් අනෙක් තැනැත්තාගෙන් ලැබෙන යහපත් ජානයක් නිසා එයින් සිදු වන හානිය වලක්වා ගත හැක.

සහජයෙන් ලැබෙන රෝගාබාධ අවම කිරීම සදහා මව්පියන්ගෙන් එක් අයකුගෙන් ලැබෙන ජාන මගින් කෙරන හිලවු කිරීම මෙහිලා උපකාරී වේ.. එහෙත් මාපිය දෙපාර්ශ්වයෙන්ම දෝෂ සහිත ජාන ලැබීම මගින් මීට බාධා පැමිණේ. මව හා පියා ඥාතීන් වු විට මෙවන් තත්වයන් ඇති වීමට ඉඩ කඩ බෙහෙවින් වැඩිය. අහඹුවෙන් හමු වී විවාහ වන යුවලක් මෙන් නොව ඥාතීන් සමග විවාහ වීමෙන් ලැබෙන දරුවන් බොහො විට රෝගීන් වීමට බොහො දුරට ඉඩ තිබේ. තැලිසිමියා, අන්ධභාවය, බිහිරි බව,හා විවිධ හදවත් රෝග මෙවන් දරුවන් වැඩි වශයෙන් ගොදුරු වන රෝගාබාධයි..

තැලිසිමියා වලක්වා ගන්නෙ කෙසේද...?

අප රටේ දරුවන් 60 දෙනෙක් පමණ උපතින් තැලිසිමියා රෝගීහු වෙති. රුධිරයේ රතු රුධිර සෛල අකාලයේ විනාශ වීමට මෙම රෝගය මග පාදයි.. තැලිසිමියා රෝගයෙන් යුත් දරුවකුට ජීවිත කාලය පුරාම මාසිකව රුධිර පාරවිලනය කල යුතු වන අතර සිරුරේ එකතු වන අමතර යකඩ ඉවත් කිරීමට නිතිපතා නික්ෂේපනයක් කල යුතුව ඇත.. මේ සදහා රුපියල් මිලියන 10-20ක් දක්වා වන මුදලක් ජීවිත කාලයටම වැය කීරීමට සිදු වේ. එබැවින් රෝගය වැලදීමෙන් වැලකී සිටීම හොදම විකල්පය වේ. මෙය වලක්වා ගත හැකි රෝග තත්වයකි. තැලිසිමියාවෙන් යුත් දරුවකු බිහි කිරීමට මවුපිය දෙදෙනාම රෝග වාහකයින් විය යුතුය. අප රටේ තැලිසිමියා රෝගීන් සියලු දෙනාගේම මාපිය දෙදෙනා තැලිසිමියා රෝග වාහකයෝ ය. එක් අයෙක් රෝග වාහකයෙක් නොවුයේ නම් ඔවුනට දාව උපදින දරුවා තැලිසිමියා රෝගියෙක් නොවනු ඇත. ගැබිනි සාහන වලදී මවුවරුන් පිරික්සීමේදී  ඔවුන් සමහරෙක් තැලිසිමියා රෝග වාහකයින් බව පෙනී ගියද, සැමියා තැලිසිමියා රෝග වාහකයෙක් නොවේ නම් ඔවුන්ට දාව උපදින දරුවන් එම රෝගයට ගොදුරු නොවනු ඇත..

   

Monday, January 20, 2014

පිළිකාවෙන් මරණය කැදවන දුම්වැටිය..



  ම අත රැදි දුම් වැටිය දැවී අලු වී යන්නෙ යම් ‍සේද, ඒවා උරන්නාගේ ජීවිතයද  ඒ හේතුවෙන්ම එලෙසින්ම  දැවී අලු වී අකලට විනාශ වන බව අවබෝධ වු දිනෙක කිසිදු මිනිසෙකු දුම් වැටි උරන්නට උත්සුක වන්නෙ නැත. 

   ඒ මන්ද යත්, සෑම කෙනෙකුම තම ජීවිතයට යම් පමණකට හෝ ඇලුම් කරන බැවිනි.දුම් ඉරීමෙන් ලිංගික බෙලහීනතාව ඇති වී ලිංගික ජීවිතයේ තෘප්තිමත් බව බොද වී යන බව දන්නෙ නම්, නව යොවුන් වියේ කිසිදු තරුණයෙකු හො තරුණියක් දුම් වැටි උරනවා කබා උරන්නකු දිහා බලන්නෙවත් නැත. මන්ද තම සිහින ලොකයේ එක් සිහිනයක්   සදහටම සිහිනයක් පමණක් වනවාට ඔවුන්  අකැමැති නිසා ය...

 දුම්වැටිය හා පිළීකාව අතර සබැදියාව කතා කරන විට අපට මුලින්ම සිහියට එන්නෙ පෙනහළු පිළිකාවයි. පිරිමින්ගේ පෙනහළු පිළිකාවලින් වන මරණ වලින් 90% පමණද, ගැහැණුන්ගේ පෙනහළු පිළිකාවලින් වන මරණ වලින් 80% කටත් දුම්වැටි ඉරීම සෘජුවම දායක වෙයි. මිට අමතරව තවත් බොහෝ පිළිකා සදහා වන දායකත්වය ද දුම් වැටි ඉරීම මගින් ලබා දෙයි. මේ අතර, මුඛ කුහරයේ, උගුරේ ස්වර තන්තු වල, ගලනාලයේ, මූත්‍රාසයේ, අමාශයේ, ගැබ්ගෙලේ, වකුගඩුවල සහ අග්න්‍යාශයේ පිළිකා දැක් විය හැකිය. මීටත් අමතරව ඇතැම් ලේ පිළිකා සදහාද  දුම් ඉරීම යම් දායකත්වයක් සපයයි. 

 දුම්වැටි නිෂ්පාදනයේ දී සංඝටක 599ක් පමණ ඊට අන්තර්ගත කිරීමට එහි නිෂ්පාදකයන් වගබලා ගනී. දුම් වැටි දැල්වීමේදී පිට වන දුමෙහි රසායනික ද්‍රවය 7000 පමණ අඩංගු වෙයි.අඩුම තරමින් මෙයින් රසායනික ද්‍රව්‍ය 250ක් වත් මිනිස් සිරුරට විස සහිත වේ. මේ අතර හයිඩ්‍රජන් සයනයිඩ්, කාබන් මොනොක්සයිඩ්, ඇමෝනියා ප්‍රධාන වේ. ශරීරයට විස රසායනික 250න් අවම වශයෙන් 69ක් වත් පිළිකා කාරක බවට තහවුරු කරගෙන ඇත. මේ පිළීකාකාරක අතර ආසනික්, බෙන්සින්, බෙරලියම්(විස සහිත ලෝහයකි),(Beryllium 1,3) බියුටඩීන් හානිකර විස වායුවකි.(1,2 Butadiene) කැඩ්මියම් විස ලෝහයකි. ක්‍රෝමියම් විස ලෝහ සංඝටකයකි. එතිලින් ඔක්සයිඩ්, නිකල් විස ලෝහ සංඝටකයකි. පොලෝනියම් 210 විකිරණශිලි රවායනික සංඝටකයකි. ඩයනයිල් ක්‍‍ලෝරයිඩ් ප්‍රධාන තැනක් ගනී. මීට අමතරව පිළිකා ඇති කිරීමට දායක වේ යැයි සැක සිතිය හැකි වෙනත් විස රසායනිකද යම් ප්‍රමාණයකට සිගරට් දුමෙහි ඇත. මේ අතර ෆොමැල්ඩිහයිඩ්, බෙන්සො (ඇල්ෆා) පයිරීන් සහ ටොලුයින් දැක්විය හැක..  

 දුම්වැටි ඉරීම ශරීරයේ සියලුම පටක වලට හානිකරන අතර, එමගින් මිනිසාගේ ශරීර සෞඛ්‍යය අඩපණ කිරීමක් සිදු කෙරේ. මිලියන ගණනක් ඇමරිකානුවන්ගේ සෞඛ්‍යය ගැටලු වලට මුලිකව හේතු වී ඇත්තේ දුම්වැටි ඉරීමයි. ලංකාවේද දුම්වැටි උරන්නන්ගේ සෞඛ්‍යය ගැටලුවල තත්වය මීට දෙවෙනි නොවනු ඇත.පිළිකා ඇතිවීම පමණක් නොව හෟදයාබාධ, අංශබාග තත්වය ප්‍රධාන රුධිරනාළ ප්‍රසාරණය වීම පෙනහළු ආශ්‍රිතව කල්පවතින නොයෙක් ‍රෝග, ඇදුම, ඉනෙහි සන්ධි බිදීම්, ඇසෙහි සුද ඇතිවීම සහ නියුමෝනියාව වැනි ආසාදිත තත්වය ඉහල දැමීම දුම්වැටියෙන් ඇතිවන අනෙකුත් හානිදායක රෝග තත්වයන් කිපයකි.

 ඇමරිකාවේ පමණක් දුම්වැටි ඉරීමෙන් සිදු වන රෝග නිසා මරණ 4 40 000ක වටිනා ජීවිත සංඛ්‍යාවක් වසරකට අකාලයේ අහිමි වන අතර මින් 40%ක්ම දුම් වැටි ඉරීමේ ප්‍රතිඵලයක් ලෙස ඇති වු පිළිකා නිසා වන අතර, තවත් 35% ක් දුම් වැටි ඉරීමේ ප්‍රතිඵලයක් ලෙස හෟද වස්තුව ආශ්‍රීතව ඇති වු ‍රෝගාබාධ නිසා ද, අනෙකුත් 25% දුම් වැටි ඉරීමෙන් ඇතිවන පිළිකා නොවන පෙනහළු ආශ්‍රිත රෝග නිසා ද, බවයි.. මින් පැහැදිලිවම දුම්වැටි ඉරීම නොකෙරුණා නම් ඉහත සදහන් වටිනා මිනිස් ජීවිත 4 40 000ම අකාලයේ අහිමි නොවන්නට ඉඩ තිබිනි. 

 සිගරට් දුම් නොබොන්නන්ට සිගරට් දුම නිරායාසයෙන් ශරීර ගත වීමේ ක්‍රම දෙකක් ඇත. පළමු ක්‍රමය වන්නෙ තවකෙකු දල්වාගෙන සිටින දුම්වැටි‍යෙන් නිකුත් වන දුම ඒ අසලම සිට ආස්වාස කිරීම නිසා ශරීර ගත වීමයි. දෙවැන්න වන්නෙ දුම්වැටි උරන්නා විසින් පළමුව ආස්වාස කොට පසුව ප්‍රාස්වාස වාතය සමග පිට කිරීමේදී එම දුම් ඒ අසල සිටින දුම්වැටි නොවුරන පුද්ගලයන්ට ආස්වාස වීමයි. බොහො විට දුම්වැටි උරන පුද්ගලයන් ලග සිටින දුම්වැටි නොබොන පුද්ගලයන්ට මේ ක්‍රම දෙකටම 
දුම්කොළ දුම ශරීර ගතවිමට වීමට ඉඩ තිබේ. 

 ඇමරිකාවේ පිළිගත් විද්‍යාත්මක සංවිධාන ගණනාවක්ම ඉහත ක්‍රම දෙකෙන් නිරායාසයෙන් වන සිගරට් දුම ශරීර ගතවීමක් ලෙස තහවුරු කර ප්‍රකාශයට පත්කර ඇත. ඇමරිකාවේ පමණක් සැම වසරකම 3000 ක් පමණ දුම්වැටි  දුම්වැටි නොවුරන මිනිසුන් මේ ආකාරයට අන් අය උරන දුම්වැටි නිසා ඇතිවන පිළිකාවකින් මියයෑම ඉතා ඛේදජනක පුවතක් ලෙස මෙහි සටහන් කිරීම වටි.අප රටේ තත්වයද මෙයට වෙනස් නොවන බැවිනි..

 දුම්වැටිය ඇබ්බැහි වීමක් සිදු කරන්නේ ද..? 

 මෙය කාගෙත් කුතුහලයට ලක් වු කරුනකි. මිට කෙ‍ටි පිළිතුර  "ඔව්" යන්නයි. දුම්කොළයෙහි ස්වාභාවිකවම පිහිටන නිකොටින් නම් රසායනික ද්‍රව්‍ය මෙම ඇබ්බැහි වීමට හේතු කාරක වෙයි.

 දුම්වැටි ඉරීමේ දී නිකොටින් පෙනහළු තුලට යන අතර, එහිදි එය රුධිරයට ඉතා ඉක්මනින් උරා ගනු ලබයි. රුධිරය මගින් මෙය ඉතා ඉක්මනනින් මොළය කරා ගෙන යන අතර එහිදී සිදුවන රසායනික ප්‍රතික්‍රියා ඇබ්බැහි වීම‍ට හේතු වෙයි. මේ සදහා ගතවන්නෙ තත්පර කිහිපයක් වැනි සුලු කාලයකි. මෙසේ නිකොටින් මගින් දුම්වැටි සහ අනෙකුත් දුම් කොළ නිෂ්පාදන සදහා කරණු ලබන ඇබ්බැහි වීම හෙරොයින් සහ කොකෙන් භාවිතයේදී වන ඇබ්බැහි වීමට සමානය.එහෙත් හෙරොයින් සහ කොකේන් නිදහසේ වෙළදාම් කල නොහැකි අතර එය විකිණිම හො පාවිච්චි කිරීම හා ලග තබා ගැනීම දරුණු අපරාධයකි. 

 එහෙත් පුදුමයට කරුණක් වන්නෙ මිලියන ගණන් මිනිසුන් ලෙඩ කර මරා දමන දුම්වැටියට මෙම තහංචිය නොමැති වීමයි. නිති මගින් තහංචි දමන කල් බලා නොසිට  තම තමන් පෞද්ගලිකව තමන් තුල දුම්වැටියට තහංචි දමා ගතහොත් එය තමන්ගේ ශරීර සෞඛ්‍යයට මෙන්ම සාක්කුවටද හිත කර බව අමුතුවෙන් කිව යුතු නැත. දුම් වැටියට ඇති ඇබ්බැහි කිරී‍මේ හැකියාව හොදින් දන්නා දුමවැටි නිෂ්පාදකයන්ගේ මුලික ඉලක්කය වි ඇත්තෙ පාසල් දරු දැරියන් හා තරුණ තරුණියන් ය.අනුකරණයට හා අත්හදා බැලීමට වැඩි කැමැත්තක් දක්වන මොවුන් ලේසියෙන්ම මේ මාරක දුම්වැටියට බිලි විය හැක..

Friday, January 3, 2014

කේන්දරය බලමු




    අපි කවුරුත් අපේ අනාගතයේ සිදු වෙන දේ දැන ගන්න කැමතියි.. ඒ සදහා බොහො දෙනා කරන්නෙ තමන්ගේ කේන්දරය බැලීමයි.. මොකක්ද මේ කේන්දරය කියන්නෙ..? කේන්දරය ලෙස හැදින්වෙන්නෙ, දරුවකු උපදින වෙලාවට අහසේ තියෙන තරු අනුව ඒ දරුවාගේ කර්ම ශක්තිය  ජෝතීෂ්‍යට අනුව කරන විග්‍රහයයි..