Pages

Thursday, January 23, 2014

නීරෝගී දරු උපතක් ලබන්නෙ කෙසේද...?


   නිරෝගී දරුවෙක් ලැබීම සැම විවාහක යුවලකගේම එකම පැතුමයි. අස්වාභාවික ගති ලක්ෂණවලින් යුත් දරුවන් බිහිවීම වැලැක්වීමට ස්වාභාවධර්මය අවශ්‍ය සියලු පියවර ගෙන තිබේ. නිරෝගී දරුවෙක් ලැබීමේ ඉඩකඩ 95% කින් පමණ වැඩි උවද, විවිධ උපත් විෂමතාවලින් යුත් දරුවන් ලැබීම පිළිබදව අවාසනාවන්ත සිද්ධි අපට අසන්නට ලැබේ.. මෙම අවස්ථා අවම කර ගන්නෙ කෙසේද..? 

පහත දැක්වෙන පියවර ගැනීමෙන් විෂමතාවලින් යුත් දරුවන් ලැබීම වලක්වා ගත හැක..

  • වයස අවුරුදු 20ත් 30ත් අතර කාලයේ දී විවාහ වන්න.
  • කිට්ටු ඥාතීන් අතර විවාහ වීමෙන් වළකින්න.
  • යොවුන් වියේ දී තැලිසිමියා වාහක තත්වය පිළිබද රුධිර පරීක්ෂණය කරගන්න.
  • තුරුණු වියේ දී රුබෙල්ලා එන්නත ලබා ගන්න.
  • දරු පිළිසිද ගැනීම සැලසුම් කර ගන්න.
  • දරුවෙක් පිළිසිද ගැනීමට පෙර අවධියේ සිට පෝලික් අම්ල විටමින් පෙති ගැනීමට පටන් ගන්න.
  • මත් ද්‍රව්‍ය, රසායන ද්‍රව්‍ය වලින් වැලකී සිටින්න.
  • තුරුණු වියේ දී ප්‍රමාණවත් තරම් ආහාර ගන්න.
  • ඔබේ දරුවාට උපත් දෝෂවලට මග සැලසිය හැකි බැවින් සුරතල් සතුන් ඇසුරින් ඇත් වන්න.


වයස අවුරුදු 20-30 අතරදි විවාහ විය යුත්තෙ ඇයි...?

විවාහ වීමට සුදුසු කාලසීමාව වයස අවුරුදු 20-30ත් අතර කාල සීමාව බව අධ්‍යයන මගින් පෙන්වා දී තිබේ. මෙම කාලසීමාව තුල උපදින දරුවන් නිරෝගී හා නොනැසී ජීවත්වීමේ තත්වයෙන් යුත් අය බව හෙපි වී තිබේ.අඩුවයස් කාණ්ඩ වලට අයත් මවුවරුන්ගේ දරුවන් ප්‍රමාණයෙන් කුඩා වන අතර, එම දරුවන්ට සංකුලතා ඇති වීමට ඇති ඉඩකඩ වැඩිය. යොවුන් වියේ පසුවන මවුවරු තවම වැඩෙන අවධියේ පසු වෙති. මේ කාලසීමාව තුල ඔවුන්ගේ සිරුරු වල පද්ධති ඒවායේ ක්‍රියාකාරිත්වය හා ශක්තිය වර්ධනය කිරීම කෙරෙහි යොමු කරයි. ළදරුවකුගේ වර්ධනය කිරීම කෙරෙහි යොමු කරයි. ළදරුවකුගේ වැඩීම සදහා වන අමතර ඉල්ලුම ඔවුන්ට අභියෝගයක්  වනු ඇත.

එලෙසින්ම වයස අවුරුදු 35 වැඩි මවුවරුන් සහජයෙන්ම ඇති වන විෂමතාවලින් යුත් බිලිදුන් බිහි කිරීමට වැඩි අවකාශයක් ඇත.. මෙයට හොදම උදාහරණය මොන්ගෝලිසම් නම් තත්වයේදී ඇති වන ඩවුන්සින්ඩ්‍රෝම් නම් තත්වයයි.. වයස 35 වැඩි මවුවරුන් ඩවුන්සින්ඩ්‍රෝම් තත්වයෙන් යුත් බිලිදුන් බිහිකිරීමේ අවස්ථා 1-2% වන අතර වයස අවුරුදු 25 අඩු මව්වරුන්ගේ එම අවස්ථාව 1% කි. මවගේ වයසට අනුව බිහිවන දරුවා ගොදුරු වන මීට සමාන රෝග ගණනාවක් ති‍බේ. වයස අවුරුදු 20ත් 30ත් අතර කාලයේදී විවාහ වීම සුදුසු යැයි කියන්නෙ එමගින් නිරෝගී දරුවකු බිහිකිරීමට ඉඩ වැඩි වන හෙයින් හා ගර්භණී භාවයේ සාර්ථක ප්‍රතිඵල අත්වෙන බැවිනි..

අනවශ්‍ය ලෙස විවාහය කල් නොදමන්න.. 
ඔබ නිර්දේශිත වකවානුවට ප්‍රථම විවාහ උවහොත් වයස අවුරුදු 20 පසු වන තෙක් දරුවන් ලැබීම පමා කරන්න.

කිට්ටු ඥාතීන්  සමග විවාහ වීමෙන් වැලකී සිටින්න..

අපේ සෛලවල ඇති ක්‍රොමසෝම් යුගල 23ට සම්බන්ධ ජාන, සිරුරේ සියලු ක්‍රියාකාරකම් කෙලින්ම හෝ චක්‍රව පාලනය කරයි.. ඉතා වැදගත් මෙම ක්‍රොමසොම් 1ක් මවගෙන් හා අනෙක පියාගෙන් ආදී වශයෙන්  යුගල ලෙස පැමිණේ. පිළිසිද ගන්නා අවස්ථාවේ සිදුවන මෙය පියාගේ ශුක්‍රාණුවක් මවගේ ඩිම්බයක් හා එක් වු විට සිදු වේ. මෙම වැදගත් සිද්ධිය සිදු වන්නෙ ඔවුන් ගැබ් ගෙන ඇති බව දැන ගන්නා දිනට සති දෙකකට පෙරය.. මවුපියන් දෙදෙනාගෙන් එක් අයකුගෙන් ලැබෙන නරක ජානයක් ළදරුවකුට උරුම විය හැකි උවත් අනෙක් තැනැත්තාගෙන් ලැබෙන යහපත් ජානයක් නිසා එයින් සිදු වන හානිය වලක්වා ගත හැක.

සහජයෙන් ලැබෙන රෝගාබාධ අවම කිරීම සදහා මව්පියන්ගෙන් එක් අයකුගෙන් ලැබෙන ජාන මගින් කෙරන හිලවු කිරීම මෙහිලා උපකාරී වේ.. එහෙත් මාපිය දෙපාර්ශ්වයෙන්ම දෝෂ සහිත ජාන ලැබීම මගින් මීට බාධා පැමිණේ. මව හා පියා ඥාතීන් වු විට මෙවන් තත්වයන් ඇති වීමට ඉඩ කඩ බෙහෙවින් වැඩිය. අහඹුවෙන් හමු වී විවාහ වන යුවලක් මෙන් නොව ඥාතීන් සමග විවාහ වීමෙන් ලැබෙන දරුවන් බොහො විට රෝගීන් වීමට බොහො දුරට ඉඩ තිබේ. තැලිසිමියා, අන්ධභාවය, බිහිරි බව,හා විවිධ හදවත් රෝග මෙවන් දරුවන් වැඩි වශයෙන් ගොදුරු වන රෝගාබාධයි..

තැලිසිමියා වලක්වා ගන්නෙ කෙසේද...?

අප රටේ දරුවන් 60 දෙනෙක් පමණ උපතින් තැලිසිමියා රෝගීහු වෙති. රුධිරයේ රතු රුධිර සෛල අකාලයේ විනාශ වීමට මෙම රෝගය මග පාදයි.. තැලිසිමියා රෝගයෙන් යුත් දරුවකුට ජීවිත කාලය පුරාම මාසිකව රුධිර පාරවිලනය කල යුතු වන අතර සිරුරේ එකතු වන අමතර යකඩ ඉවත් කිරීමට නිතිපතා නික්ෂේපනයක් කල යුතුව ඇත.. මේ සදහා රුපියල් මිලියන 10-20ක් දක්වා වන මුදලක් ජීවිත කාලයටම වැය කීරීමට සිදු වේ. එබැවින් රෝගය වැලදීමෙන් වැලකී සිටීම හොදම විකල්පය වේ. මෙය වලක්වා ගත හැකි රෝග තත්වයකි. තැලිසිමියාවෙන් යුත් දරුවකු බිහි කිරීමට මවුපිය දෙදෙනාම රෝග වාහකයින් විය යුතුය. අප රටේ තැලිසිමියා රෝගීන් සියලු දෙනාගේම මාපිය දෙදෙනා තැලිසිමියා රෝග වාහකයෝ ය. එක් අයෙක් රෝග වාහකයෙක් නොවුයේ නම් ඔවුනට දාව උපදින දරුවා තැලිසිමියා රෝගියෙක් නොවනු ඇත. ගැබිනි සාහන වලදී මවුවරුන් පිරික්සීමේදී  ඔවුන් සමහරෙක් තැලිසිමියා රෝග වාහකයින් බව පෙනී ගියද, සැමියා තැලිසිමියා රෝග වාහකයෙක් නොවේ නම් ඔවුන්ට දාව උපදින දරුවන් එම රෝගයට ගොදුරු නොවනු ඇත..

   

No comments:

Post a Comment