Pages

Friday, May 23, 2014

හොදම යාලුවන්ට පමණක් ඔන්ලයින් පේන්න ඉමු


 සමහර අයට පේස්බුක් එකේ ඔන්ලයින් ඉන්න එක කරදරයි... මොකද මැසේජ් සු ගාලා එන නිසා..  හැමෝටම නෙමේ නංගිලාට අක්කලාට තමා වි‍ශේෂයෙන්ම. ඉතිං එයාලා කරන්නෙ පේස්බුක් ආ ගමන් ඕප් ලයින් දාන එක.

 ඒත් ඒ විදිහට ඔප්ලයින් දාන එකෙන් අපට අපේ ලගම යාලුවෝ එක්ක චැට් කරන්න තියෙන අවස්ථාව නැති වෙනවා. කරන්න තියෙන්නෙ ඔයාලට අවශ්‍යම අයට විතරක් ඔන්ලයින් පෙන්න ඉන්න එක.. එතකොට එයාලා එක්ක ඔන්ලයින් චැට් කරන්න පුලුවන්. මමත් එහෙමයි.

කරන්න ඔන දේ මම එකින් එක කියන්නම්. ඉතා පහසු දෙයක් මේක. නමුත් දුරකථන සදහා නම් මේක කරන්නෙ කොහොමද කියලා කියන්න මම දන්නෙ නැ..


ඔයාලගේ ඔන්ලයින් ලිස්ට් එක් ක්ලික් කලාම මේ විදිහට ලිස්ට් එනවා නේද..? මෙහි තියෙනවා පොඩි දැති රෝදයක් වගේ එකක්. ඒකට මවුස් පොයින්ටර් ගෙන ගියාම Options කියලා පේනවා.  අන්න ඒක ක්ලික් කරන්න.




Options ක්ලික් කලාම මේ දෙවෙනි පොටෝ එකෙ වගේ එකක් එයි. ඔයාලට පේනවා නේද මෙහි තියෙන Advanced Settings...  මෙන්න මේක ක්ලික් කරන්න දැන්..








Advanced Settings ක්ලික් කලාම එනවා මේ ආකාරයේ පොටො එකක්.. මේක මගේ එක. මම මගේ යාලුවෝ ටික ඇඩ් කරලා තියෙන්නෙ.  මෙහි ඔබට පෙනෙනවා ඇති Turn on chat for only some friends.. මේකට ඉදිරියෙන්  ඇති රවුමේ පොඩි ටික් එකක් දාන්න.. එක් ක්ලික් එකක්. එතකොට එහි කොල පාට තිතක් වැටෙවි.

දැන් තියෙන්නෙ ඔයාගේ යාලුවෝ ටික ඇඩ් කරන එක. Required Enter names or lists මෙන්න මෙහෙම තියෙන තැන් ක්ලික් කරලා ඔයාලගේ යාලුවෝ එක එක ඇඩ් කරගන්න. අවශ්‍ය අය ඇඩ් කලාට පස්සේ Save බටන් එක ක්ලික් කරන්න.

Thursday, January 23, 2014

නීරෝගී දරු උපතක් ලබන්නෙ කෙසේද...?


   නිරෝගී දරුවෙක් ලැබීම සැම විවාහක යුවලකගේම එකම පැතුමයි. අස්වාභාවික ගති ලක්ෂණවලින් යුත් දරුවන් බිහිවීම වැලැක්වීමට ස්වාභාවධර්මය අවශ්‍ය සියලු පියවර ගෙන තිබේ. නිරෝගී දරුවෙක් ලැබීමේ ඉඩකඩ 95% කින් පමණ වැඩි උවද, විවිධ උපත් විෂමතාවලින් යුත් දරුවන් ලැබීම පිළිබදව අවාසනාවන්ත සිද්ධි අපට අසන්නට ලැබේ.. මෙම අවස්ථා අවම කර ගන්නෙ කෙසේද..? 

පහත දැක්වෙන පියවර ගැනීමෙන් විෂමතාවලින් යුත් දරුවන් ලැබීම වලක්වා ගත හැක..

  • වයස අවුරුදු 20ත් 30ත් අතර කාලයේ දී විවාහ වන්න.
  • කිට්ටු ඥාතීන් අතර විවාහ වීමෙන් වළකින්න.
  • යොවුන් වියේ දී තැලිසිමියා වාහක තත්වය පිළිබද රුධිර පරීක්ෂණය කරගන්න.
  • තුරුණු වියේ දී රුබෙල්ලා එන්නත ලබා ගන්න.
  • දරු පිළිසිද ගැනීම සැලසුම් කර ගන්න.
  • දරුවෙක් පිළිසිද ගැනීමට පෙර අවධියේ සිට පෝලික් අම්ල විටමින් පෙති ගැනීමට පටන් ගන්න.
  • මත් ද්‍රව්‍ය, රසායන ද්‍රව්‍ය වලින් වැලකී සිටින්න.
  • තුරුණු වියේ දී ප්‍රමාණවත් තරම් ආහාර ගන්න.
  • ඔබේ දරුවාට උපත් දෝෂවලට මග සැලසිය හැකි බැවින් සුරතල් සතුන් ඇසුරින් ඇත් වන්න.


වයස අවුරුදු 20-30 අතරදි විවාහ විය යුත්තෙ ඇයි...?

විවාහ වීමට සුදුසු කාලසීමාව වයස අවුරුදු 20-30ත් අතර කාල සීමාව බව අධ්‍යයන මගින් පෙන්වා දී තිබේ. මෙම කාලසීමාව තුල උපදින දරුවන් නිරෝගී හා නොනැසී ජීවත්වීමේ තත්වයෙන් යුත් අය බව හෙපි වී තිබේ.අඩුවයස් කාණ්ඩ වලට අයත් මවුවරුන්ගේ දරුවන් ප්‍රමාණයෙන් කුඩා වන අතර, එම දරුවන්ට සංකුලතා ඇති වීමට ඇති ඉඩකඩ වැඩිය. යොවුන් වියේ පසුවන මවුවරු තවම වැඩෙන අවධියේ පසු වෙති. මේ කාලසීමාව තුල ඔවුන්ගේ සිරුරු වල පද්ධති ඒවායේ ක්‍රියාකාරිත්වය හා ශක්තිය වර්ධනය කිරීම කෙරෙහි යොමු කරයි. ළදරුවකුගේ වර්ධනය කිරීම කෙරෙහි යොමු කරයි. ළදරුවකුගේ වැඩීම සදහා වන අමතර ඉල්ලුම ඔවුන්ට අභියෝගයක්  වනු ඇත.

එලෙසින්ම වයස අවුරුදු 35 වැඩි මවුවරුන් සහජයෙන්ම ඇති වන විෂමතාවලින් යුත් බිලිදුන් බිහි කිරීමට වැඩි අවකාශයක් ඇත.. මෙයට හොදම උදාහරණය මොන්ගෝලිසම් නම් තත්වයේදී ඇති වන ඩවුන්සින්ඩ්‍රෝම් නම් තත්වයයි.. වයස 35 වැඩි මවුවරුන් ඩවුන්සින්ඩ්‍රෝම් තත්වයෙන් යුත් බිලිදුන් බිහිකිරීමේ අවස්ථා 1-2% වන අතර වයස අවුරුදු 25 අඩු මව්වරුන්ගේ එම අවස්ථාව 1% කි. මවගේ වයසට අනුව බිහිවන දරුවා ගොදුරු වන මීට සමාන රෝග ගණනාවක් ති‍බේ. වයස අවුරුදු 20ත් 30ත් අතර කාලයේදී විවාහ වීම සුදුසු යැයි කියන්නෙ එමගින් නිරෝගී දරුවකු බිහිකිරීමට ඉඩ වැඩි වන හෙයින් හා ගර්භණී භාවයේ සාර්ථක ප්‍රතිඵල අත්වෙන බැවිනි..

අනවශ්‍ය ලෙස විවාහය කල් නොදමන්න.. 
ඔබ නිර්දේශිත වකවානුවට ප්‍රථම විවාහ උවහොත් වයස අවුරුදු 20 පසු වන තෙක් දරුවන් ලැබීම පමා කරන්න.

කිට්ටු ඥාතීන්  සමග විවාහ වීමෙන් වැලකී සිටින්න..

අපේ සෛලවල ඇති ක්‍රොමසෝම් යුගල 23ට සම්බන්ධ ජාන, සිරුරේ සියලු ක්‍රියාකාරකම් කෙලින්ම හෝ චක්‍රව පාලනය කරයි.. ඉතා වැදගත් මෙම ක්‍රොමසොම් 1ක් මවගෙන් හා අනෙක පියාගෙන් ආදී වශයෙන්  යුගල ලෙස පැමිණේ. පිළිසිද ගන්නා අවස්ථාවේ සිදුවන මෙය පියාගේ ශුක්‍රාණුවක් මවගේ ඩිම්බයක් හා එක් වු විට සිදු වේ. මෙම වැදගත් සිද්ධිය සිදු වන්නෙ ඔවුන් ගැබ් ගෙන ඇති බව දැන ගන්නා දිනට සති දෙකකට පෙරය.. මවුපියන් දෙදෙනාගෙන් එක් අයකුගෙන් ලැබෙන නරක ජානයක් ළදරුවකුට උරුම විය හැකි උවත් අනෙක් තැනැත්තාගෙන් ලැබෙන යහපත් ජානයක් නිසා එයින් සිදු වන හානිය වලක්වා ගත හැක.

සහජයෙන් ලැබෙන රෝගාබාධ අවම කිරීම සදහා මව්පියන්ගෙන් එක් අයකුගෙන් ලැබෙන ජාන මගින් කෙරන හිලවු කිරීම මෙහිලා උපකාරී වේ.. එහෙත් මාපිය දෙපාර්ශ්වයෙන්ම දෝෂ සහිත ජාන ලැබීම මගින් මීට බාධා පැමිණේ. මව හා පියා ඥාතීන් වු විට මෙවන් තත්වයන් ඇති වීමට ඉඩ කඩ බෙහෙවින් වැඩිය. අහඹුවෙන් හමු වී විවාහ වන යුවලක් මෙන් නොව ඥාතීන් සමග විවාහ වීමෙන් ලැබෙන දරුවන් බොහො විට රෝගීන් වීමට බොහො දුරට ඉඩ තිබේ. තැලිසිමියා, අන්ධභාවය, බිහිරි බව,හා විවිධ හදවත් රෝග මෙවන් දරුවන් වැඩි වශයෙන් ගොදුරු වන රෝගාබාධයි..

තැලිසිමියා වලක්වා ගන්නෙ කෙසේද...?

අප රටේ දරුවන් 60 දෙනෙක් පමණ උපතින් තැලිසිමියා රෝගීහු වෙති. රුධිරයේ රතු රුධිර සෛල අකාලයේ විනාශ වීමට මෙම රෝගය මග පාදයි.. තැලිසිමියා රෝගයෙන් යුත් දරුවකුට ජීවිත කාලය පුරාම මාසිකව රුධිර පාරවිලනය කල යුතු වන අතර සිරුරේ එකතු වන අමතර යකඩ ඉවත් කිරීමට නිතිපතා නික්ෂේපනයක් කල යුතුව ඇත.. මේ සදහා රුපියල් මිලියන 10-20ක් දක්වා වන මුදලක් ජීවිත කාලයටම වැය කීරීමට සිදු වේ. එබැවින් රෝගය වැලදීමෙන් වැලකී සිටීම හොදම විකල්පය වේ. මෙය වලක්වා ගත හැකි රෝග තත්වයකි. තැලිසිමියාවෙන් යුත් දරුවකු බිහි කිරීමට මවුපිය දෙදෙනාම රෝග වාහකයින් විය යුතුය. අප රටේ තැලිසිමියා රෝගීන් සියලු දෙනාගේම මාපිය දෙදෙනා තැලිසිමියා රෝග වාහකයෝ ය. එක් අයෙක් රෝග වාහකයෙක් නොවුයේ නම් ඔවුනට දාව උපදින දරුවා තැලිසිමියා රෝගියෙක් නොවනු ඇත. ගැබිනි සාහන වලදී මවුවරුන් පිරික්සීමේදී  ඔවුන් සමහරෙක් තැලිසිමියා රෝග වාහකයින් බව පෙනී ගියද, සැමියා තැලිසිමියා රෝග වාහකයෙක් නොවේ නම් ඔවුන්ට දාව උපදින දරුවන් එම රෝගයට ගොදුරු නොවනු ඇත..

   

Monday, January 20, 2014

පිළිකාවෙන් මරණය කැදවන දුම්වැටිය..



  ම අත රැදි දුම් වැටිය දැවී අලු වී යන්නෙ යම් ‍සේද, ඒවා උරන්නාගේ ජීවිතයද  ඒ හේතුවෙන්ම එලෙසින්ම  දැවී අලු වී අකලට විනාශ වන බව අවබෝධ වු දිනෙක කිසිදු මිනිසෙකු දුම් වැටි උරන්නට උත්සුක වන්නෙ නැත. 

   ඒ මන්ද යත්, සෑම කෙනෙකුම තම ජීවිතයට යම් පමණකට හෝ ඇලුම් කරන බැවිනි.දුම් ඉරීමෙන් ලිංගික බෙලහීනතාව ඇති වී ලිංගික ජීවිතයේ තෘප්තිමත් බව බොද වී යන බව දන්නෙ නම්, නව යොවුන් වියේ කිසිදු තරුණයෙකු හො තරුණියක් දුම් වැටි උරනවා කබා උරන්නකු දිහා බලන්නෙවත් නැත. මන්ද තම සිහින ලොකයේ එක් සිහිනයක්   සදහටම සිහිනයක් පමණක් වනවාට ඔවුන්  අකැමැති නිසා ය...

 දුම්වැටිය හා පිළීකාව අතර සබැදියාව කතා කරන විට අපට මුලින්ම සිහියට එන්නෙ පෙනහළු පිළිකාවයි. පිරිමින්ගේ පෙනහළු පිළිකාවලින් වන මරණ වලින් 90% පමණද, ගැහැණුන්ගේ පෙනහළු පිළිකාවලින් වන මරණ වලින් 80% කටත් දුම්වැටි ඉරීම සෘජුවම දායක වෙයි. මිට අමතරව තවත් බොහෝ පිළිකා සදහා වන දායකත්වය ද දුම් වැටි ඉරීම මගින් ලබා දෙයි. මේ අතර, මුඛ කුහරයේ, උගුරේ ස්වර තන්තු වල, ගලනාලයේ, මූත්‍රාසයේ, අමාශයේ, ගැබ්ගෙලේ, වකුගඩුවල සහ අග්න්‍යාශයේ පිළිකා දැක් විය හැකිය. මීටත් අමතරව ඇතැම් ලේ පිළිකා සදහාද  දුම් ඉරීම යම් දායකත්වයක් සපයයි. 

 දුම්වැටි නිෂ්පාදනයේ දී සංඝටක 599ක් පමණ ඊට අන්තර්ගත කිරීමට එහි නිෂ්පාදකයන් වගබලා ගනී. දුම් වැටි දැල්වීමේදී පිට වන දුමෙහි රසායනික ද්‍රවය 7000 පමණ අඩංගු වෙයි.අඩුම තරමින් මෙයින් රසායනික ද්‍රව්‍ය 250ක් වත් මිනිස් සිරුරට විස සහිත වේ. මේ අතර හයිඩ්‍රජන් සයනයිඩ්, කාබන් මොනොක්සයිඩ්, ඇමෝනියා ප්‍රධාන වේ. ශරීරයට විස රසායනික 250න් අවම වශයෙන් 69ක් වත් පිළිකා කාරක බවට තහවුරු කරගෙන ඇත. මේ පිළීකාකාරක අතර ආසනික්, බෙන්සින්, බෙරලියම්(විස සහිත ලෝහයකි),(Beryllium 1,3) බියුටඩීන් හානිකර විස වායුවකි.(1,2 Butadiene) කැඩ්මියම් විස ලෝහයකි. ක්‍රෝමියම් විස ලෝහ සංඝටකයකි. එතිලින් ඔක්සයිඩ්, නිකල් විස ලෝහ සංඝටකයකි. පොලෝනියම් 210 විකිරණශිලි රවායනික සංඝටකයකි. ඩයනයිල් ක්‍‍ලෝරයිඩ් ප්‍රධාන තැනක් ගනී. මීට අමතරව පිළිකා ඇති කිරීමට දායක වේ යැයි සැක සිතිය හැකි වෙනත් විස රසායනිකද යම් ප්‍රමාණයකට සිගරට් දුමෙහි ඇත. මේ අතර ෆොමැල්ඩිහයිඩ්, බෙන්සො (ඇල්ෆා) පයිරීන් සහ ටොලුයින් දැක්විය හැක..  

 දුම්වැටි ඉරීම ශරීරයේ සියලුම පටක වලට හානිකරන අතර, එමගින් මිනිසාගේ ශරීර සෞඛ්‍යය අඩපණ කිරීමක් සිදු කෙරේ. මිලියන ගණනක් ඇමරිකානුවන්ගේ සෞඛ්‍යය ගැටලු වලට මුලිකව හේතු වී ඇත්තේ දුම්වැටි ඉරීමයි. ලංකාවේද දුම්වැටි උරන්නන්ගේ සෞඛ්‍යය ගැටලුවල තත්වය මීට දෙවෙනි නොවනු ඇත.පිළිකා ඇතිවීම පමණක් නොව හෟදයාබාධ, අංශබාග තත්වය ප්‍රධාන රුධිරනාළ ප්‍රසාරණය වීම පෙනහළු ආශ්‍රිතව කල්පවතින නොයෙක් ‍රෝග, ඇදුම, ඉනෙහි සන්ධි බිදීම්, ඇසෙහි සුද ඇතිවීම සහ නියුමෝනියාව වැනි ආසාදිත තත්වය ඉහල දැමීම දුම්වැටියෙන් ඇතිවන අනෙකුත් හානිදායක රෝග තත්වයන් කිපයකි.

 ඇමරිකාවේ පමණක් දුම්වැටි ඉරීමෙන් සිදු වන රෝග නිසා මරණ 4 40 000ක වටිනා ජීවිත සංඛ්‍යාවක් වසරකට අකාලයේ අහිමි වන අතර මින් 40%ක්ම දුම් වැටි ඉරීමේ ප්‍රතිඵලයක් ලෙස ඇති වු පිළිකා නිසා වන අතර, තවත් 35% ක් දුම් වැටි ඉරීමේ ප්‍රතිඵලයක් ලෙස හෟද වස්තුව ආශ්‍රීතව ඇති වු ‍රෝගාබාධ නිසා ද, අනෙකුත් 25% දුම් වැටි ඉරීමෙන් ඇතිවන පිළිකා නොවන පෙනහළු ආශ්‍රිත රෝග නිසා ද, බවයි.. මින් පැහැදිලිවම දුම්වැටි ඉරීම නොකෙරුණා නම් ඉහත සදහන් වටිනා මිනිස් ජීවිත 4 40 000ම අකාලයේ අහිමි නොවන්නට ඉඩ තිබිනි. 

 සිගරට් දුම් නොබොන්නන්ට සිගරට් දුම නිරායාසයෙන් ශරීර ගත වීමේ ක්‍රම දෙකක් ඇත. පළමු ක්‍රමය වන්නෙ තවකෙකු දල්වාගෙන සිටින දුම්වැටි‍යෙන් නිකුත් වන දුම ඒ අසලම සිට ආස්වාස කිරීම නිසා ශරීර ගත වීමයි. දෙවැන්න වන්නෙ දුම්වැටි උරන්නා විසින් පළමුව ආස්වාස කොට පසුව ප්‍රාස්වාස වාතය සමග පිට කිරීමේදී එම දුම් ඒ අසල සිටින දුම්වැටි නොවුරන පුද්ගලයන්ට ආස්වාස වීමයි. බොහො විට දුම්වැටි උරන පුද්ගලයන් ලග සිටින දුම්වැටි නොබොන පුද්ගලයන්ට මේ ක්‍රම දෙකටම 
දුම්කොළ දුම ශරීර ගතවිමට වීමට ඉඩ තිබේ. 

 ඇමරිකාවේ පිළිගත් විද්‍යාත්මක සංවිධාන ගණනාවක්ම ඉහත ක්‍රම දෙකෙන් නිරායාසයෙන් වන සිගරට් දුම ශරීර ගතවීමක් ලෙස තහවුරු කර ප්‍රකාශයට පත්කර ඇත. ඇමරිකාවේ පමණක් සැම වසරකම 3000 ක් පමණ දුම්වැටි  දුම්වැටි නොවුරන මිනිසුන් මේ ආකාරයට අන් අය උරන දුම්වැටි නිසා ඇතිවන පිළිකාවකින් මියයෑම ඉතා ඛේදජනක පුවතක් ලෙස මෙහි සටහන් කිරීම වටි.අප රටේ තත්වයද මෙයට වෙනස් නොවන බැවිනි..

 දුම්වැටිය ඇබ්බැහි වීමක් සිදු කරන්නේ ද..? 

 මෙය කාගෙත් කුතුහලයට ලක් වු කරුනකි. මිට කෙ‍ටි පිළිතුර  "ඔව්" යන්නයි. දුම්කොළයෙහි ස්වාභාවිකවම පිහිටන නිකොටින් නම් රසායනික ද්‍රව්‍ය මෙම ඇබ්බැහි වීමට හේතු කාරක වෙයි.

 දුම්වැටි ඉරීමේ දී නිකොටින් පෙනහළු තුලට යන අතර, එහිදි එය රුධිරයට ඉතා ඉක්මනින් උරා ගනු ලබයි. රුධිරය මගින් මෙය ඉතා ඉක්මනනින් මොළය කරා ගෙන යන අතර එහිදී සිදුවන රසායනික ප්‍රතික්‍රියා ඇබ්බැහි වීම‍ට හේතු වෙයි. මේ සදහා ගතවන්නෙ තත්පර කිහිපයක් වැනි සුලු කාලයකි. මෙසේ නිකොටින් මගින් දුම්වැටි සහ අනෙකුත් දුම් කොළ නිෂ්පාදන සදහා කරණු ලබන ඇබ්බැහි වීම හෙරොයින් සහ කොකෙන් භාවිතයේදී වන ඇබ්බැහි වීමට සමානය.එහෙත් හෙරොයින් සහ කොකේන් නිදහසේ වෙළදාම් කල නොහැකි අතර එය විකිණිම හො පාවිච්චි කිරීම හා ලග තබා ගැනීම දරුණු අපරාධයකි. 

 එහෙත් පුදුමයට කරුණක් වන්නෙ මිලියන ගණන් මිනිසුන් ලෙඩ කර මරා දමන දුම්වැටියට මෙම තහංචිය නොමැති වීමයි. නිති මගින් තහංචි දමන කල් බලා නොසිට  තම තමන් පෞද්ගලිකව තමන් තුල දුම්වැටියට තහංචි දමා ගතහොත් එය තමන්ගේ ශරීර සෞඛ්‍යයට මෙන්ම සාක්කුවටද හිත කර බව අමුතුවෙන් කිව යුතු නැත. දුම් වැටියට ඇති ඇබ්බැහි කිරී‍මේ හැකියාව හොදින් දන්නා දුමවැටි නිෂ්පාදකයන්ගේ මුලික ඉලක්කය වි ඇත්තෙ පාසල් දරු දැරියන් හා තරුණ තරුණියන් ය.අනුකරණයට හා අත්හදා බැලීමට වැඩි කැමැත්තක් දක්වන මොවුන් ලේසියෙන්ම මේ මාරක දුම්වැටියට බිලි විය හැක..

Friday, January 3, 2014

කේන්දරය බලමු




    අපි කවුරුත් අපේ අනාගතයේ සිදු වෙන දේ දැන ගන්න කැමතියි.. ඒ සදහා බොහො දෙනා කරන්නෙ තමන්ගේ කේන්දරය බැලීමයි.. මොකක්ද මේ කේන්දරය කියන්නෙ..? කේන්දරය ලෙස හැදින්වෙන්නෙ, දරුවකු උපදින වෙලාවට අහසේ තියෙන තරු අනුව ඒ දරුවාගේ කර්ම ශක්තිය  ජෝතීෂ්‍යට අනුව කරන විග්‍රහයයි..

Tuesday, September 17, 2013

You also know about dengue


 ශ්‍රී ලංකාව තුල මදුරු වර්ග 140 පමණ සිටින අතර, ඔවුන් අතරින් ඊඩිස් ඊජිප්ටයි හා ඊඩිස් ඇල්බොපික්ටස් යන මදුරැ විශේෂ දෙක ඩෙංගු වෛරසය මිනිසාට බෝ කරයි.. ඩෙංගු වලක්වා ගැනුමට මදුරුවා සහ මිනිසා අතර ගැටීම අවම කල යුතුය. ඒ සදහා ඩෙංගු මදුරු ඝනත්වය අවම කර ගත යුතු අතර වඩාත්ම සුදුසු ක්‍රමය වන්නෙ මදුරුවන් බෝ වීම වලක්වා ගැනීමයි. ඩෙංගු මදුරු කිටයන් සහ සුහුබුල් මදුරුවන් මර්දනයට රසායනික හා ජිව විද්‍යාත්මක ක්‍රම ඇතිමුත්, වඩාත් පලදායි ක්‍රමය වන්නෙ මදුරුවන් බොවන ස්ථාන ඉවත් කිරීම හා විනාශ කිරීමයි.

ඩෙංගු මදුරුවන් ගැන දැන ගනිමු.

1කඩිසර කුඩා මදුරුවෙකි.
2මදුරුවාගේ ගැහැණු සතා මිනිස් රුධිරය උරා බිමට ප්‍රිය කරයි. පිරිමි සතා ආහාර සදහා ශාක යුෂ උරා බොයි.
3ගැහැණු මදුරුවා රුධිර වේලක් ලබා ගැනීමට කිප දෙනෙකුට දෂ්ඨ කරයි.
4වරකට බිත්තර 100-200 ත් අතර ප්‍රමාණයක් දමණු ලැබේ.
5ජිවිත කාලය පුරා 4 වරක් පමණ බිත්තර දමයි.
6ජිවිත කාලය සති 2-4ත් අතර වේ.
7බිත්තර ඇලෙන සුලුය.
8පැහැදිලි ජලය සහිත ස්ථාන වල/බදුන්වල බිත්තර දමනු ලබන අතර භාජනයේ, ස්ථානයේ බිත්තර අලවයි.
9බිත්තර වල සිට සුහුඹුල් මදුරුවෙකු විමට දින 7-11 අතර කාලයක් ගත වේ.
10බිත්තර වියළි තත්වයෙන් මාස 6ත් අවුරුද්දත් අතර කාලයක් පවතී.
11බොහෝ විට උදෑසන හා සවස් කාලයේ දෂ්ඨ කරනු ලැබේ.

*ඩෙංගු උණ රෝගය*

.වෛරසයකින් ඇතිවන්නකි.
.වෛරසය කාණ්ඩ 1,2,3,4, වශයෙන් පවතින්නකි.

එබැවින් කෙනෙකුට ජීවිත කාලය තුලදී 4 වතාවක් ඩෙංගු වැලදිය හැක.

*බෝවීම*

පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයෙකුට වෛරසය ගෙන යන්නෙ, ඊඩිස් ඊජිප්ටයි හා ඊඩිස් ඇල්බොපික්ටස් මදුරුවන් මගිනි.

*ප්‍රතිකාර*

රෝගය සදහා සාර්ථක එන්නතක් තාම සොයා ගෙන නැත. රෝග ලක්ෂණ අප්‍රමාදව හදුනා ගෙන නිසි ප්‍රතිකාර කඩිනමින් ලබා දීමෙන් සම්පුර්ණ සුවය ලැබේ.

*ඩෙංගු වෛරසය ආසාදනය වු විට*

ඩෙංගු වෛරසයෙන් ආසාදනය වු වු වැඩි දෙනෙක් (90% පමණ) රෝග ලක්ෂණ නොපෙන්වයි.මෙම පුද්ගලයන්ගේද රුධිරය තුල දින 5-7 කාලයක් වෛරසය ඇති බැවින් එම කාලය තුල ඩෙංගු මදුරුවන් ඔවුන්ගේ රුධිරය උරා බීමෙන් ආසාදනය විය හැක.එම ආසාදිත මදුරුවන් දෂ්ඨ කිරීම මගින් නීරෝගී පුද්ගලයෙකුට රෝගය බෝ වීමට පුලුවන.

මේ අනුව ඔබ දැනුවත්ව හො නොදැනුවක්ව ඩෙංගු වෛරසය ආසාදනය වි තිබිය හැක. වෛරසය ආසාදනය වි දින 7-10ත් ගත වීමෙන් රෝග ලක්ෂණ පහලවේ.

ඩෙංගු වෛරසය ශරීරයට ඇතුලු වු පසු ආසාදනය වු වෛරස් කාණ්ඩයට අනුරුප ප්‍රතිදේහ මගින් එම වෛරසය විනාහ කරනු ලබන අතර, පවත්නා එම ප්‍රතිදේහ මගින් නැවත් වරක් එම වෛරස් කාණ්ඩයම ආසාදනය විමෙන් රෝගය වැලදීම වලක්වනු ලැබේ. එහෙත් දෙවන වර වෙනත් ඩෙංගු වෛරස් කාණ්ඩයක් ශරීර ගතවි නැවත රෝගය වැලදිය හැක. දෙවන වර හො ඊට වැඩි වාර ගනනකදී ඩෙංගු වැලදීමේදී, පෙර අවස්ථාවට වඩා වැඩි උත්සන්නතාවකින් රෝගය වැලදී‍මේ අවදානමක් ඇත. මෙම රෝගය වැලදුන විට රුධිර පට්ටිකා හා සුදු රුධිරාණු ප්‍රමාණය අඩු විය හැක. එම අවස්ථාවන් හිදි ඩෙංගු රක්තපාතික උණ තත්වයට පත් වීමේ හැකියාවක් ඇත.

*ඩෙංගු රක්තපාත උණ තත්වයේ අවස්ථා 3කි*

1 උණ අවදිය.
2 අවදානම් අවදිය.
3 සුව වන අවදිය.

*උණ අවදිය...*

උණ අවදිය දින 2-7ත් අතර කාලයක් පැවතිය හැකි අතර,අතපය වේදනාව,මස්පිඩු වේදනාව,හිසරදය,ඇස් පිටුපස වේදනාව වමනය හා සමේ රතු පැහැති ලප ආදිය පෙන්නුම් කරයි. සමහර රෝගීන් උගුරේ වේදනාව හා ඇස් රතු වීම වැනි ලක්ෂණද පෙන්නුම් කරයි. ඩෙංගු උණ හෝ රක්තපාත උණ වැලදී ඇති විට මෙම රෝග ලක්ෂණ  බොහො විට එක සමාන වේ.

මෙම අවදියේදී උණ බැස ගියද, පළමු දින 2-3 අතර කාලය තුල සංකුලතා මතු විය හැකි බැවින් හොදින් විවේක ගැනීම හා අවශ්‍ය පරිදි දියරමය ආහාර වර්ග පානය කිරීම එම සංකුලතා අවම කිරීමට උපකාරි වේ.

*අවදානම් අවදිය*

 මෙම තත්වය ඇතිවන්නෙ සාමාන්‍යයෙන් උණ මතු වී දින 3 පසුවය.වෛරසය ශරීර ගතවු පසු ඇති වන ක්‍රියාවලිය හේතුවෙන් රුධිර නාල වල බිත්ති හරහා ප්ලාස්මාව කාන්දු වීම මෙහි ප්‍රධාන ලක්ෂණය වේ.මෙම හේතුව නිසා රුධිර විහිණී තුල රුධිර ප්ලාස්මා තරල පරිමාව අඩු වීමෙන්, රුධිරයේ ඝනත්වය ඉහල යාම හා කමපන තත්වයන් ඇතිවිමට හැකියාව ඇත.එසෙම අත්‍යවශ්‍ය ඉන්ද්‍රයන් වෙත රැධිර සැපයුම අඩාල වීමෙන් ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරිත්වයද අඩුවිය හැක. ඩෙංගු රෝගියකු මරණයට පත්වන්නෙ මෙම ඉන්ද්‍රිය ක්‍රියාකාරිත්වය අඩපණ වීම හෝ කම්පන තත්වය හේතුවෙනි.එබැවින් නිසි ප්‍රතිකාර අප්‍රමාදව ලබා දිය යුතු වේ. මෙහිදී රුධිර පට්ටිකා ප්‍රමාණය අඩු වීම මරණයට හේතුවක් නොවේ.

*සුවවන අවදිය*

අවදානම් අවදියේ පිටතට කාන්දු වු ප්ලාස්මාව යලි රුධිර වාහිණි තුලට ඇතුලු වන අතර රෝගියා සුව අතට හැරේ.සුව වන අවදියේ ආහාර රැචිය වර්ධනය වන අතර මූත්‍රා පිටවන ප්‍රමාණය වැඩි වේ.මෙම කාලය තුලදී හොදින් විවේක ගැනීම හා ප්‍රමාණවත් තරම් ආහාර ගැනීම අවශ්‍ය වේ.

*ඔබට උණ රෝග ලක්ෂණ ඇත්නම්..*

1 එය ඩෙංගු යැයි සැක කරන්න.
2 හැකි තරම් ඇද විවේකය ලබා ගන්න.
3 පාසල් දරුවන් පාසල් යැවීමෙන්ද, රැකියා වල නියුතු වුවන් රැකියා වලට යාමෙන් වැලකී සිටිය යුතු අතර, වෙහෙස කර ක්‍රියා කිරීමෙන් වැලකී සිටිය යුතුය.
4 උණ පවතින විටදී, ඇද විවේක ගන්නා විට මදුරු දැලක් යට සිටීම ඉතා වැදගත්ය.
5 උණ බැසීමට නියමිත මාත්‍රාවට පැරසිටමෝල් ඹෟෂධ ලබා ගත යුතු ය.
6 ඇස්ප්‍රීන්, ඩයික්ලෝෆැනැක් සෝඩියම්, මෙෆනමික් ඇසිඩ්, ඉබියප්‍රොෆන් ආදී ඹෟෂධ ලබා ගැනීමෙන් වලකිය යුතු ය.
7 උණ හා වේදනාව සමනය කිරීම සදහා ඉහත සදහන් ඹෟෂධ සපොසිටරි වර්ගයේ ඹෟෂධ ලබා නොදෙන්න.
8 දින 2 වඩා උණ පවතී නම් රජයේ රෝහලකින් හො පිළිගත් වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබා ගත යුතු ය. ප්‍රමාද වී රෝහල් ගත වීම මරණයට හේතුවක් විය හැක..
9 ප්‍රමාණවත් තරම් කැද, සුප්, පළතුරු යුෂ, ජිවනි, තැඹිලි වැනි දියරමය ආහාර වර්ග ලබා දෙන්න. (ප්‍රධාන ආහාර වේල් වලට අමතරව.)
10 රතු හෝ දුඹුරු පැහැති ආහාර ලබා ගැනීමෙන් වලකින්න.




Friday, August 23, 2013

කලු කුමාරයාගේ දෝෂය




  කලු කුමාරයා ගැන විවිධ කතා සහ මත තිබුනද කලු කුමාරයා දෙවියෙකු නොවේ. යක්ෂයෙකුද නොවේ. එසේ පවසනුයේ හේතු සාධක සහිතවය.රීරී යකා, මහසෝනා, මෝහීණී, යක්ෂයන් යක්ෂණියන් ලෙස හදුන්වයි. විෂ්ණු, කතරගම, සමන්, විභීෂණ, වැනි අය දෙවිවරු ලෙස හදුනා ගෙන ඇත. මීට අමතරව කාලී යක්ෂණිය, කඩවර යක්ෂයා, බිය මුසු ගෞරවය සහිතව කාලි මෑණියන් ලෙසත්, කඩවර දෙවියන් හෝ කඩවර අප්පච්චි ලෙසටත් හැදින්වේ. එහෙත් කලු කුමාරයා කලු කුමාරයාමය. ඔහු යක්ෂයෙකු ලෙස හැදීන්වෙන්නෙ ඉතාම කලාතුරකිනි.අනෙක් සැම විටම ඔහු කුමාරයාය. "කුමාරයා" යන්න තරුණයා යන අර්ථය දෙන පදයකි.

කලු කුමාරයා කුමාරයෙකි. ඔහු වයසට යන්නෙ නැත. ඒ නිසා සදාකාලික ඔහුගේ ලිංගික ආශාවන්ද වයසට යන්නේ නැත. ඈත අතීතයේ සිටම කාන්තාවන්ට ආවේශ වන කලු කුමාරයා වර්තමානයේදීද තරුණියන්ට බැල්ම හෙලයි. ඔහුගේ මනමාල ගතිය අඩු වන්නේ නැත. නව යොවුන් දැරියන් සොයා ඔවුන්ට ආදරය කරයි.

 කලු කුමාරයාගේ බැල්ම ලැබුණු කාන්තාවන් ඒ ගැන වෙනත් අයෙකුට කියන්නෙ නැත. ඊට හේතු කීපයක් ඇත. කාලයක් ගත වනතුරු ඇය ඒ බව නොදැන සිටීමය. එසේම කලු කුමාරයාට පෙම් කරන බව කෙනෙකුට කියන්නට ලැජ්ජා සහගත වීම නැතහොත් ඇය කලු කුමාර ඇසුර ආරක්ෂා කිරීම වැනි හේතුය. මේ නිසා බොහෝ කාන්තාවන් තමාට කලු කුමාර දෝෂයක් ඇති බව දැන ගන්නේ කල් ගත වීමෙන් පසුවය. එය පවසන්නෙ කල් ගත වී තමාට පාලනය කර ගත නොහැකි රෝගයක් වැලදුණු පසුවය.ඔවුන්ට වැළදෙන රෝගය වෛද්‍යවරයාට සොයා ගැනීම අපහසුය. ඊට හේතුව නම් රෝග ලක්ෂණ පහල නොවීමය.

 කලු කුමාරයාගේ පෙනුම සහ උපත ගැනත් ඔහු දෝෂ ඇති කරන ආකාරය ගැනත් පැහැදිලිව වටහා ගත යුතු ය. කලු කුමාරයා රකුසකුගේ වේෂයෙන් කාන්තාවන් වෙත පැමිණෙන බව කීමට බොහෝ දෙනා පුරුදුව ඇත. කොණ්ඩය දිගට වවා ගෙන උල් නිය අත් සහිත රතුවන් දෙනෙත් ඇති සුදු ඇදුමක් ඇද හො නිරුවත්ව කාන්තාවන් වෙත පැමිණෙන කලුවන් ශරීරයක් ඇති පුද්ගලයකු ලෙස කලු කුමාරයා හදුන්වයි.

 එහෙත් හුදෙක් මෙය පුරැද්දට කියන දෙයක් ලෙස මිස කලු කුමාර දෝෂය ඇති වු ස්ත්‍රීන්ගෙන් ලබා ගත් තොරතුරු මත පදනම් වු ඒවා නොවේ. එවැනි කාන්තාවන්ගෙන් ලැබුන විස්තර වලට අනුව කලු කුමාරයා ඔවුන් වෙත පැමිණෙන ස්වරුපය එකිනෙකට වෙනස්ය. ඇතැම් අවස්ථාවල තමාගේ පෙම්වතා ලෙසය. නැතහොත් තමාගේ ස්වාමිපුරුෂයා හෝ අනියම් ස්වාමිපුරුෂයා ලෙස හෝ තමා ආදරය කරන නලුවෙකු වීරයකු ලෙසිනි.

 කලු කුමාරයාගේ මව කරඩුමාන දේවියයි. පියා විජිත රජතුමායි. විජිත රජතුමාට දාව කරඩුමාන දේවියට උපන් මේ කුමාරයා ඉතා රුමත්ය. ඔහු දිලිසෙන ඔටුන්නක් හිස පලදා යගදාවක් අතින් ගෙන කලු ගොනෙකු පිට නැග සාගරය මැද දුපත ජීවත් විය. එහෙත් ඔහු පෙම්කල කාන්තාව පියා විසින් මරා දැමූණු නිසා   වේදනාවට පත් ඔහු මුහුදට පැන ජීවිතය අහිමි කර ගත්ත ද, ඔහුගේ ආත්මය ලොව පුරා සැරි සරා තමාගේ නැති වු පෙම්වතිය සොයා යෑමට වෙහෙසී ඇත. මෙහි දී තමාගේ පෙම්වතියගේ පෙනුමට සමාන හැඩ වැඩ ඇති තරුණියක දුටු විට ඇයව නතු කර ගනී. බොහෝ අවස්ථාවල මේ සදහා තෝරා ගන්නෙ කාන්තාවන්ය. ඒ නිසා මල්වර වු අවස්ථාවේ ගැහැණු ළමයින් කලු කුමාරයාගේ ආදරයට ලක් වේ. මෙතනදී මතක තබා ගත යුතු විශේෂ කාරණයක් නම් මල්වර දෝෂ ඇති සෑම දැරියකටම කලු කුමාර දෝෂය ඇති දැරියන් නොවන බවය. 

සත් මුහුදෙන්             එදෙසින
කලුකුල් දුව            නොලසින
ඊපිට පැන                   නැගුන 
මා ඉලුක් රන් විමන    වැසමින

ඒ විමන                        වැඩහුන්
කරඩුමාන                      බිසවුන්
කුසෙන්                     පිළිසිදමින්
බිහිව ලොව දස එකඩ     මසැරන්

සුබ මොහොත            බලවතා
තුන් මසින්                තිරුවනා
කලු කුමරු යැයි                සුබා
කුමරු හට නම්                 තබා

අලුත් සද                  විලසිනේ  
දිනෙන් දින              වැඩමිනේ
ඉසිවරන්                  දකිමිණේ
ලගට ගොස්               වදිමිනේ  
(මන්ත්‍රරත්නාවලිය)

ඉහත සදහන් පද්‍යයන්ගෙන් කියවෙන්නෙ ඔහුගේ උපත හා හැඩරුව ගැනය.

ඇළ දොළ ඔයවලයි නිබදව               සිටින්නේ
මැළි නොව සුවද පුලුටට ලොබ         කරන්නේ
බැලි බැලි තැනින් තැන දිෂ්ඨිය       හෙලන්නේ
රැලි පවනේ විලෙන් කලු යකු            වරන්නේ

 මෙලෙස තරුණියන්ට බැල්ම හෙලන කලු කුමාරයා   කාන්තාවන්ට සිදු කරන වින ක්‍රම කිහිපයකි. මේවා අනුපිළිවෙලින් නැත. එහෙත් එය ඇති ස්වරුපය අනුව පෙලගස්වා ඇත.


1. සිහිනෙන් රස මුසු ආහාර කැවීම
2.කෑමට කැමති හෝ අකැමැති වුවත් ආහාර කැවීම.
3.ශරීරයේ අවයව ස්පර්ශ කිරීම.
4.ලිංගික තෘප්තියක් ලබා ගැනීම

.
  මේ නිසා බොහෝ විට මුල් අවස්ථා දෙකේදී මෙවැනි දෝෂ ඇති කාන්තාවෝ පසු දිනයේ ආහාර අරුචියෙන් පෙලෙති. කැම බීම ගැනීම ප්‍රතික්ෂේප කරන අතර අජීර්ණය වැනි රෝග වලට ගොදුරු වෙති. ඉන්පසු අවස්ථා වලදී කාන්තාවන්ගේ ශරීරයේ තුවාල සහ ලප කැලැල් ඇති වන්නට පටන් ගනී. විශේෂයෙන්ම කලවා උකුළ සහ පියයුරු වල මෙම තුවාල ඇති වේ. සොයා ගන්නට හේතුවක් නොමැතිව අත් පා වල තුවාල සිදු වීම නිසා  මෙවැනි නිවෙස් වල ඇද ඇතිරිලි වෙනස් කිරීම, සුරතල් සතුන් ඉවත් කිරිම, මැසි මදුරු නාශක ඉසීම වැනි කාර්යන් ට පෙලබේ. එහෙත් ඒවායින් ප්‍රතිඵලයක් නොලැබු විට චර්ම රෝග වෛද්‍යවරුන් වෙත හොමු වේ.

 ඉහත කී ලක්ෂණ වලට වඩා භයානක රෝග ඔහු නිසා ඇතිවේ. එනම් විවාහ ප්‍රමාද වීම සහ දරු ඵල නොමැති වීමයි. තරුණියන්ට විවාහ වීමට නොදී ඇය තමා සතුකර ගැණිම ඔහුගේ පුරැද්දය. වෙනත් ග්‍රහ දෝශ නොමැතිව විවාහ ප්‍රමාද වන්නෙ මේ සාධනය නිසාය. විවාහ වු කාන්තාවන්ට දරුඵල අහිමි කරන්නට තරම් මේ කලු කුමාරයා කුරිරුය. ශාරීරික දෝෂ නොමැති වුවත් වෛද්‍යවරුන්ට සොයාගන්නට නොහැකි දරුඵල පමාවන බොහෝ කාන්තාවන්ට  මේ කලු කුමාර දෝෂය ප්‍රධාන සාධකය වී ඇත. 

ඇවිදින් කලු යකු හැම සත බය      කර
වැසෙමින් අගනන් දරුඵල      නැතිකර
වැසෙමින් කුස ලේ ඇමියා      කිළිකර
පවසන් කෙළි පුද දුන් හැටි     රුසිපෙර

තුන් සමයේ කෙළිනා කලු      යකාසේ
තුන් සමයමේ දී දැක ලෙඩ     කළාසේ
මුං තල විළද සුළුවෙන් දොළ   ලබායේ
දන් දෙන පුදට එකවර කල්     යකාසේ 

 කාන්තාවන්ට දරුඵල අහිමි කිරීම ඔහුගේ සිරිත වනුයේ  ඔහු පෙම් කරන කාන්තාවන්ට වෙනත් අයෙකුගෙන් දරුවන් ලැබෙනවාට ඇති ආත්මාර්ථකාමී හැගීම නිසාය. මේ නිසා ඔහුගේ දෝෂය ඉතා දරුණුය. මෙහි අවසාන ප්‍රතිඵලය ලෙස කාන්තාව කෙට්ටු වී රෝගී වී මිය යැමට පවා ඉඩ ඇත. එනිසා කලු කුමාරයා ආදරවන්තයෙකු මෙන්ම  ආත්මාර්ථකාමි උමතු පෙම්වතකු ලෙසද කටයුතු කරන බව පෙනේ. 

 මල්වර වු අවස්ථාවල සිදු වු තනි කම නිසා මෙම දෝෂ ඇතිවුවත් පෙර සදහන් කළාක් මෙන්  සියලුම මල්වර දෝෂ කලුකුමාර දෝෂ නොවේ. උපතේදී සිදු වන දෝෂ නිසා භුත දෝෂ සැදීමට ඉඩ ඇත. ඒ දෝෂ ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම පොදුය. ඒ නිසා සැම භුත දෝෂයක්ම හෝ මල්වර දෝෂයක්ම කලුකුමාර කලු කුමාර දෝෂ ලෙස වටහා නොගැනීම වැදගත්ය. 

 කලු කුමාර දෝෂ අනෙක් භුත දෝෂ මෙන්ම ඉවත් කිරීම අපහසු ය. වෙනත් දෝෂ සදහා නුල් මැතිරීම හෝ භුතයන් සිර කිරීම සිදු කලත් කලු කුමාර දෝෂය ඉවත් කිරීමට ප්‍රතමයෙන් කලු කුමාරයා සතුටු කිරීම වැදගත්ය. කලු කුමාරයාට විශේෂයෙන් සුදු සහල්වලින් පිසු කිරිබත් සහ කලු කුකුළෙකුගේ මස් ආහාරයට දීම වැදගත්ය. පසුව නුල් හතක් ගැට හතක් ගසා කාන්තාව රක්ෂණය කල යුතුය. 

 මේ අනුව කලු කුමාරයාට පුජා කර ඔහුගේ දෝෂ ඉවත් කල යුතු වුවත් කලුකුමාර දෝෂය ඉවත් වන්න තරුණියට කල හැකි පිළීවෙත් කීපයකි. කලු සහ රතු ඇදුම් ඇදීමෙන් වැලකී ලා වර්ණ ඇදුම් ඇදීම වඩාත් සුදුසුය. 'එසේම දෙමාපියන් තම දරුවන්ට දුන් උපදෙස් මෙහි දී සිහි ගැන්වීම සුදුසුය. "පිස්සියෝ වගේ කොණ්ඩෙ කඩා ගෙන අවේලාවේ නාන්න එපා." මෙහි අවේලාව යනු සවස 6න් පසු කාලයයි. විශේෂයෙන්ම ඉර බැස යන කණිසමයි. එසේම ගෙයි දොර කඩ, ගේ පිටු පස, මල් පැල අසල තොණ්ඩෙ කඩාගෙන සිටීම නුසුදුසුය. කොණ්ඩය ගොතා හෝ ගැට ගසා සිටීම මේ දෝෂය අඩු කරන්නට ඇති එක් ක්‍රමයකි...